Sunday, March 1, 2015

සතියේ ලග්න පලාපලය - මාර්තු 2 සිට

●  මේෂ
ඔබට මේ සතිය සුභයි.
විශේෂයෙන්ම ඉතාම ශුභ බව කිව යුතුය. ආර්ථික තත්වය ඉහලට ගෙනයාමට ඔබට හැකියාව ලැබේ. සියලු කටයුතු වලට ආධාර උපකාර භෞතික වශයෙන්ද ලැබේ. ව්‍යාපාර කරන අයට විශේෂ වශයෙන් සුභයි. සතිය අගදි සතුරු කරදරයක් ඇතිවිමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්පනාකාරිවන්න.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවේ. නිවසට අලුත් බඩුමුට්ටි ගැනීමට හැකියාව ලැබේ.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවතින අතර, සෙම් අමාරු ඇති අය තරමක ප්‍රවේසම් විය යුතුය.
සතිය අගදී උදරාබාධ සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම මැනවි.

●  වෘෂභ
ගැටළුවක් නැති සතියකි.
ආර්ථික තත්වය යහපත් වන අතර, තමන් කරන කියන කටයුතු වල දියුණුව අනිවාර්යෙන්ම ඇතිවෙයි. එමනිසා ආදායම ඉපයීමට මෙන්ම තිබෙන මුදල් රැකගෙන ඉදිරියට යෑමටත් ඔබට මෙම සතියෙදි පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. ඒ සම්බන්ධව ගැටළුවක් නොමැත. එසේම ඔබගේ ජිවිතයේ වටිනා අවස්ථාවකට සහභාගි වීමට මේ සතියෙදි සිදුවේ.
සෙම් අමාරු මිස වෙනත් ගැටළුවක් නැත.

●  මිථුන
මේ සතිය ඉතාම ශුභ සතියකි.
තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් කෙරෙන සතියකි. ආර්ථික තත්වය යහපත් වේ. දියුණුව ඇතිවේ. හිතවතුන්ගෙන් මිතුරන්ගෙන් දියුණුවට උදව් උපකාරද ලැබේ.
ගෘහ ජිවිතය මේ සතිය තුල ඉතාම ප්‍රීතිමත් වන බව කිව යුතුයි. මන්ද හිතවතුන් මිත්‍රයන් නිවසට පැමිණීම නිසා සිතට ප්‍රීතිය ගෙන දෙයි. ඔබට මේ සතියෙදි අලුත් ඥාති මිතුරු සම්බන්ධකම් ඇතිවිමට ඇති ඉඩකඩ වැඩිය.
සෞඛ්‍ය තත්වය හොදයි. සතිය මැදදී උදරාබාධ සම්බන්ධව සැලකිලිමත් වන්න.

●  කටක
ඉතාම වාසනාවන්ත සතියකි.
මේ සතිය තුලදී ඔබගේ ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. ඔබ වෙළද ව්‍යාපාර කරන අයෙක් නම්, එසේත් නොමැති නම් මුහුදින් එතෙර වැඩ කරන කෙනෙක් නම්, ඔබට සුභදායක සතියකි. කටක ලග්නයේ පිරිමි පාර්ශවයේ ඔබට ගැහැණු අයගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන අතර, මේ සතිය මුළුල්ලේම ප්‍රිය සම්භාෂණ ප්‍රීති උත්සව ආදියට සහභාගි විමට ඔබට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය නම් සෙම් ගෙඩි සහ සමහරවිට සෙම නිසා ඇතිවන හිසරදය ඔළුවෙ කැක්කුම ආදිය ඇතිවිමට පුලුවන්.

●   සිංහ
හොඳ සතියකි.
සතියේ මුල් දවස් 2 එතරම් ප්‍රතිඵල පෙන්වන්නේ නැති උනත් කල්යත්ම ඔබට එහි ප්‍රතිඵල ලැබේ. එය හොදයි.
පිටපලාත් වල කටයුතු වලින් දියුනුව ඇතිවේ. දේපල සම්බන්ධව ලැබීම් මේ සතියෙදි හිමිවන්නට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවෙයි. දුර පලාත් වලට යෑමට හැකියාව ඇත. මේ සතියෙදි පරණ හිතවතෙකුගේ හමුවීම සිදුවෙයි.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවන අතර, සතිය අගදී වතුර නිසා අපිරිසිදු ජලයෙන් බෝවන රෝගයක් වැළදීමට පුලුවන(පාචනය වැනි), අවධානමත් වන්න.

●   කන්‍යා
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 2දි තිබු ආර්ථික ප්‍රබෝධය සතිය මැදදී නැතිවී යයි. ඒනිසා ණය තුරුස් ඇතිවිමට ඇති ඉඩකඩ බොහෝමත්ව වැඩියි. ඒ ගැන ඔබ කල්පනා කල යුතුය. තමන් ණයට දුන් මුදල් නොලැබීමට ඉඩ ඇත. මේ සතියේ මැදදී ඔබ ගනුදෙනු කිරීම ප්‍රවේසම් සහගතව කල යුතුය. මන්ද ඔබට එයින් යම් ගැටළුවක් ඇතිවිමට පුලුවන් නිසාය.
ගෘහ ජිවිතය තුල එතරම් ගැටළුකාරි තත්ව නැතත් ඔබට සතිය මැදදී විවාහක ඔබගේ සමගියට යම්කිසි ගැටළුවක් ඇතිවිමට පුලුවන. ඒගැන කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත. නිදන්ගත රෝග ඇති අය කල්පනාකාරි වන්න.

●  තුලා
එතරම් සුභදායක නැත.
සතිය පුරාම ලැබීම වෙනුවට පාඩුව පෙන්වයි. විශේෂයෙන්ම ණය දීමේදි සහ ගැනීමේදි ආරක්ෂා විය යුතුය. තමන්ට අලාභ පාඩු සිදුවන්නේ තමාටවත් වටහා ගැනීමට නොහැකි වේ. එයින් ඔබ මානසිකවත් පීඩාවට පත්විමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය එතරම් ගැටළුකාරි තත්වයක නොපැවතියද කලකිරිම නිසා ඔබ දැඩි මානසික අසහනයකට ගොදුරු වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය, එතරම්ම අයහපත් නොවේ.

●  වෘශ්චික
ඉතාම සුභ සතියකි.
ඔබට දියුණුවට වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. මේ සතිය තුලදී තමන් කරන කටයුතුද ඉතාම සාර්ථක වෙයි. විශේෂයෙන්ම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට ඉතාම හොද බව කිව යුතුය. රක්ෂා නැති අයට රැකියා හිමිවීමද පෙන්වයි. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට පුලුවන් වේ.
ගෘහ ජිවිතයේ දියුණුව සැලසීම ප්‍රධානයි. ගෘහ ජිවිතය තුල සමගියෙන් සිටි නම් බොහෝ අපල උපද්‍රව අඩු කරගත හැක.
සෞඛ්‍ය සම්බන්ධව එතරම් පීඩා නැති වුවද නිදන් ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.

● ධනු
 සුභ සතියකි.
සතියේ මුල් දවස් 2 ඔබට තරමක ගැටළුකාරි තත්වයක් තිබුනත් ක්‍රමානුකූලව ඔබගේ ගැටළු විසදෙයි. විදෙස් රැකියා වල නියුතු ඔබටත්, වෙළද කටයුතු වල නියුතු අයටත් එකසේ වාසි සහගත තත්ව ඇතිවිමට වාසනාව ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර මේ සතියෙදි දුර බැහැර පලාත් වල සංචාරයද ඇතිවිමට පුලුවන්.
දරුවන්ගේ කටයුතු වලට වෙහෙස මහන්සි වීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. ඒ ගැටළුවක් ප්‍රශ්නයක් නැහැ.

● මකර
මේ සතිය වාසනාවන්තයි.
හවුල් ව්‍යාපාර ඉතාම සාර්ථක වෙනවා. රැකියාවේ සහ ව්‍යාපාරික කටයුතු වල දියුණුව සැලසෙනවා. මේ සතිය ආනයන අපනයන කරන අයට ඉතාම හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ප්‍රේම සබදතා සඵල වේ. තමන්ගේ දියුණුව සහ තමන්ගේ දරු පවුලේ දියුණුව මේ සතියෙදි ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය, එතරම් අයහපත් නැහැ. මකර ලග්න කුඩා දරුවන් ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලදි වෙනදාට වඩා වැඩි අවධානයකින් පරිස්සම් කරගන්න.

● කුම්භ
මේ සතිය එතරම් යහපත් නැත.
ඔබට මේ සතිය ආර්ථික වශයෙන් පාඩු ආදිය සිදුවන සතියකි. ඔබට මුදල් ලැබෙනු ඇත, එහෙත් ඒ සියල්ල වියදම් වී යාමට හැක. අරපරිස්සම් වන්න. එසේම තමන්ගේ තරමක පසුබැසීම නිසා ලැබිය යුතු මුදල් නොලැබී යාමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය වුවත් ලොකු වෙනසක් නැහැ. හිටිය විදියමයි. ආර්ථික පැත්ත යම්කිසි ගැටළුකාරි තත්වයක නිසා ඔබ නිවසේ සිටින්නෙත් ඒ ගැන කල්පනා කරගෙන විය යුතුය.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ, සෙම් රෝග, මුත්‍රා අමාරු ආදියෙන්ද නිදන්ගත රෝග ඇති අය නිසි වෙලාවට ඒ බේත් හේත් ආදිය ලබාගන්න.

● මීන
ශුභාශුභ මිශ්‍ර සතියකි.
සතියේ මුල් දවස් 2-3 කාලය ආර්ථිකයට අමාරුයි. සතිය පුරාම එම තත්වය දක්නට ඇත. සතිය පුරාම වෙනස් වන ආර්ථික තත්වයක් හිමිවනු ඇත. ලැබෙන දේවල් ප්‍රමාද වී ලැබීමට මේ කාලය බලපායි. ඔබගේ දියුණුවට ඔබ මහන්සි විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, සමහරවිට ඔබගේ දරුවන් අසනීප වීමට ඉඩ ඇත. එසේම සතිය මැදදී ඔබට තරමක පීඩාකාරි ග්‍රහ තත්වයක් ඇති බැවින් විමසිලිවත්ව කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් විය හැක. නිදන් ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න. නහර ආබාධ, ස්නායුගත රෝග එසේම හිසේ කැක්කුම් ඇති අය සැලකිලිමත් වන්න.








No comments:

Post a Comment