Monday, October 17, 2016

රවි මාරුව (2016 ඔක්) 

ග්‍රහලොව රජු හෙවත් පියා වන රවි ග්‍රහයා ඔක්. 17 වන දින සිකුරුගේ රාශියක් වන තුලාවට පිවිසෙයි. තුලා රාශියට රවි නීච වෙයි. රවි 2016 නොවැ 16 තෙක් තුලාවෙ සිටියි. රටටම අකුසල විපාක ගත වෙන මේ කාලයේ(එය දෙසැම්බර් සිට පහව යනු ඇත), රජයට තරමක බාධා ඇතිවනු ඇත. ඒනිසා මේ කාලයේ ප්‍රවේසම් සහගතව සිටිම වඩා යහපත්ය.

 ලග්න 12ට - පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
රවි 7 වැන්නට පැමිණියේය.
විවාහ ස්ථානය වන 7ට රවිගේ පැමිණිම එතරම් යහපත් නැත. පොදුවේ කටයුතු අඩපණ වීමත්, සිතට පීඩා ඇති වීමත් වෙන්නට ඉඩ වැඩිය. ආර්ථික තත්වය එතරම් අයහපත් නොවූවද අනවශ්‍ය වියදම් මෙන්ම කරන කටයුතු වලට වන අවහිරතා විය හැක. රැකියාවේදි බුද්ධිමත් සහ ඉවසිලිවන්ත වන්න.
ගෘහ ජිවිතය තුලද කරදර බාධක ඇතිවිය හැක. පවුලේ අයට හෝ ස්වාමියාට, බිරිඳට අපල කාලයකි. ආරවුල් ඇතිවීමට ඉඩ ඇත.
මේ කාලයේ බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කල යුතුමය.

-

● වෘෂභ
රවි 6 වැන්නට පැමිණියේය.
සතුරු ස්ථානය වන 6 වැන්නට රවිගේ නීච වීම යහපත්ය. ආදායම් මාර්ග ඇති වෙයි. ආර්ථිකය දියුණු වෙයි. ව්‍යාපාර කටයුතු සහ රැකියා කටයුතු වලට යහපත්ය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගෙවෙයි. වෙනදාට වඩා ගමන් යෙදෙනු ඇත. විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ ආදිය මේ අතර ප්‍රධාන වෙයි.
සෞඛ්‍ය තත්වයේ මුත්‍රා ආසාදන වලින් පරිස්සම් වන්න.

-

● මිථුන
රවි 5 වැන්නට පැමිණියේය.
අධ්‍යාපන ස්ථානය වන 5 වැන්නට රවිගේ නීච විම යහපත් නැත. කරන කටයුතු වලට බාධා ඇති වන්නට ඉඩ ඇති කාලයකි. සතුරු කරදර ඇතිවිය හැකි නිසා බුද්ධිමත් නොවුවොත් අනවශ්‍ය ගැටළු මෙන්ම පුද්ගලයන් සමග ගැටුම් පවා ඇතිවීමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. එසේ වුවද සියල්ල බුද්ධිමත්ව කල යුතුමය.
හදිසි ලෙඩ රෝග, හදිසි අනතුරු - වැටීම් යනාදියෙන් පරිස්සම් වන්න, ගබ්සා වීම් යනාදියෙන්ද පරිස්සම් වන්න.

-

● කටක
රවි 4 වැන්නට පැමිණියේය.
දේපල ගැන කියවෙන 4 වැන්නේ රවි නීච විම යහපත් නැත. වෙනදාට වඩා කැපවුවද ප්‍රතිඵල අසාර්ථක විය හැක. නිසි පරික්ෂාවකින් බුද්ධියකින් මිස කටයුතු නොකලොත් ඒවා අසාර්ථක විය හැක. රැකියාව සහ ව්‍යාපාර කටයුතු වල දියුණුව වෙනුවෙන් අධිකව කාර්යබහුල වෙන්නට ඉඩ ඇතිමුත් ඒවායින් නිසි ප්‍රයෝජන නොලැබී යා හැක. රැකියා ලාභ හිමි වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමකාමීව ගත කරන්නට නම් ඉවසීම සහ බුද්ධිය ප්‍රගුණ කර කටයුතු කරන්න. 

-

● සිංහ
රවි 3 වැන්නට පැමිණියේය.
වික්‍රමස්ථානය වන 3 වැන්නේ රවි නීච වීම අයහපත් නැත. ආර්ථිකය දියුණු වෙයි. රැකියා - ව්‍යාපාර අංශ 2හිම මනා ප්‍රගතියක් අත් වනු ඇත. නොසිතූ විරූ දියුණුවකට යෑමට වාසනාව ඇත. හදිසි ලාභ පවති. අන් අය අතර ජනප්‍රිය වෙයි. තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබෙයි. නව රැකියාද ලැබෙන්නට වාසනාව මේ කාලයේ පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. සිතට සතුට - සැනසීම 2ම ලැබීම නිසා සැහැල්ලුවෙන් කල් ගෙවිය හැක.
වෙනදාට වඩා නිරෝගී වේ.


● කන්‍යා
රවි 2 වැන්නට පැමිණියේය.
ආර්ථිකය ගැන කියවෙන 2 වැන්නේ රවි නීච වීම එතරම් යහපත් නැත. තරමක කලබලකාරි සහ මුරණ්ඩු ගති ඇති වන කාලයකි. මේ කාලයේ ආර්ථිකයේ විශේෂ දියුණුවක් ඇති නොවේ. කරන කියන කටයුතු වලින් සිතන ප්‍රතිඵල නොලැබේ. නමුත් වෙනදාට වඩා වියදම් කරන්නටත්, සමාජයේ කැපී පෙනෙන්ටත් කටයුතු කරන කාලයක් බැවින්, අනවශ්‍ය වියදම් නිසා ආර්ථිකය දුර්වල වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුලද ගැටළු මතු විය හැක. ස්වාමියා/බිරිඳ සමග මනා අවබෝධයකින් කටයුතු නොකලොත් කරදර ඇතිවිය හැක. පවුලේ අයගේ රෝගී තත්වයක් වෙනුවෙන් කැප වන්නට සිදුවනු ඇත. 

-

● තුලා
රවි 1 වැන්නට පැමිණියේය.
මොලය ගැන කියවෙන 1 වැන්නේ රවි නීච වීම අයහපත්ය. කරන කටයුතු වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. ආදායම් තත්වය ඉතාම සාමාන්‍ය වෙයි. එසේ වුවද මේ කාලයේ දැනෙන්න වියදම් ඇති වීමත්, වියදම් කිරීමට සිත් වීමත් නිසා ආර්ථික තත්වය දුර්වල වන්නට ඉඩ ඇත.
මේ කරදර වලදි නිසියාකාරව ඒවාට මුහුණ නොදුනහොත් සිතට පීඩා ඇති වේ.
ගෘහ ජිවිතය තුලද ගැටළු මතුවිය හැක.
එසේ වුවද ඉගෙනීම් කටයුතු වලට සුබයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

-


● වෘශ්චික
රවි 12 වැන්නට පැමිණියේය.
වියදම් ගැන කියවෙන 12 වැන්නේ රවි නීච වීම එතරම් යහපත් නැත. ආර්ථික තත්වයේ විශේෂ දියුණුවක් නොවුනද, වියදම් අධික වීම ගැටළුකාරි වනු ඇත. වෙනත් අය සමග කරන කටයුතු වලදි මත ගැටුම් ඇතිවීමටත්, ඒවා දුරයෑම තවත් කරදර ඇති කරන්නටත් ඉඩ ඇති නිසා බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත. වෙනදාට වඩා අලස ගති වැඩි වන කාලයක් බැවින් ප්‍රබෝධමත්ව කටයුතු කරන්නට සිතා ගන්න.

-

● ධනු
රවි 11 වැන්නට පැමිණියේය.
අයස්ථානය වෙන 11 වැන්නේ රවි නීච වීම යහපත්ය. රැකියාවේ දියුණුව ලැබේ. ව්‍යාපාර කටයුතුද සාර්ථක වෙයි. මෙනිසාම ආර්ථිකය දියුණු වේ. උසස් රැකියා ලැබීම හෝ උසස් වීම් ලැබීමටත් හේතුයි. හදිසි ලාභ ලැබිය හැක. සිතට සතුට ලැබේ. මිතුරන් වැඩියෙන් ඇසුරට ලැබෙනු ඇත. මිතුරන් වැඩිහිටියන්ගෙන් සහයෝගය වෙනදාට වඩා ලැබෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. වෙනදාට වඩා විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටින අතර ප්‍රිය සම්භාෂණ, විනෝද ගමන් ඇති වීමට ඉඩ ඇත.

-

● මකර
රවි 10 වැන්නට පැමිණියේය.
කර්මස්ථානය වන 10 වැන්නේ රවි නීච වීම යහපත්ය. ආර්ථිකය යහපත් වෙයි. රැකියාව සහ ව්‍යාපාර 2ම දියුණු වෙයි. අන් අය අතර ජනප්‍රිය වන කාලයකි. හදිසි ලාභද පෙන්වය. සිතට සතුට ලැබේ. ඥාතින් - හිතවතුන්ගෙන් සහයෝගය ලැබේ.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. විනෝද වෙන්නට අවස්ථා යෙදෙන කාලයකි.


● කුම්භ
රවි 9 වැන්නට පැමිණියේය.
පුණ්‍යස්ථානය වන 9 වැන්නේ රවි නීච වීම අයහපත්ය. ආර්ථික තත්වය අයහපත් විය හැක. ඒ අතරම වියදමද අධික වීමෙන් අනවශ්‍ය ගැටළු ඇතිවීමට ඉඩ ඇත. කරන කටයුතු වලට යෙදෙන බාධාද, සතුරු කරදර, ඕපාදූප - කේලම් යනාදිය නිසා ඔබ ගැන අන් අය අතර අප්‍රසාදයක් ඇති විය හැක.
විදේශ ගත වීමේ වාසනාවද මේ කාලයේ තිබෙයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවද ආර්ථිකයේ දුර්වලතාවය මෙන්ම අනවශ්‍ය කරදර නිසා සිතට බොහෝ පීඩා ඇතිවිය හැක.
මේ කාලය ඉවසීමෙන් බුද්ධියෙන් ගත කිරිම කල යුතුය.

-

● මීන
රවි 8 වැන්නට පැමිණියේය.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නේ රවි නීච වීම එතරම් යහපත් නැත. ආර්ථික තත්වය දුර්වල විය හැක. නව ආදායම් මාර්ග ඇහිරෙන අතර, තිබෙන ආදායම් මාර්ග අඩපණ විය හැක. විවිධ කටයුතු වලට බොහෝ වියදම් යෙදෙනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කරන්නට අපහසුතා යෙදෙනු ඇත. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසීමෙන් කටයුතු නොකලොත් හිත් අමනාපකම්, මත ගැටුම් ඇති වන්නට ඉඩ ඇත. වැඩි ඵල ප්‍රයෝජනයක් නැති ගමන් යෙදෙනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

-

*** රවි නීචය පොදුවේ අයහපත් නිසා, අසුභ ඵල වැඩි ලග්න වල අය ඇතුළු සියල්ල විසින් මේ කටයුත්ත කිරීමෙන් තත්වය සමනය වන්නට හැකියාව ඇත.
- වැඩිහිටියන්ට දාන මාන දෙන්න. විශේෂයෙන් වැඩිහිටි නිවාස වල සිටින වැඩිමහළු පිරිමි අයට දන් දීම වැදගත්ය.
- සුදු මල් සහිතව බෝධි පූජාවක් පවත්වා, එයින් ලැබෙන පින් සූර්ය දිව්‍ය රාජයාට, ඊශ්වර දෙවියන්ට, රවි ග්‍රහ මණ්ඩලයට, රවි ග්‍රහ බලවේගයට ඇතුළු සියලු නවග්‍රහයන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.
( සුදු මල් වට්ටි 01, පැන් 01, හඳුන්කූරු 06, පහන් 01 - සඳුදා දින විශේෂයි, දිශාව උතුර, උදේ/හවස 6-8 අතර)

- මේ කාලයේ පවතින දෝෂ අපල තත්වයන් දුරු කරගන්නට කරන සියලු කුඩා වුවද පින්කම් වලදී රවි ග්‍රහ මණ්ඩලයට, ඊශ්වර දෙවියන්ට, සූර්ය දෙවියන්ට පින් ලැබේවායි සිතින් ප්‍රාර්ථනා කරන්න !


බුදු සරණයි !


irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment