Sunday, March 29, 2015

සතියේ ලග්න පලාපය - මාර්තු 30 සිට

●   මේෂ
ඉතාම හොද සතියකි.
තමාගේ ආර්ථික තත්වය දියුණු වෙයි. කරන කියන කටයුතු වලින් ආදායම ලැබෙයි. එසේම තමන්ට හදිසි ධන ලාභයක් සතියේ මැදදී ලැබේ. ආර්ථික වශයෙන් ඵලදායක සතියකි.
ගෘහ ජිවිතයද ඉතාම හොදයි. ගෙදර ප්‍රීති උත්සව සංවිධානය වන කාලයකි. දරුවන්ගේ දක්ෂතා බලා සතුටු වීමට පුලුවන්. බොහෝමත්ම වාසනාවන්ත සතියකි.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ පපුවේ සෙම ආශ්‍රිතව සැලකිලිමත් වන්න.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
තමාගේ දක්ෂතාවයේ හැටියට මුදල් උපයා ගැනීමට පුලුවන්. ඒ අතරතුර පිටපලාත් වල කරන කටයුතු වලින් ලාභයක් ලැබිමට පුලුවන්. හොද සතියකි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, නිවසට උවමනා කරන්නාවූ සියලුම දේවල් මිලදී ගැනීමට හැකිවේ. එසේම ඔබට දරුවන්ගෙ කටයුතු වලින්ද සතුටක් ගෙනදේ. විනෝද ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ සෙම් අමාරු ආදිය ඇතිවිමට පුලුවන්.

● මිථුන
ශුභ සතියකි.
මේ සතියෙදි ආදායමට හොදයි. තමාගේ දක්ෂතාවයේ හැටියට මුදල් ලැබෙන අතර, දියුණුවට සහෝදරයන්ගෙන් හිතවතුන්ගෙන් මුදල් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, දුවාදරුවන් සමග විවිධ ප්‍රියසම්භාෂණ වලට හෝ චාරිකා වලට එක්වීමට ඉඩ ලැබේ. සහෝදරයන්ගේ සහ ඥාතින්ගේ පැමිණිම සිදුවේ.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. සෙම ආශ්‍රිත රෝග සහ යටි බඩේ රෝග සැලකිලිමත් වන්න.

● කටක
බොහෝම හොද සතියකි.
ඔබගේ කටයුතු ආර්ථිකයට අවශ්‍ය කරන සියලුම පහසුකම් මෙම සතියෙදි ඔබට ලැබේ. එසේ නම් ඔබගේ දියුණුවක් තිබේ.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් සමාදානයෙන් ගතවන අතර නිවසට අලුත් බඩු මුට්ටු ගැනීමටද පුලුවන. විවාහ කටයුතු වලට උනන්දුව සිටින අයට එම කටයුතු සාර්ථක කරගැනිමේ තත්වයක් වාසනාවක් උදාවේ.
සෞඛ්‍ය තත්වය හිසේ අමාරුව, සෙම නිසා සෙම කරවීම නිසා හිසේ කැක්කුම ඇතිවිය හැක. වාත වේදනා සම්බන්ධව සැලකිලිමත් වන්න.

● සිංහ
මේ සතිය මිශ්‍රපල සතියකි.
සතියේ මුල් දවස් 1-2 තුල ආදායමට වඩා වියදම අපේක්ෂා කල හැක. ඔබට එමනිසා ලැබෙන මුදල් ප්‍රවේසම් කරගැනිමට ඔබ උනන්දු විය යුතුය. නමුත් මේ තත්වය මුළුමනින්ම සතිය මැදදී වෙනස් වී ඔබගේ තත්වය යහපත් වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. සතියේ මුල් දවස් 2ක තුල යම් ගැටළු පැවතිය හැකි වුවද ඉන්පසු ලබන ග්‍රහචාරයත් සමග තත්වය වෙනස් වෙයි. දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිමටද හැක. නිවසේ ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමටද නියමයි. ඥාතින් නිවසට පැමිණීමට හැක.
සෞඛ්‍ය තත්වය එතරම් හොද තත්වයක් නොපෙන්වයි. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුය.

● කන්‍යා
මිශ්‍රඵල සතියකි.
සතියේ මුල් දවස් 2තුල කිසිම ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු වීමට නම් බැරිය. තමාගේ තිබුනු මුදල් වියදම් වීමට සහ අනවශ්‍ය ගමන් බිමන් යෙදීමට පුුලුවන. සිත කලබල වී තිබීම නිසා මුදල් වැයවීම උපරිම තත්වයේ තිබෙන බව කිව යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, ගෙදර දොරේ වියදම සම්බන්ධව කලකිරිමක් ඇතිවිය හැක. ඔබගේ කාර්යබහුලකම නිසා කටයුතු අතපසුවිය හැකි නිසා ඒ ගැන අවදානමත් වන්න.
සෞඛ්‍ය තත්වය මානසික ආතතිය එසේම කලබලය ආදි දේවල් නිසා ඔබට පාඩුවක් වීමට පුලුවන.

● තුලා
නරකක් නැති සතියකි.
ආර්ථික වාසි ඇතිවෙනවා. තමාගේ කරන රැකියාවේ හැටියට දියුණුවක් බලාපොරොත්තු වීමට පුලුවන්. එසේම හිතමිත්‍රාදින්ගෙන් උදව් උපකාරද ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර ඥාති හිතවතුන් නිවසට ඒමේ ප්‍රවණතාවය වැඩිය. එසේම ඔබට අලුත් හිතවත්කම් ගොඩනැගෙන කාලයකි, මේ කාලය.
සෙනසුරුගේ බලපෑමෙන් නහරගත වේදනා, කැක්කුම් ආදිය ඇතිවිමට ඉඩ ඇත. පරිස්සම් වන්න.

● වෘශ්චික
ඉතාම හොදයි.
විදෙස් රැකියා වල නියුතු අයටද, ජලයාශ්‍රිත කටයුතු කරන අයටද ඉතාම හොදයි. ණය තුරුස් අයවෙන කාලයකි. තමාගේ කටයුතු ඉතාම පහසුවෙන් කෙරෙයි. එසේම දියුණුව සැලසෙයි. ඉතාම හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර වැඩිහිටියන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට ඉඩ ලැබේ. ඔවුන්ට සැලකීමටද අවස්ථාව ලැබේ. පිනට දහමට යොමුවෙන කාලයකි. සිත ශාන්තිමත් වන කාලයකි.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● ධනු
හොද සතියකි.
සතියේ මුල් කොටසෙදි යම් ආර්ථික අපහසුතා තිබුනද සතිය මැද වන විට මේ තත්වය වෙනස්වෙයි. තමන් බලාපොරොත්තු වන දියුණුව ඇතිවෙයි. අලුත් ව්‍යාපාර වස්තුන් කෙරේ සිත ඇදී යයි. ප්‍රබල දෝෂයක් නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර අඹුසැමි ප්‍රේමය වර්ධනය වෙයි. තමාගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට උරුමහරුමකම් ලැබෙයි. සතිය අගදි දුරබැහැර ගමනක් යෑමට නියමිතයි.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොමැත.

● මකර
සමඵල සතියකි.
මේ සතියෙදි බොහෝ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගැනිමට පුුලුවන. හවුල් ව්‍යාපාර සහ ධනෝපායන මාර්ග නිසා ඔබගේ දියුණුව සැලසෙයි. නව ව්‍යාපාර ආරම්භ කිරිමට ඔබගේ සිත යොමුවෙයි.
ගෘහ ජිවිතයේ වරදක් නැහැ. මේ සතියෙදි අවිවාහක අයට මංගල යෝග උදාවීමද විවාහක අයට අඹුසැමි ප්‍රේමය වර්ධනය වීමද සිදුවෙයි. ඒ සම්බන්ධව ගැටළුවක් නොමැත.
සෞඛ්‍ය තත්වය යහපත්ය. සතිය මැදදී ජලයාශ්‍රිත රෝගාබාධ වැළදිමට පුලුවන් පරිස්සම් වන්න.

● කුම්භ
බාධක ඇති සතියකි.
ආර්ථික තත්වයට යම්කිසි සතුරු බලපෑම් නිසා එහි ගුණාත්මකභාවය පිරිහිමට පුලුවන. ඔබ මුදල් හම්බ කරනවාට වඩා එය රැකගැනීමට කටයුතු කිරිම අවශ්‍ය වේ. ණයට ගැනීමද, ණයට දීමද මේ සතියේදී හොද නැත.
ගෘහ ජිවිතයෙදි ඔබ මනා සංයමයකින් වැඩ කටයුතු කරන්න. එසේ නොමැතිවුවොත් ඔබට කිසියම් ආකාරයක පාඩුවක් විඳීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයද එතරම් යහපත් නැත.

● මීන
ශුභාශුභ මිශ්‍රපල සතියකි.
ඔබගේ කටයුතු වල යම්කිසි ගැටළුවක්, ඇතිවිමට පුලුවන. ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. ඔබට එහිද විශාල දුෂ්කරතා නැති වුවත් ගැටළුවක් ඇතිවිමට පුලුවන. ඒනිසා ප්‍රවේසම් සහගතව වැඩකටයුතු කිරීම ඔබ සතු වගකීමකි.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොමැත. නිදන්ගත රෝග ඇති අය ඒ සම්බන්ධව සැලකිමෙන් සිටින්න.

No comments:

Post a Comment