Friday, November 24, 2017

“ බුධ මාරුව “



-
ග්‍රහ ලොව ගුරුතුමා වන ගුරුගේ  නිවසට/  ධනු රාශියට ශිල්ප හැදෑරීමට ග්‍රහ ලොවේ කුමාරයා වන බුධ ග්‍රහයා  පැමිණේ.
2017/11/23 සිට 2017/12/11 දක්වා ගුරු ගේ රාශියේ ගෝචර වේ.
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 11 වැන්නට බුධ ග්‍රහයා පැමිණේ.
ඉගෙනීමට උත්සාහ දරන කුඩා දරුවන්ට සුබ පල ගෙන දෙන කාලයකි. තවද රටේ ඇති අර්බුද ටික කාලයකට සමනය වීමටද ඉඩ ඇත.

-
● මේෂ
මේෂ ලග්නයේ බුධ  9 වැන්නට පැමිණේ.
තමන්ගේ ආර්ථික තත්වය තරමක් දුරට පහළ බැසීමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලදී ඉතා ප්‍රවේසම් විය යුතුය.
රැකියා ස්ථානයේ මෙතෙක් තිබූ කරදර බාධක අඩු විය හැක. නව රැකියා බලාපොරොත්තු වන අය ගේ බලාපොරොත්තු සඵල වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පෙර පැවති අසමගිකම් සමනය වීමට ඉඩ ඇති කාලයකි. පිට කොන්ද ආශ්‍රිත අසනිප තරමක් වැඩි විය හැක.
     
-
● වෘෂභ
  වෘෂභ ලග්නයේ බුධ 8 වැන්නට පැමිණේ.
ඔබගේ ආදායම් තත්වයට සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ ඇති කාලයකි. නව ආදායම් මාර්ග වලට යොමු වීමේදී දෙවරක් සිතා බැලිය යුතුය.
රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත . රැකියා ස්ථානයේ කාර්යබහුල බව වැඩි විය හැක.
ගෘහ ජීවිතයේ විශ්වාසය පළුදු වීමට කාරණා යෙදිය හැක. ප්‍රේම සබඳතා වල ගැටලු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයකි.    

    -

● මිථුන
මිථුන ලග්නයේ බුධ 7වැන්නට පැමිණේ.
තරමක් බාධා ඇති වුවද තම ඉලක්ක ගත ආදායම් තත්වයන් කරා ලඟා විය හැක. නව ආදායම් මාර්ග උදා විය හැක.
නව රැකියා අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින අයට සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ප්‍රේම සම්බන්ධතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. පවුලේ සමගිය වර්ධනය වේ.


   -
● කටක
කටක ලග්නයේ බුධ 6 වැන්නට පැමිණේ.
   දුර දිග නොසිතා  ගනු ලබන තීරණ නිසා තම ආදායම් මාර්ග වලට පාඩු සිදු වීමට ඉඩ ඇත.
නව රැකියා අවස්ථා වලට යොමු විමට ඇති ඉඩ නැති විය හැකි කාලයකි.
ගෘහ ජීවිතයේ තමන් ගනු ලබන තීරණ තමන්ටම අවාසි සහගත වීමට ඉඩ ඇත.
 
    -
● සිංහ
සිංහ ලග්නයේ බුධ 5 වැන්නට පැමිණේ.
   ආදායම් මාර්ගවලට යොමු වීමේදී මෙතෙක් පැවති දුර්වලතා මග හරවා ගැනීමට හැකියාව ලැබෙන කාර්යයන් කිරීමට ඉඩ ඇත.
නව රැකියා සොයන අයට තම සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. රැකියා කරන අයට වෙනදාට වඩා යහපත් කාලයක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබිය හැකි කාලයකි. දෙමව්පියන්ගෙන් පැසසුම් ලැබිමට ඉඩ ඇත.


     -
● කන්‍යා
  කන්‍යා ලග්නයේ බුධ 4 වැන්නට පැමිණේ.
  නිවාස ඉඩකඩම් ආශ්‍රිතව තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට වැඩි ඉඩක් ලැබිය හැක. ඉඩම් මිල දී ගැනීමට සුබ කාලයකි.
රැකියා කරන අයට උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩ ලැබේ.  නව රැකියා අවස්ථා උදාවීමට වැඩි ඉඩක් ඇත.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය විය හැකි කාලයකි.  දෙමව්පියන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.

   
   -
● තුලා
තුලා ලග්නයේ බුධ 3 වැන්නට පැමිණේ.
  වචනය නිසා තමන්ට අවාසි සහගත සිදුවීම් සිදු විය හැකි කාලයකි.  ආර්ථික ගැටලු විසඳා ගැනීමට පියවරක් ගැනීමට  සිදු විය හැක.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා ගැටලු ඇති විය හැක.  රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගියට බාධා පැමිණීමට ඉඩ ඇත. යහපත් මංගල යෝග උදා වේ.


  -
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ බුධ 2 වැන්නට පැමිණේ.  
  ආර්ථික ගැටලු නිර්මාණය විය හැක.  ආදායම් මාර්ග වලින් ලැබෙන ආදායම් තත්වය අඩු වන කාලයක් විය හැක.
රැකියා ස්ථානයේ ඇති වන ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට සිදුවනව.  නව  රැකියා ප්‍රමාද විය හැක.
ගෘහ ජීවිතයේ  අසල්වැසියන් සමග ගැටලු ඇති විය හැකි කාලයකි.  

     -
● ධනු
ධනු ලග්නයේ බුධ ලග්න ගතවේ.
  ආර්ථික මට්ටම යහපත්ව  පවත්වා ගෙන යාමට හැකි වේ. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වේ. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලටද අවස්ථා උදා විය හැක.

  -

● මකර
මකර ලග්නයේ බුධ 12 පැමිණේ.
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත.
රැකියාවට තරමක් බාධා මතු වේ, කල්පනාකාරී විය යුතුය. රැකියා ස්ථානයේ මිතුරන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේදී ප්‍රවේසම් විය යුතුය.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය. ආදර සබඳතා වලට බාධා මතු විය හැක.
   
-
● කුම්භ
කුම්භ ලග්නයේ බුධ 11 වැන්නට  පැමිණේ.
ආදායම් මට්ටම යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේ වෙනුවෙන් කාලය හා මුදල් යෙදවීමට සිදු විය හැක.
රැකීරක්ෂා පිළිබඳ උනන්දුව අඩු වීම රාජකාරි අතපසු වීම් වැනි තත්ව  නිර්මාණය විය හැක. රැකියා සොයන අයට රැකියා ලැබීම ප්‍රමාද වේ.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා විය හැකි කාලයකි.

   -
● මින
මීන ලග්නයේ බුධ  10 වැන්නට පැමිණේ.
දියුණුව වෙනුවෙන් පියවර ගන්නා කාලයකි. එසේම මුදල් නාස්තිය අවම කර ගැනීමට කටයුතු කල යුතුය.
රැකියාවට සුබ කාලයක් වීමට ඉඩ ඇත. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතය තුල ඉක්මන් තීරණ ගැනීම ගැන සැලකිලිමත් විය යුතුය. විනෝදයට සිත යයි. පවුල් ජීවිතය තුල වෙනසක් ඇති වීමට ඉඩ ඇත.
   
  -

irusewaya

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment