Saturday, November 4, 2017

“ සිකුරු මාරුව “


-
ලග්න 4 කට මාලවී යෝගය උදා කරවමින් ග්‍රහ ලොව මනාලිය අද රාත්‍රියේ කන්‍යා රාශියේ සිට තුලා රාශි ගතවේ. 2017/11/03 සිට 2017/11/26 දක්වා තුලා රාශියේ ගෝචරය වේ.
-
ලංකා කුම්භ ලග්න කේන්දරයේ සිකුරු ග්‍රහයා 9 වැන්නේ ගෝචර වේ. ඒ අනුව දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩු වීමට ඉඩ ඇත.

ලග්න 12ට පොදුවේ මේ ආකාර වෙයි.

-
● මේෂ

  මේෂ ලග්නයේ සිකුරු 7 වැන්නේ ගෝචරවේ.
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. කෙසේ හෝ තම කටයුතු කර ගෙන යාමට අවස්ථාවක්  උදාවිමට ඉඩ ඇත.
රැකියාවෙ තම හැකියාවෙන් එලිදැක්විමටත්, පිරිස් පාලනයට හැකි වෙයි. නව රැකියා ලැබෙන කාලයක් විය හැක.
යුග දිවිය සාර්ථක කර ගෙන ඉදිරියට යාමට හැකියාව ඇති කාලයකි.

-
● වෘෂභ
  වෘෂභ ලග්නයේ සිකුරු 6 වැන්නේ ගෝචරවේ.
ආර්ථිකයෙ කඩාවැටීම්, ආදායම් මාර්ග වල ඇනහිටිමි පෙන්නුම් කරයි.
රැකියා ස්ථානයේ දෝෂාරෝපණ  එල්ල විය හැක. රැකියාව එපා වීමට ඉඩ ඇත.  රියදුරු ආදි රැකියා කරන අයට ඉතාමත් අසුබ කාලයකි.
ඥාතීන්  සමග ගැටුම් ඇති විය හැක.  හදිස්සි අනතුරු සෞඛ්‍ය  සම්බන්ධ ගැටලු ඇති වීමට ඉඩ ඇත.

    -

● මිථුන
මිථුන ලග්නයේ 5වැන්නේ සිකුරු ගෝචරවේ.
ව්‍යාපාර වලට තරමක් සුබ කාලයකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ  තම සතුරන් පරාජය කර ඉදිරියට යාමට හැකි වේ.
රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ඉල්ලුම් කර ඇති අයට රැකියා ලැබිමට ඉඩ ඇත.
  ගෘහ ජීවිතයේ යටිබඩ ආමාශ ගත රෝග  හට ගැනීමෙ අවදානමක් ඇත, ප්‍රවේසම් විය යුතුය.



   -
● කටක
කටක ලග්නයේ සිකුරු ග්‍රහයා 4 වැන්නේ ගෝචරවේ.
ආදායමි මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. තිබු බාධා ඉවත් වේ. ලොතරැයි ජයග්‍රහණ ආදියට අවස්ථාව උදාවෙයි.
රැකියා බලාපොරොත්තු ඉටු විය හැක.  ලිපි කටයුතු ආශ්‍රිත   රැකියා කරන අයට ඉතාමත් සුබ කාලයකි. උනන්දුව වැඩි විය හැක.
පවුලේ සමගිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. මංගල යෝග උදා වේ.
 
    -
● සිංහ
සිංහ ලග්නයේ සිකුරු 3 වැන්නේ ගෝචරවේ.
   බාධා ජය ගැනීමට හැකි වේ. භූමි  උරුම කම් ලබා ගැනීමට  ඒවා නිරාකරණය කර ගැනීමට හැකි කාලයක් විමට ඉඩ ඇත.
රැකියාව  බාධා මැද කර ගෙන යාමට හැකි කාලයක් විය හැක. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
පවුලේ සමගියට තරමක බාධා පැමිණේ කල්පනාකාරීව කටයුතු කල යුතුය.

     -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ සිකුරු 2 වැන්නට පැමිණේ.
ආදායමි මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. බලාපොරොත්තු සපල කර ගැනිමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.  රැකියාවේ පෙරට යාමේ ගති වැඩි වන කාලයකි.
මිතුරන් ඥාතීන්  අතර හොඳ හිත වර්ධනය  වෙයි. පවුලේ සමගිය පෙරට වඩා වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයකි.

   
   -
● තුලා
   තුලා  ලග්නයේ සිකුරු ලග්න ගතවේ.
ආදායම් මාර්ග පුළුල් කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. මුදල් සම්බන්ධව තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන කාලයකි.
නව රැකියා අවස්ථා නිර්මාණය වීමට ඉඩ ඇත. රැකියා වල නිරත අයට උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
ආදර සබඳතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යාමට ඉඩ ලැබිය හැක.
 
-
● වෘශ්චික
     වෘශ්චික ලග්නයේ සිකුරු ග්‍රහයා 12 වැන්නට පැමිණේ.
ආදායම වැඩි කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වන කාලයකි. නැතහොත් ආදායමට වඩා වියදම වැඩි වන කාලයකි.
රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදාවෙයි.  උසස් විම් තරග විභාග  ප්‍රමාද විය හැක.  මහන්සියේ තරමට ප්‍රතිඵල නො ලැබේ.
පවුල තුල හොඳ හිත වර්ධනය  වන කාලයකි. විනෝද ගමන් බිම්වලට යාමට අවස්ථා උදා කර ගත හැක.


     -
● ධනු
ධනු ලග්නයේ සිකුරු 11 වැන්නේ ගෝචරවේ.
    ආර්ථික ගැට‍ළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන කාලයක් විය හැක. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වා ගෙන යාමට හැකි වේ.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි කාලයක් විය හැක.  රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ. විදෙස් ගත විම් වලට යහපත් කාලයකි.
පවුලේ සමගිය වර්ධනය  වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ .

    -
● මකර
මකර ලග්නයේ සිකුරු 10 වැන්නේ ගෝචරවේ.
    නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත. වියදම් පාලනය කර ගත යුතුවේ. නැතහොත් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
නව රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැට‍ළු විසඳා ගැනීමට හැකි වේ.
ගෘහ ජීවිතයේ දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක් වීමට ඉඩ ඇත. පවුල් ජීවිතයේ සමගියට බාධා පැමිණීමට ඉඩ ඇත.
    -

● කුම්භ
  කුම්භ ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ.
ආර්ථික වාසි වැඩි වශයෙන් කුඩා වීමට ඉඩ ඇත. නව ව්‍යාපාරික අවස්ථා හවුල් ව්‍යාපාර කරන අයට යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
රැකියාවේ උසස් වීම් තරග විභාග ආදිය බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා සුදුසු අවස්ථා  ලැබිමට  ඉඩ ඇත.
මංගල යෝග උදා වේ. ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක විය හැක.  

   -
● මින
  මීන ලග්නයේ සිකුරු 8 වැන්නේ ගෝචරවේ.
ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදුවීමට ඉඩ අත. එසේම ගනුදෙනුවල දී ප්‍රවේසමෙන් කටයුතු කලයුතුය.
රැකියාවෙ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ. දුර බැහැර  ගමන් යෙදේ නව රැකියා ප්‍රමාද වේ.
පවුල වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමට සිදුවේ. තම පවුල් ජීවිතයේ  සමගිය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමට සිදුවිය හැකි කාලයකි.
-
   

No comments:

Post a Comment