Sunday, October 9, 2016

සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේ

බුදුන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතිය චෛත්‍යයද බෞද්ධයන්ට ඉතා වැදගත් පුණ්‍ය භූමියකි.

● චෛත්‍යරාජයාණන්වහන්සේ සෑදීමේ ගරුත්වය ලැබෙන්නේ කාවන්තිස්ස රජු දවස, ගිරිනුවර අභය නම් වූ පාලකයාටය. කාවන්තිස්ස රජුගේ සොයුරිය වූ සෝමාවතී කුමරිය, අභය කුමරාගේ බිරිඳ විය. එනිසා එතුමියගේ නමින් චෛත්‍ය නම් කෙරින.

● අද චෛත්‍යරාජයාණන්වහන්සේ රකිනු ලබන්නේ තාරා දේව මෑණියන් විසිනි.
තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජු දවස රට වෙනුවෙන් සොලීන්ට බිලිවී රජු බේරාගත් වීර “සෝමා දේවිය“යි.

( චෛත්‍ය කරවූ සෝමාවතී දේවිය සහ වලගම්බා රජු දවස සෝමා දේවිය යනු 2කි).

● බුදු රැස් ලෙස සැමදෙනා විශ්වාස කරන රැස් මාලා විහිදවමින් ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නේ තාරා දේව මෑණියන් විසින් වන අතර, ඒවා බුදු රැස් නොව දේව රශ්මි මාලා බව දත යුතුය.

● ඔබද නිවසේ සිට වන්දනාමාන කලද, සෝමාවතී චෛත්‍ය රාජයාණන්වහන්සේට වන්දනා කරන්න.
දිශාව ඊසාන දිශාවයි. පොදුවේ සුදු - කහ මල් වර්ග 2 පූජාවට සුදුසුය.

- සෝමාවතී චෛත්‍යයට වඳින ගාථාව -

“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “

( සම්බුදු රජාණන්වහන්සේගේ මුව පියුමේ ධර්මය නැමති රේණුවෙන් ස්පර්ශය ලත්, මනෝඥ වූ, සුදු පැහැ රශ්මියෙන් බබලන්නාවූ, බ්‍රහ්ම, දිව්‍ය, අසුර, මනුෂ්‍යයන් විසින් මනාව පුදන ලද, ඒ සුගතයන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ මම නමදිමි )

- ඔබ සැමට තෙරුවන් සරණයි -

#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

No comments:

Post a Comment