Monday, September 26, 2016

සතියේ ලග්න පලාපලය - සැප්.27 සිට

- මෙය පොදු පලාපලයකි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.



● මේෂ
මිල මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී තමන්ට ලැබෙන ප්‍රතිලාභ අඩු වේ. සතුරු කරදර වලට මුහුණ පෑමට සිදුවේ. ආදායම් ලැබුනද ඊට වඩා වියදම ඉහල යා හැක. ඉඩම් මිලදී ගැනීම් වලට සුබ කාලයකි. ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට සුභ කාලයකි.
රැකියාවේදි බාහිර බලපෑම් වලට හසුවීමට සිදුවිය හැක. එනිසාම කටයුතු නිසි පරිදි කරගෙන යාමට අපහසු විය හැක. ප්‍රධානින්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. දේශපාලන කටයුතු කරන අයට මධ්‍යස්ථ ඵල ලැබෙන කාර්යබහුල සතියකි.
ගෘහ ජිවිතය තුල දරුවන් සම්බන්ධ කටයුතු වලදි සිත් පීඩා ඇති විය හැක. පවුලේ සමගියට තරමක් බාධා සහිතය. රැවටීම් වලට ලක්වීමට ඉඩ ඇත.

-


● වෘෂභ
ආදායම් මාර්ග වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. ව්‍යාපාර සබඳතා ඇති කරගැනීමට සුභ කාලයකි. මුදල් ගනුදෙනු වලදි තමන්ට තරමක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ.
රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදා වනු ඇත. මෙතෙක් පැවති බාධා වලට විසදුම් ලැබෙනු ඇත. පුහුණු වීම් වලට, තරඟ විභාග වලට සුභ කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ඔබ ලක් වන්නට හැකියාව තිබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල සබදතා වලට බාධා මතු විය හැක. විවාහ කටයුතු අඩපණ විය හැක. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්වය සාර්ථක වෙයි.

-

● මිථුන
ආර්ථික වශයෙන් ගැටළු මතු නොවූවද ආදායම් මාර්ග හිර වීමට ඉඩ ඇති සතියකි. ණය මුදල් ඉල්ලුම් කිරිමට සහ ඒවා ලබා ගැනීමට හැකියාව ලැබෙන සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරිම ප්‍රමාද කිරිම කල යුතු සතියකි.
රැකියාව තුල මධ්‍යම ප්‍රතිඵල බුක්ති විඳිමට අවස්ථාව ලැබේ. රැකියාවේ වගකීම් වැඩි වේ. රැකියා ස්ථානය මාරු වීම් වලට හෝ දුර පලාත් වල කටයුතු, දුර පලාත් වල රැකියා අවස්ථාවන් උදා විය හැක. ගුප්ත කටයුතු වල යෙදෙන අයට යහපත් ප්‍රතිඵල දෙන සතියකි.
ගෘහ ජිවිතය තුල තමාට ඇති වන ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට සුබ සතියකි. සහෝදර - සහෝදරියන් සමග සබදතා වර්ධනයට සුබ සතියකි. අන් අයගේ කටයුතු වලට සහය ලබා දීම තුලින් සිතට සහනයක් අපේක්ෂිත සතියකි.

-

● කටක
මිල මුදල් ලැබීම යහපත්ය. ධෛර්යයෙන් යුතුව කටයුතු කල හැකි සතියකි. දේපල ලාභ හෝ ණය මුදල් ආපසු ලැබීම් වලට අවස්ථාව උදා වේ. ව්‍යාපාර වලින් තරමක් පාඩු විය හැකි නිසා ඒ පිලිබදව අවදානමත්ව කටයුතු කරන්න.
රැකියා ස්ථානයේ වෙනසක් හෝ රාජකාරියේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති සතියකි. විදෙස් ගත වීම් වලට සුබ සතියකි. විදෙස් ගත අයගේ රැකියා වලට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල ඉවසීමේ ගතිය තරමක් දුරට අඩු වන්නට ඉඩ ඇති සතියකි. දරුවන් තුල ක්‍රියාශීලි ගති මෙන්ම මුරණ්ඩු ගතිද ඉස්මතු වීමට ඉඩ ඇත. ලෙඩ රෝග ඇති වීමට ඉඩ ඇති සතියකි. විවාහක අයට තරමක් බාධා ගෙන දෙයි.

-

● සිංහ
ආදායම් මාර්ග වලට යොමුවීමට අවස්ථාව සැලසෙයි. තමන්ට ලැබෙන මුදලින් ඉතිරි කරගැනීම් වලට ඉඩ සැලසේ. ණය ගනුදෙනු වලට මතු වූ ගැටළු විසදා ගැනීමට හැකි සතියකි. ආදායම් මාර්ග වල සුභ ප්‍රතිඵල පෙන්වයි.
රැකි රක්ෂා කටයුතු වලින්ද තමන්ට තරමක සාර්ථකත්වයක්  පෙන්වයි. රියදුරු රැකියා වල නියුතු අයට සුභ කාලයකි. උසස් වීම් වලට, තරඟ විභාග ආදියට සහභාගි වීමටත් ඒවායින් ජය ලැබීම් වලටත් ඉඩ ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට හැකි වේ. මිතුරු ඇසුරට ඉඩ ලැබේ. පෙම් සබදතා වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන සතියකි. ඉගෙනීම් කටයුතු වල යෙදෙන දරුවන්ට සුභ ප්‍රතිඵල ලැබෙන සතියකි.

-

● කන්‍යා
මූල්‍යමය කටයුතු වලින් තමන්ට තරමක අසුභ ප්‍රතිඵල ලැබෙන සතියක් නිසා කල්පනාකාරීව කටයුතු කල යුතුය. දේපල ආදිය හිමි කර ගැනීමට අවස්ථාව උදා වේ. වාහන - ඉඩම් මිලදී ගැනීමට සුබ සතියකි.
රැකියා කටයුතු වල යෙදෙන අයට වෙනදාට වඩා උනන්දුවක් ඇති වන සතියකි. රැකියාවේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමටද හැකියාව ලැබෙන සතියකි. කාර්මික ක්ෂෙත්‍ර වල රැකියා වල නියුතු අයට වඩා යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
ගෘහ ජිවිතය ගේ දොර අලංකාරව පවත්වා ගැනීමට උනන්දු වන සතියකි. පවුලේ අය සමග පෙරට වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. පවුල් ජිවිතය පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට හැකියාව ලැබේ. ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි වේ.

-

● තුලා
මුදල් නාස්ති වීමට කටයුතු යෙදෙන බැවින්, ණය ගනුදෙනු වලදි ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කල යුතු සතියකි. ආර්ථික ගැටළු නිර්මාණය විය හැකි සතියකි. නීතීමය ගැටළු ආදිය ඇතිවන  සතියකි. ඒවායින් තමන්ට පාඩු වීමටද ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.
රැකියා දියුණු කරගැනීමට අවස්ථාව උදා වෙයි. රැකියා ප්‍රමාද වූ අයට නව රැකියා ලැබෙන සතියකි. දුර පලාත් වල රාජකාරි වලට පිටත්ව යෑම් සිදුවිය හැකි හොද සතියකි. රැකියාවේ දියුණුව සහ උසස් වීම්ද අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය තුල පෞද්ගලික කටයුතු තරමක් අතපසු වුවද පවුලේ සමගිය රැකේ, වැඩි දියුණු වේ. නිශ්ඵල දේ සදහා වියදම් ඇතිවිය හැක.

-

● වෘශ්චික
ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට සාමාන්‍ය මට්ටමින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මුදල් නිසි ලෙස කළමනාකරණය කරගත යුතු වේ. ආර්ථික දුෂ්කරතා වලට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. දේපල උරුමයක් ලැබීමට හෝ හදිසි ධන වාසනාවක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
රැකියාවක් වෙනස් වීමට හෝ රැකියාවේ ස්ථානය වෙනස් වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද වේ. එහෙත් විදෙස් ගත වීමට උත්සාහ ගන්නා අයට ඒ සදහා සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල සතුටින් සිටීමට හැකියාව ලැබේ. පවුලේ සමගිය වර්ධනය වනු ඇත. දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබේ. මංගල යෝග උදා වේ. ඉඩම් සම්බන්ධ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

-

● ධනු
ආර්ථික වශයෙන් ලැබෙන සුභ ප්‍රතිඵල අඩු විය හැක. තමන්ගේ දෛනික වැඩ වලට අවශ්‍ය මුදල් කෙසේ හෝ උපයා ගැනීමට හැකියාව ලැබේ. මූල්‍ය ණය ලබා ගැනීමට උත්සාහ දරන අයට ඒවා සාර්ථක වෙයි.
රැකියා කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ගැනීමට මාර්ග සැලසේ. රැකියා කටයුතු වල ගැටළුදායක තත්වයන් වලට විසදුම් ගැනීමට හැකියාව ලැබේ.
නව රැකියා අවස්ථා උදා වේ. සිත් පීඩා තරමක් දුරට ඇතිවිය හැක. ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉක්මණ් ගති, කඩිසර ගති තරුණ අය තුල ඉස්මතු වේ.  පෙම් සබදතා ගොඩනගා ගත හැක.
අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් වලින් සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත.
-

● මකර
ආදායම් තත්වය යහපත් කර ගැනීමට හැකියාව උදා වනු ඇත. බලාපොරොත්තු වන ව්‍යාපාර කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. දියුණුව උදෙසා නව ක්‍රියා මාර්ග ගැනීමට හැකි වේ. තිබුනු දුෂ්කරතා මගහරවා ගත හැක. නව ව්‍යාපාර ආරම්භයට සුබ සතියකි.
රැකියා කටයුතු තරමක් අඩපණ විය හැක. නව රැකියා උදා විය හැක. අධ්‍යාපන ක්ෂෙත්‍රයට අදාල රැකියා කරන අයට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල කටයුතු  වලදි පෙරට වඩා සැලකිලිමත්ව කටයුතු කල යුතුය. රූපය පිලිබදව වෙනදාට වඩා සැලකිලිමත් වන සතියකි. ඇඳුම් පැලදුම්, ආභරණ ආදිය මිලදි ගැනීමට සිත් වේ. පවුලේ අය අතර සමගිය වර්ධනය වෙයි.

-


● කුම්භ
නව ආදායම් මාර්ග උදා වෙයි. ආදායම් මට්ටම යහපත් කර ගැනීමට හැකියාව ඇති සතියකි. මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකියාව ලැබේ, ඒ සම්බන්ධව ගන්නා පියවර සාර්ථක වේ. මුදල් සම්බන්ධ කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. ණය ආදිය ලබා ගත හැක.
රැකියාවේ කටයුතු වලින් තමන්ට තරමක් ගැටළු මතු වීමට ඉඩ ඇති සතියකි. රාජකාරි කටයුතු උනන්දුවෙන් කිරිමෙන් ඒවා මඟහරවා ගත හැක. ප්‍රධානීන්ගේ උපදෙස් අනුව තම දුර්වලතා මඟහරවාගෙන කටයුතු කිරීම තුලිින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා විරහිත හොඳ රැකියා ලැබේ.
පවුල් ජිවිතය තුල තමන්ට යහපත් ප්‍රතිඵල උදා කර ගැනිමට අවස්ථාව උදා වේ. ඉවසීමෙන් යුතුව කතා බහේදි කටයුතු කල යුතුය. තම දෛනික වැඩ කටයුතු වල මනාව යෙදීමට හැකියාව ලැබෙනු ඇත. විවාහ අපේක්ෂිත අයට තරමක් බාධා ඇති වේ.

-

● මීන
ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ව්‍යාපාර වලට යොමු වීමට ඉඩ ලැබේ. අලුත් ව්‍යාපාර වලට තරමක් ගැටළු මතු වීමට ඉඩ ඇත. ආර්ථික වශයෙන් තමන්ට පෙර තිබූ අපහසුකාරි තත්වයන් මඟ හරවාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියා වලට තරමක් බාධා මතුවන සතියකි. රාජකාරි කටයුතු අධික වන අතර, ප්‍රධානින් විසින් අමතර කටයුතු පවරන්නටද ඉඩ ඇති සතියකි. එනිසා නිදහස සහ විවේකය අඩුවිය හැක.
පවුල් ජිවිතයේ ගැටළුකාරි තත්වයන් වලට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. තරුණ අයට තමන්ට මතු වූ ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇත. දෙමාපියන්ගේ සිත් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. ඉක්මණ් තීරණ වලට යොමු වීම තුලින් තමන්ට අවාසිදායක තත්වයන් ඇති වීමට ඉඩ ඇත.



@Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment