Friday, December 29, 2017

2018 වසර ලග්න 12ට පොදුවේ,



-
පොදු පලාපලයක් පමණි !
-

● මේෂ
ආර්ථිකය -
තම ආර්ථික තත්ත්වය අඩු වැඩි නොවන ලෙස පවත්වා ගෙන යාමේ හැකියාව ඔබට මෙම වසරේ  ලැබිමට ඉඩ ඇත. දියුණුව සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග  සාර්ථක වීමේ ප්‍රවණතාවක් මෙම කාලයේ දැකිය හැක.
රැකියාව -
මෙතෙක් ප්‍රමාද ව තිබූ රැකියා ලැබීමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද ව තිබූ තනතුරු වරප්‍රසාද ලැබීමට ද වැඩි ඉඩක් ඇති කාලයකි. රැකී රක්ෂා වල මෙතෙක් තිබූ කරදර බාධක තත්වයන් ඉවත් වී යාමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතය -
නිවාස ඉදිකිරීමට ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන කාලයකි. තම පවුල තුළ තිබූ සුළු සුළු සිත් අමනාපකම් දුරු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය-
ඔබගේ අධ්‍යාපන තත්ත්වය පෙරට වඩා සාර්ථක කර ගැනීමටද, උසස් අධ්‍යාපන කටයුතු මනා ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමටද හැකියාව ලැබීමට ඉඩ ඇත. පපුවේ අසනීප වැඩිපුර ඇති වීමට ඉඩ ඇති කාලයකි.
       -

● වෘෂභ
  ආර්ථිකය -
ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වය පැවතීම හේතුවෙන් ඔබට ආර්ථික අපහසුතා ඇති විය හැක. මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩු වී යෑමට ඉඩ ඇත. එහෙත් වසරේ අග භාගය වන විට යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියාව -
රැකියා ස්ථානයේ තිබෙන ගැට‍ළුදායක තත්ත්වයන් වැඩිවීමට  ඉඩ ඇත. රැකියා ලබාගැනීමට  බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා තරමක් යහපත් කාලයක් උදා විය හැක. ඇති වී තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු වේ.
ගෘහ ජීවිතය -
ගෙදොර ඉඩකඩම් වල හිමිකම් ලබාගැනීමේ දී ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත තරමක් පළුදු විය හැක.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි කාලයක් විය හැක. එහෙත් උසස් අධ්‍යාපනයට වරම් ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති විය හැක. උගුර ආශ්‍රිත රෝග සෙම් රෝග බහුලව වැලඳිය හැක.

    -

● මිථුන
  ආර්ථිකය -
යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නමුත් වසර අවසාන කාලයේ ආර්ථික අපහසුතා ඇති විය හැක. ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතුය.
රැකියාව -
රැකියා ස්ථානයේ කටයුතු කරන ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක. රැකියා වලට ඉල්ලුම් කරන තරුණ තරුණියන්ට යහපත්  රැකියා ලැබීමට වැඩි ඉඩක් ඇත. රැකියා ස්ථානයේ ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතය -
ගේ දොර ඉඩකඩම් පිළිබඳව තිබූ ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබිය හැක. ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය -
ඉගෙනීම් කටයුතුවලට ඇති උනන්දුව වැඩිවීමට ඉඩ ඇත. ඒත් උසස් අධ්‍යාපනයේදී තරමක් බාධා ඇති වීමට ද ඉඩ ඇත. දත්  සහ ඇස් වල අසනීප බහුලව ඇති වීමට ඉඩ ඇත.


   -
● කටක
  ආර්ථිකය   -
තිබෙන ආර්ථික අපහසුතා වලට විසඳුම් සොයා ගැනීමට ඉඩ ලැබිය හැක. බලාපොරොත්තු ආර්ථික ඉලක්ක කරා යොමු වීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාව -
රැකියා ස්ථානයේ තිබූ කරදරකාරී තත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු අයට සුබ පල ගෙන දෙන කාලයක් විය හැක.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපන කටයුතුවල පෙර පැවති බාධාකාරී තත්වයන් අවම වී යයි. කාලයකි. උසස් අධ්‍යාපනයටද වරම් හිමි වන කාලයක් විය හැක.
උදරාබාධ  සහ හිසේ කැක්කුම් බහුලව ඇති වීමට ඉඩ ඇත.


    -
● සිංහ
ආර්ථිකය -
ආදායම් මාර්ග වලට බාහිර කරදර ආර්ථික අපහසුතා ඇතිවීමට ඉඩ ඇත. වසර අවසානයේ සාමාන්‍ය ආදායම් තත්ත්වයක් බලාපොරොත්තු වීමට හැකි කාලයකි. ආදායම් මාර්ගවල මාර්ග වල තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමට වග බලා ගත යුතුය.
රැකියාව -
තමන් කරගෙන යන  රැකියා කර්මාන්ත වලට බාහිර බලපෑම් එල්ල විය හැක. කල්පනාකාරීව කටයුතු කල යුතුය.  රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය -
ගේ දොර සමගියට තිබූ බාධා ඉවත් විය හැක. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇති වීමට හෝ තිබෙන සබඳතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
තම අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති වීමට ඉඩ ඇති කාලයකි. අධ්‍යාපන කටයුතු වලද යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට පෙරට වඩා වෙහෙසීමට සිදු විය හැක.  එහෙත් ලෙස වසර අවසාන කාලය වන විට යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට ඉඩ ලැබේ. මානසික ආතතිය වැඩි වීමට ඉඩ ඇත.


-

● කන්‍යා 
  ආර්ථිකය  -
මෙම වසරේ තම ආදායම් තත්ත්වය වර්ධනය විය හැකි අතර ඔක්තෝම්බර් වනතුරු සුබ පල  ගෙන දීමට ඉඩ ඇත. ඉතුරුම් ධනය වැඩි කර ගැනීමට සහ ඉතිරි කර ඇති ධනයෙන් යම් ප්‍රතිඵලයක් ගැනීමට අවස්ථාවක් උදා විය හැක. 
රැකියාව -
උසස් වීම් තරග විභාග ආදියට යොමු වීමට උත්සාහ දැරූ අයට ඒ සඳහා අවස්ථා උදා විය හැක.  කරන රැකියාවට තිබූ බාධා ඉවත් වේ. නව රැකියා සොයන අයට තමන්ට සුදුසු රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය - 
තම ගමන් බිමන් වැඩිවිමටද  පදිංචිය වෙනස් වීමටද කරුණු යෙදීමට ඉඩ ඇති කාලයක් විය හැක. පවුලේ සමගිය වර්ධනය විය හැක. නව මිතුරන් මුණගැසීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය විය හැක. උසස් අධ්‍යාපනයෙදි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත. සෙම් අමාරු මානසික පීඩා ඇරුණු කොට තදබල අසනීප නො යෙදේ.      
     
   - 


● තුලා 
ආර්ථිකය - 
සමාජ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. තම ආදායම් මාර්ග වල මෙතෙක් තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට යොමු වීමට හැකියාව ලැබෙන කාලයකි. 
රැකියාව -  
රැකියාවේ ස්ථාන මාරු වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කර රැකියාවේ තිබෙන ගැට‍ළුදායක තත්වයන් නිරාකරණය කර ගත යුතුය. 
ගෘහ ජීවිතය -  
ගේ දොර දියුණුව පිළිබඳ පෙරට වඩා වෙහෙසීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. ඉඩම් හා නිවාස වල උරුම කම් හිමිකම් ලබා ගැනීමට උත්සාහ දරන අයට මෙම වසර යහපත් වීමට ඉඩ ඇත. 
අධ්‍යාපන සහ සෞඛ්‍යය - 
දරුවන්ගේ අධ්‍යාපන තත්වයට පෙර තිබු බාධා ඉවත් වීමට ඉඩ ඇත. අධ්‍යාපනය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්න කාලයක් වීමට ඉඩ ඇත. කොඳු ඇට පෙළ ආශ්‍රිත අසනීප වැළඳීමට ඉඩ ඇත. 

  -
● වෘශ්චික 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක තත්ත්වය අවසන් වසර 2 හමාර දැනට ගත කරමින් සිටින ඔබට. මෙම වසරේ වියදම තරමක් අධික වීමට ඉඩ ඇත. වියදම තරමක් පාලනය කර ගැනීම තුළින් යහපත් ආදායම් තත්වයක් උදා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නිවාස ඉඩම් මිල දී ගැනීමට අවස්ථා උදා විය හැක. 
රැකියාව - 
රැකියාවේ තිබූ බාධා සියල්ල ඉවත් වී යාමට ඉඩ ඇත. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වීමට වැඩි ඉඩක් ඇත. රැකියා සොයන තරුණ තරුණියන් ගේ සිහින සැබෑ වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය -  
ගෙදර සමගිය වර්ධනය විය හැක.  ගුරු දශාව ගත කරන අයට ගෘහ ජීවිතය සම්බන්ධ කරුණු කාරණා වල දී වැඩි වශයෙන් සුබ පල ලැබීමද ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -  
මෙම වසර මුල් කාලයේ දී අධ්‍යාපනය ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධා ඇති වුවද ඔක්තෝම්බර් මාසයෙන් පසුව එම තත්ත්වය සමනය විය හැක. දත් වල අසනීප, සෙම් අමාරු ඇතිවීමට ඉඩ ඇත. 


     - 
● ධනු 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක අපල තත්වය ඉදිරියට වසර 5ක කාලයක් බල පවත්වයි. වැඩිදුර නොසිතා ගනු ලබන තීරණ වලින් ආදායම් මාර්ග වලට  පාඩු සිදු වීමට ඉඩ ඇත. දෙවරක් සිතා බලා තම වැඩ කටයුතු කිරීම තුල මෙම අසුබදායක තත්වය පාලනය කර ගත හැක. නව ආදායම් මාර්ග වලට යොමු වීම නොකල යුතුය. 
රැකියාව - 
රැකියා ස්ථානය තුළ නොසිතූ  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. එම නිසා රැකියාවේ ද බාධා ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා ලැබිමට ඇති ඉඩ කඩ අඩු කාලයකි. රැකියා ස්ථානයේ තීරණ ගැනීමේ දී ප්‍රවේසම් විය යුතුය. 
ගෘහ ජීවිතය -
නිවාස ගේ - දොර පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන කාලයක් වීමට ඉඩ ඇත. පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට සිදුවන  කාලයක් වීමට ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපනයේ මෙතෙක් තිබූ ගැටලු බාධා ඉවත් වී යාමට ඉඩ ඇත. ඔබගේ  අධ්‍යාපනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමට සිඳුවේ. හිස ආශ්‍රිත අසනීප වලට ගොදුරු වීමට ඉඩ ඇත. 

    - 
● මකර 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක තත්වය ආරම්භ උවද  බුධ, සිකුරු දශා ගත කරන අයට යාන වාහන මිල දී ගැනීම් ඉඩකඩම් මිලදී ගැනීම් ගැනීමට අවස්ථා උදා විය හැක. ආර්ථික තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා විය හැක. 
රැකියාව -  
රැකියාවේ  මෙතෙක් ඉදිරියට යාමට තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත. එහෙත් වසර අවසානයේ තරමක් බාධා ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය - 
ගෘහ ජීවිතයේ මෙතෙක් කර ගෙන ආ වැඩ කටයුතු සාර්ථක ව ඉදිරියට කර ගෙන යාමට ඉඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගිය උදෙසා ගනු ලබන තීරණ සාර්ථක වීමට ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
අධ්‍යාපන තත්ත්වය යම් දුර්වලතා පැවතියද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම අසුබ පල දායක තත්වයන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. උගුර සහ පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති වීමට ඉඩ ඇත. 

    - 
● කුම්භ 
ආර්ථිකය -
ආදායම් මාර්ග වල තිබෙන දුර්වලතා මඟ හරවා ගෙන, ආර්ථික වශයෙන් ඉහළට යාමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ ඇත. නව ව්‍යාපාර හෝ ආදායම් මාර්ග ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා යහපත් වසරකි. 
රැකියාව -
තම රැකියා ආයතනයේ තිබෙන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට වැඩිපුර වෙහෙසෙන කාලයක් වීමට ඉඩ ඇත. නව රැකියා බලාපොරොත්තු සිටින අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය -
ගෘහ ජීවිතයේ මෙතෙක් තිබූ කරදර බාධක වලින් මිදීමට හැකි වන කාලයකි. ඉදිරි අනාගතය උදෙසා පියවර රාශියක් ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. 
සෞඛ්‍යය සහ අධ්‍යාපනය -
තම සෞඛ්‍යය තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන  යාමට හැකි වුවද   කොන්ද ආශ්‍රිත අසනීප සහ ගෙල ආශ්‍රිත අසනීප ඇතිවීමට ඉඩ ඇත.
අධ්‍යාපන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. 

   - 
● මින 
ආර්ථිකය -
  තම ආදායම් තත්ත්වය සමබරව  පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන කාලයක් බැවින් දියුණුව උදෙසා තීරණ ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. ණය හෝ මූල්‍යමය උපකාර ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ද ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදා විය හැකි කාලයක් වේ. 
රැකියාව -
තම රැකියාවල උසස් වීම් වෙනස් වීම් සිදුවීමට ඉඩ ඇති කාලයකි. එසේම තම වෘත්තිය ස්ථීර කර ගැනීමටද යම් ඉඩක් ලැබිය හැක. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ඉල්ලුම් කිරීමට මෙන්ම ඉල්ලූම් කර ඇති රැකියා ලැබීමට ඉඩ ඇති කාලයකි. 
  ගෘහ ජීවිතය -
ගේ දොර වැඩ කටයුතු නිමා කර ගැනීමටද ඉඩ ලැබෙන විට නිවාස අලංකරණය සඳහා සිත යොමු වන කාලයක් වීමට ඉඩ ඇත. අසල්වාසීන් නෑදෑ  හිතමිත්‍රාදීන් ගේ ඇප උපකාර ලැබීමටත්,  ඔවුන්ට උදව් උපකාර කිරීමටත් ඉඩ ලැබෙන කාලයක් විය හැක. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
ඉගෙනුම ලබන දරුවන් ගේ අකීකරු කම් නිසා අධ්‍යාපන තත්ත්වයට බාධා ඇති වීමට ඉඩ ඇත. දණහිස් ආබාධ උදර ආබාධ ඇති වීමට ද ඉඩ ඇති කාලයක් වේ. 
     

Facebook ඉරු සේවය !

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment