Wednesday, October 12, 2016

සිකුරු මාරුව - 2016 ඔක්.11 - නොවැ 07


ග්‍රහලොව හැඩකාර තරුණිය වන, සිකුරු ලෞකික සැප සම්පත්, යාන - වාහන ලබාදීමේ ප්‍රමුඛ වෙයි. ආදරය, ප්‍රේමයට මෙන්ම කලාවටද මූලිකත්වය ගන්නා ග්‍රහයෙකි සිකුරු. එසේම නිසඟ ශුභ ග්‍රහයන් කීපදෙනාගෙන් කෙනෙකි සිකුරු.

සිකුරු ග්‍රහයා ඔක්.13 සවස වෘශ්චික රාශියට ඇතුළු වෙයි. වෘශ්චික රාශියේ සෙනසුරුද සිටී. එනිසා ශනි - සිකුරු යෝගය යෙදෙයි(නොවැ.07දක්වා). මෙය යහපත් යෝගයක් වුවද, විටෙක සැප විඳින යෝගයක් වන අතර, විටෙක දුක ගැන අවබෝධය ගන්නා යෝගයකි. කෙසේ වුවද ශනි - සිකුරු බොහෝ බලවත් පුද්ගලයන්ට තිබුනු යෝගයකි.


ලග්න 12ට සිකුරු මාරුව කෙසේ වේවිද ?

- පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක


● මේෂ
සිකුරු පැමිණෙන්නේ 8 ආයුෂ ස්ථානය වන වැන්නටය.
මෙය තරමක යහපත් තත්වයකි. හදිසි ධනලාභ වාසනාව පවති. භූමි - දේපල ලාභ වාසනාවද පවති. නව ආදායම් මාර්ග ඇති කරගැනීමට හැකියාව ඇත. මෙතෙක් කරන්නට සිතා සිටි කටයුතු වලට නව සැලසුම් ඇති කරමින් ඉදිරියට යන්නට ධෛර්යය ඇතිවන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. අඹුසැමියන් අතර ප්‍රේමය වර්ධනය වෙයි. පවුලේ සමගිය රැකේ.

-

● වෘෂභ
ලග්නාධිපති වන සිකුරු පැමිණෙන්නේ විවාහස්ථානය වන 7 වැන්නටය.
නව ආදායම් මාර්ග වලට ඉඩ පෑදෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවද පවති. අන් අයගේ උදව් උපකාර හිමිවීම නිසා සිතට සතුට ලැබේ.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. තිබෙන ප්‍රේම සබදතා ස්ථිර වෙයි. නව ප්‍රේම සබදතා ඇතිවන්නටද ඉඩ තිබේ. අඹු සැමි ප්‍රේමය ඉහල යයි. මංගල යෝජනා ලැබෙන කාලයකි.

-


● මිථුන
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ රෝග ස්ථානය වන 6 වැන්නටය.
සිතේ කාලයක් පැවති බලාපොරොත්තුවක් ඉටුවිය හැක. ආදායම් තත්වය යහපත් වේ. හදිසි ධන ලාභ, දේපල ලාභ වාසනාවද පවති. රැකියා, ස්වයං රැකියා, ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලට සුබ කාලයකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කල හැක. විනෝද ගමන්, වන්දනා ගමන් යනාදියට ඉඩ සැලසෙනු අැත.


-



● කටක
සිකුරු පැමිණෙන්නේ අධ්‍යාපන ස්ථානය වන 5 වැන්නටය.
නව ආදායම් මාර්ග හිමිවීම  හෝ තිබෙන ආදායම් තත්වය වඩාත් ස්ථාවර වීම වනු ඇත. සිතේ සතුට රජයන කාලයකි. අලංකාරවත්ව සිටිමට කටයුතු කරන කාලයකි. අන් අයගේ ප්‍රශංසා හිමි වේ. රැකියාවේ දියුණුව මෙන්ම උසස් විම් පවා අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සතුටින් සමගියෙන් ගත වෙනු ඇත. දරුවන්ගේ සහ පවුලේ කටයුතු වෙනුවෙන් කැප වන්නට සිදුවිය හැකි අතර ඒ අයගේ දියුණුව දැක සතුටු වන්නටද හැකියාව ලැබේ.

-

● සිංහ
සිකුරු පැමිණෙන්නේ දේපල ගැන කියවෙන 4 වැන්නටය.
ආර්ථිකය සතුටුදායක වෙයි. වෙනදාට වඩා මුදල් තත්වය ඉහල යයි. එනිසා නව ආයෝජන වල යෙදීමට හැකියාව ඇත. කරන කටයුතු සාර්ථක වීම නිසා සිතට සැනසීම දැනෙනු ඇත. රැකියා සහ ව්‍යාපාර වල කටයුතු වඩාත් සාර්ථක වනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනු ඇත. ඥාතින්ගෙන් උදව් ලැබෙන කාලයකි. ගමන් බිමන් අධික වුවද ඒවා නිසා ලාබ ප්‍රයෝජන මෙන්ම සතුටද ලැබේ.

-

● කන්‍යා
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ 3 වැන්නටය.
මෙය පොදුවේ ශුභ වුවද ව්‍යාපාර සහ රැකියා කටයුතු වලට සුළු සුළු බාධා ගෙනදීමට හේතුවිය හැක. සහෝදර සහෝදරියන්ට යහපත් කාලයකි, සහෝදර බැඳීම දියුණු වේ. තමන්ගේ හොඳ නම දසත පැතිරෙන කාලයකි. සිතට සතුට ලැබේ.
ගෘහ ජිවිතය වාසනාවන්ත වෙයි. සතුටින් කටයුතු කිරීමට සහ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව ලැබේ.

-


● තුලා
ලග්නාධිපති සිකුරු පැමිණෙන්නේ 2 වැන්නටය.
ආර්ථික තත්වය විශේෂයෙන් දියුණු වන්නට හේතු වෙයි. හදිසි ධනලාභ, වාහන ලාභ වාසනාව තිබේ. තම අලංකාරය වෙනුවෙන් අත දිගහැර වියදම්කරන කාලයකි. ව්‍යාපාර සහ රැකියා අංශ 2ටම යහපත් කාලයකි.
කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැඩියෙන් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. පවුලේ සමගිය වෙනුවෙන් මනා අවබෝධයකින් කටයුතු කරන කාලයකි.

-

● වෘශ්චික
සිකුරු පැමිණෙන්නේ 1 වැන්නට හෙවත් ලග්නයටය.
සිකුරා ලබන කාලයයි. වෙනදාට වඩා සිතට සතුට ලැබේ. එනිසාම සතුටින් ගත කරන කාලයකි. සතුට නිසාම ඔබ රූපසම්පන්න වේ. අන් අයගේ ආකර්ෂණය ඔබට ලැබේ. ආර්ථිකය යහපත්ය.
හදිසි ධනලාභ වාසනාවද තිබේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. ප්‍රියසම්භාෂණ, විනෝද උත්සව වැඩියෙන් යෙදෙන කාලයකි. මේ කාලයේදි වැඩියෙන් ආහාර භුක්ති විඳීම පසුකාලයකදි සෞඛ්‍ය තත්වයට බලපාන්නටද පුලුවන.
සෞඛ්‍ය තත්වය වෙනදාට වඩා යහපත් වෙයි.

-


● ධනු
සිකුරු පැමිණෙන්නේ 12 වැන්නට හෙවත් වැය ස්ථානයටය.
නව ආදායම් මාර්ග වලට සිත යොමුවිය හැක.ආර්ථික තත්වය අයහපත් නොවූවද වියදම් අධික විය හැක. නිශ්ඵල වියදම් බොහෝවිය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. වියදම් අධික වීම තුල තරමක පීඩනයක් ඇති වී ඒ තුල කටයුතු අතපසු වීමටත්, එයින් ගැටළු ඇති වීමටත් ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. එසේ වුවද අනවශ්‍ය ප්‍රේම සබදතා හෝ අනියම් සබදතා වලට අවදානම තිබේ. මනාව සිතා බලා කටයුතු කරන්න. උපකාර ලැබෙයි.

-

● මකර
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ 11 වැන්නටය.
ආර්ථික තත්වය දියුණු වේ. ලැබීම් කීපයකට අවස්ථා පවති. හදිසි ධනලාභ වාසනාව පවති. රැකියාව දියුණු වේ. උසස් වීම් පවා අපේක්ෂිතය.
 ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලින්ද ලාභ වැඩි විය හැක.
ගෘහ ජිවිතය සතුටින් සමගියෙන් ගත වනු ඇත. අන් අයගේ උපකාර ලැබේ. මෙතෙක් පැවති බාධා, සතුරු කරදර පහව යනු ඇත.

-

● කුම්භ
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ 10 වැන්නටය.
ආර්ථික තත්වය යහපත්ය. හදිසි ධනලාභ, ලොතරැයි වාසනා ලැබීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු වලට තරමක බාධා පැමිණිය හැක, ඒවා මනා බුද්ධියෙන් යුතුව විසදා ගත යුතුය. ව්‍යාපාර වලටද යම් පසුබැසීමක්, මූල්‍යමය නොවුවද ඇතිවන්නට ඉඩ ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. පවුලේ අය වෙනුවෙන් යුතුකම් ඉටු කරන, කැපවෙන  කාලයකි. විනෝද ගමන් යෙදීමටද ඉඩ ඇත.

-

● මීන
සිකුරු පැමිණෙන්නේ පුණ්‍යස්ථානය වන 9 වැන්නටය.
ආර්ථික තත්වය දියුණු වනු ඇත. කරන කටයුතු සාර්ථක වෙයි. එනිසාම සිතට සතුට ලැබේ. රැකියාවේ දියුණුව ලැබෙනු ඇත. ව්‍යාපාරද දියුණු කරගත හැක. තම උත්සාහයේ කැපවීමේ තරමට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත වනු ඇත. මංගල යෝග උදා වේ. පෙම් සබදතා වලට සුබයි. මංගල යෝජනා ලැබේ. යහපත් කාලයකි.

No comments:

Post a Comment