Monday, September 5, 2016

සතියේ ලග්න පලාපලය - සැප් 6 සිට

- පොදු පලාපලයක් පමණි. සැප්. 18 සිදුවන කුජ මාරුව පසුවන තුරු වඩා අවදානයෙන් සිටිම කාට කාටත් හොඳය.

-

● මේෂ
ඉතාමත් කල්පනාකාරිව සිටිය යුතු සතියකි. ව්‍යාපාර බිඳ වැටීමේ අවදානමක් පවති. ව්‍යාපාර කටයුතු වල අවුල් සහගත තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. රාහු, කුජ මහ දසා, අතුරු දසා ගත කරන අයගේ ව්‍යාපාර කැපී පෙනෙන ලෙස පහත වැටෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.
රැකියාවේ බලාපොරොත්තු බිඳ වැටිය හැක. අවුල් සහගත තත්වයක් උද්ගත විය හැක. උසස් වීම් බලාපොරොත්තු වූ අයට බලාපොරොත්තු නොවු අයුරට පසුබෑමකට ලක්විය හැක. ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවීමටද ඉඩ ඇත. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල මංගල යෝජනා ආදිය බිඳ වැටීමට හෝ ප්‍රමාදයන්ට ලක්වීමට සිදුවිය හැක. තරුණ - තරුණියන්ගේ සිත් කඩා වැටීමට සිදුවිය හැක. පවුල් ජිවිතය තුල මත ගැටුම් ඇතිවීමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයද පිරිහීමට ඉඩ ඇති නිසා අවදානමත් වන්න. හදිසි අනතුරු ඇතිවිමටද ඉඩක් පවතින බැවින් කල්පනාකාරි වන්න.

-

● වෘෂභ
මෙතෙක් තිබූ බාධා තත්වයන් මඟ හැරෙයි. කාලය සුභ අතට හැරෙයි. ව්‍යාපාර පෙර තිබූ යහපත් තත්වයන්ට ගෙන යාමට හැකි වේ. ව්‍යාපාර පරිපාලනය අතින් උසස් තත්වයන් ලගා කර ගැනීමට හැකි වේ. ව්‍යාපාරික මිතුරන්ගේ ඇසුරු කිරීම් නිසා ව්‍යාපාර පවත්වාගෙන යාම පහසු වේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා ස්ථානයේ අවුල් සහගත තත්වයන් මඟ හැරී සුභ කාලයක් උදා වෙයි. ප්‍රධානින්ගේ පැසසුම් වලට ලක් වෙයි. උගතුන්ගේත් බුද්ධිමතුන්ගේත් ඇසුර නිසා රැකියා ස්ථානයේ කැපී පෙනීමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල විවාහයන් ප්‍රමාද අයගේ ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. දෙමාපියන්ගේ ආශිර්වාද ලැබී මංගල යෝග උදා වේ. අධ්‍යාපනයෙන් ජය ලැබෙයි. තරඟ විභාග ආදියෙන් ජය මෙන්ම විදෙස් අධ්‍යාපනයට අවස්ථා උදා වේ.

-

● මිථුන
ව්‍යාපාරික තත්වය උසස් වෙයි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබෙයි. ව්‍යාපාරිකයන් අතර කැපී පෙනෙන වර්ධනයක් ලගා කරගත හැක. ව්‍යාපාරික මිත්‍ර සබදතා ගොඩ නැගෙයි.
පොලව සම්බන්ධ රැකියා කරන අයගේ තත්වය උසස් වේ.
උසස් වීම් තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. ආර්ථික වාසි හිමි වේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ ජයග්‍රහණ නිසා දෙමාපියන්ට සතුටු වීමට ඉඩ ඇත.
ගුරුවරුන් ඇසුරු කිරීම තුලින් දරුවන්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය වෙයි. පවුල් ජිවිතයේ මත ගැටුම් නිරාකරණය කර ගැනීමට හැකි සුභ කාලයකි.

-

● කටක
දේපල වාසනාව හිමි වෙයි.
ඉඩම්, ගෙවල් - යාන - වාහන යනාදිය මිලදී ගැනීමට සුභ කාලයකි. ඔබගේ ධනය තර වෙයි. නව ව්‍යාපාරික කටයුතු ආදියෙන් ජය ලබා ගැනීමට හැකියාව ලැබේ.
රැකියාවේ උසස් වීම් - තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කරන අයට වඩා සුබ කාලයකි. රැකියා ස්ථානයේ මිතුරු ඇසුර වැඩි වේ.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය වේ. ප්‍රිය සම්භාෂණ, උත්සව ආදියටද සහභාගි වීමට ඉඩ ලැබේ. උසස් මිතුරන් ඇසුරට ඉඩ ලැබෙයි.
අධ්‍යාපනයෙන් ජය ලබා ගැනීමට හැකියාව ලැබේ. තරඟ විභාග ආදියෙන් ජය ලැබිය හැක.

-

● සිංහ
නව ව්‍යාපාර වලට සුභ කාලයක් වෙයි. ව්‍යාපාර වල මන්දගාමි ස්වභාවයක් පෙන්නුම් කරයි. නව ජීවන රටාවකට යොමු වීමට ඉඩ ලැබේ. උසස් මිතුරන් ඇසුරට ලැබෙයි.
අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාර, අලෙවිකරණය ආදියෙන් ජය ලබා ගැනීමට හැකි වේ. ආර්ථික වාසි ඇති වේ.
රැකියාවේ තත්වය උසස් වෙයි. රැකියා ස්ථානයේ උසස් මිතුරන් ඇසුරු කිරීමට හැකි වේ.
ගෘහ ජිවිතය තුල විනෝද ගමන් බිමන් යෙදෙයි. මැති - ඇමතිවරුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙයි. දරුවන් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු උපත් අපේක්ෂිතය.
අධ්‍යාපන කටයුතු වලට සහ විදේශ ගමන් ආදියටද සුභ සතියකි.

-

● කන්‍යා
ව්‍යාපාරික සබඳතා ගොඩ නැඟෙයි. ව්‍යාපාර උසස් වේ. නව ව්‍යාපාර ආදියෙන් සුභ ඵල ලබා ගැනීමට හැකි සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරිමටද සුබ සතියකි. මූල්‍යමය ආයතන වලින්ද ආධාර - උපකාර ලැබේ.
රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදිය හැක, මහන්සිය වැඩි වන සතියකි. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ බසට අවනත වීමට සිදු වේ.
විදෙස් ගමන් බිමන් තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සමගිය වර්ධනය වේ. ආගමික කටයුතු - සමාජ සේවා කටයුතු ආදියෙන් උසස් ඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමටද ඉඩ ලැබේ.

-

● තුලා
අනාගත දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු වෙයි.
ව්‍යාපාර පුළුල් කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. ආදායම් තත්වය වර්ධනය වේ. දුර බැහැර ගමන් බිමන් ආදියෙන් සුභ ඵල ලබා ගැනීමට හැක.
රැකියා ස්ථානය මාරු වීමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට ඉදිරියට යාමට පියවරක් ගැනිමට සිදු වෙයි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. නෑයින් සමග, සහෝදරයින් සමග සමගිය සහ සබදතා වර්ධනය වෙයි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. සමාජයේ කැපී පෙනීමට හැකියාව ලැබේ. කාර්යබහුල බව වැඩි වන සතියකි.

-


● වෘශ්චික
කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක.
මත ගැටුම් ඇතිවීමටද ඉඩ ඇත. සතුරු කරදර මතු විය හැක. ව්‍යාපාරික කටයුතු වල තත්වය ඇණ හිටී.
රැකියාවේ කටයුතු වලදි ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත. කීර්ති නාමයට කැළැල් ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල හිත් පීඩා ඇති විය හැක. ආදර සබදතා බිඳී යා හැක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බොහෝ බාධා ඇතිවිය හැකි බැවින් දෙමාපියන් ඒ ගැන අවධානය යොමු කල යුතු වේ. පාසලේ කටයුතු වලදි වැරදි වලට හසුවීමට පසුබිමක් නිර්මාණය විය හැක. බුද්ධිමත් වන්න.

-

● ධනු
ව්‍යාපාර වල තත්වය බලාපොරොත්තු වූ ලෙස ගොඩ නගා ගැනීමට නොහැකි වන නිසා සිත් පීඩා බහුල විය හැක. මිතුරු ඇසුර වැඩි වෙයි. නව ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි. තාක්ෂණික අංශයේ ව්‍යාපාර වලට සුභ සතියකි.
රැකියාවේ උසස් වීම් ලැබීමටත්, තරඟ විභාග ආදියෙන් ජය ලැබීම් ආදියටත් සුභ කාලයකි. රජයේ රැකියා වල නියුතු අයගේ තනතුරු ලාභ උසස් වීමේ වැඩි ඉඩක් පවති. නව රැකියා උදා වේ. නිෂ්පාදන අංශයේ රැකියා කරන අයට සුභ ප්‍රතිඵල වැඩි වේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු වෙයි. දරුවන්ගේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරන සතියකි.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් විය යුතුය.

-


● මකර
දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු වෙයි. ව්‍යාපාරික කටයුතු වලදී සුළු සුළු ගැටළු මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කල යුතුය. කළමනාකරණයේ සුළු අඩුපාඩු මඟ හරවා ගන්න, නැත්නම් පාඩු ඇති විය හැක.
රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරි වන්න. නිෂ්පාදන ක්ෂෙත්‍රයේ රැකියා වල නියුතු අයට සුභ ප්‍රතිඵල උදා කරයි. සම්මුඛ පරික්ෂණ ආදියෙන් සුභ ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව ලැබේ. උසස් වීම් අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල ඥාතින් අතර මත ගැටුම් නිර්මාණය විය හැක. සහෝදර - සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමි වෙයි. විවාහ යෝජනා ස්ථිර වෙයි. ගමන් බිමන් යෙදෙයි. ලාභ ප්‍රයෝජන හිමි වෙයි.


-

● කුම්භ
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ දියුණුවක් පෙන්නුම් කරයි.
ණය ලැබෙයි, මූල්‍යමය ආයතන වල සහය ලැබෙයි. ගේ දොර මිලදී ගැනීම් ආදියට සුභ කාලයකි.
ආරක්ෂක සේවය ආශ්‍රිත රැකියා වල නියුතු අයට සුභ ඵල ගෙන දෙයි. ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබෙයි. නව රැකියා අවස්ථා උදා වේ. රැකියා ස්ථානයේ මාරු වීමක් හෝ උසස් වීමක් අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට බාධා පැමිණිය හැක. දරුවන්ගේ රෝගාබාධ නිසා ධනය වැය විය හැක. විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ - තරුණියන්ගේ සහකරු - සහකාරිය හමුවීමට ඉඩ ඇත.
සෙම් රෝග ආදිය වැළදිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

-

● මීන
ව්‍යාපාර වලට සතුරු කරදර පැමිණිය හැක. කළමනාකාරිත්වයේ දුර්වලතා නිසා ධන හානි සිදුවිය හැක. මූල්‍ය ආයතන වල පිහිට පැතීමට සිදුවිය හැක.
රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ප්‍රමාද කරයි. රැකියා ස්ථානයේ ගැටළු මතු විය හැක. ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. මිතුරු ඇසුර වැඩිවීම නිසා රැකියා ස්ථානයේ ගැටුම් උග්‍ර වීමටද යම් ඉඩක් ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. මංගල යෝජනා ස්ථිර වෙයි. ඥාතින්ගේ උදව් උපකාර ලැබේ.
විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයට බලාපොරොත්තු සඵල විය හැක.

No comments:

Post a Comment