Tuesday, October 18, 2016

සතියේ ලග්න පලාපලය - ඔක් 19 සිට

පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
ආදායම් මාර්ග වලින් සාමාන්‍ය සුභ ඵල ලැබිය හැකි වේ. ව්‍යාපාර කටයුතු වලින් යෙදෙන අයට ඒවායේ ගැටළුකාරි තත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙන සතියකි. නව ආදායම් මාර්ග උදා කරගත හැක. බාධක අඩු කරගැනීමට හැකි වේ. මූල්‍යමය කටයුතු වලින් ගැටළුදායක තත්වයන් ඇති විය හැක.
රැකියා කටයුතු වල යෙදීමේදී යම් යම් ගැටළුකාරි තත්වයන් ඇතිවිය හැක. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා වලට සුභ කාලයකි. රැකියාව කාර්යබහුල වේ. දුර ගමන් යෙදේ. සුළු සිත් පීඩාද ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල මතුවන බාධා වලින් ජය ගැනීමට හැකියාව ඇති වුවද අසල්වැසියන් සමග සිත් අමනාපකම් ඇතිවිය හැක. වැඩිහිටියන් සහ තරුණ අය අතර මතභේද හටගන්නා සතියකි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට ඒවායින් ප්‍රතිඵල ලැබිය හැක.
සෞඛ්‍ය තත්වය දුර්වල විය හැකි නිසා අවදානමත් වන්න.

-

● වෘෂභ
ආදායම් තත්වය යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. නව ආදායම් මාර්ග වලින් සුභ ප්‍රතිඵල ලබාගත හැක. හවුල් කටයුතු වලට තිබුනු බාධා අඩු වනු ඇත. මුදල් ඵලදායක දේ සඳහා වැය කිරීමට ඉඩ සලසා ගත හැක. ණය ආදිය ලැබීමට අවස්ථා උදා වේ.
රැකියා දියුණුවට පියවරක් ගැනීමට හැකි වේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කල යුතු වේ. රැකියා විරහිත අයට නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන කාලයකි. වගකීම්ද වැඩි වෙයි. වෙනදාට වඩා මිතුරන් ඇසුරු කරන කාලයකි. තම සිතට පීඩාකාරි තත්වයන් ඇති වීම වලකා ගැනීමට පියවර ගත යුතුය.

-

● මිථුන
ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි සතියකි. මුදල් නිශ්ඵල දේට වැය විය හැක. යාන - වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට ඊට අවස්ථාව උදා වේ. ණය ගනුදෙනු වලින් ප්‍රවේසම් වන්න.
රැකියා කටයුතු වල තමන්ට මධ්‍යම ප්‍රතිඵල ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. නව රැකියා වල යෙදීමට ඉඩ ලැබේ. රැකියාවේ දුර්වලතා අවම කර ගැනීමට උනන්දු වන කාලයකි.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව දැකීමටත්, සතුටු වීමටත් අවස්ථා උදා වේ. ගේ දොර අලංකාරව පවත්වාගෙන යාමට උනන්දු වැඩි වේ. අමුත්තන් ඇසුර සමග ප්‍රීති උත්සව ආදියට සම්බන්ධ වීමට අවස්ථාවන් උදා වේ.

-

● කටක
නව ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරයි. මුදල් නාස්තියට කරුණු යෙදේ, ඒ ගැන සැලකිලිමත් වන්න. දෛනික වැඩ වලදී වෙළදාම් වල යෙදෙන අයට ඒවා දියුණුවට අවස්ථා උදා වේ.
විදේශ රැකියා වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා තිබුනු බාධා අඩු වේ. රාජ්‍ය අංශ වල රැකියා වලට සුභ කාලයකි. පෞද්ගලික ක්ෂෙත්‍රයේ රැකියා සොයන අයටද අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල තම දෛනික කටයුතු පිලිබදව උනන්දුව වැඩි කරගත යුතු වේ. පවුලේ අය සමග අදහස් හුවමාරුවට ඉඩ සැලසේ. ඥාති මිතුරන් මුණ ගැසීමට අවස්ථා උදා වේ.
ඉගෙනීම් කටයුතු වල යෙදෙන දරුවන්ගේ උනන්දුව වැඩි කිරිමට දෙමාපියන් විසින් උපක්‍රමශීලි ක්‍රියාමාර්ග ගත යුුතු වේ.

-


● සිංහ
ආදායම් මාර්ග වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකි වේ. අමතර ආදායම් මාර්ග වලට යොමු වීමටද හැකිවනු ඇත. පුණ්‍ය කටයුතු වලට මුදල් යෙදවීමට හැකි වන කාලයකි. ණය ගනුදෙනු සම්බන්ධ ගැටළු ආදිය විසදා ගත හැක.
රැකියා දියුණුවට අවස්ථා උදාවේ. රැකියා විරහිත අයට යහපත් රැකියා ලැබේ. රැකියා කටයුතු වල යෙදෙන අයට බාධා අඩු කරගනිමින් තම රාජකාරි වල යෙදීමට හැකිවනු ඇත.
ගෘහ ජිවිතය තුල තමන්ට යෙදෙන ගැටළු වලට අවස්ථානුකූලව ක්‍රියාමාර්ග ගත යුතුය. ගේ දොර කටයුතු වෙනුවෙන් මුදල් යෙදවීමට සිත් දේ. දරුවන්ගේ දියුණුවට කැපවීමෙන් කටයුතු කරන ඒ ගැන සතුටු වන කාලයකි. විනෝදයට සහ මිතුරන් ඇසුරට අවස්ථා යෙදේ.
පොදු වැඩ වලට සහභාගි වීමටද ඉඩ ලැබේ.


-

● කන්‍යා
ආදායම් මට්ටම යහපත් කර ගත හැක. නව ආදායම් මාර්ග උදා වේ. හවුල් කටයුතු වලට මතු වූ බාධා අඩු කර ගැනිමට හැකි වේ. මුදල් ඵලදායක ලෙස වැය කිරීමට හැකියාව ලැබේ. ණය මුදල් ආදිය ලැබීමට අවස්ථාවන් යෙදෙනු ඇත.
රැකියා දියුණුවට උනන්දුවෙන් කටයුතු කරනු ඇත. රාජකාරි කටයුතු වලදි ඒවා සාර්ථකව කරගෙන යාමට හැකියාව ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් කටයුතු  කල හැක. පවුලේ වගකීම් වැඩි වේ. මිතුරු ඇසුර නිසා සිත් පීඩාකාරි තත්වයන්ට මුහුණ පෑමට විය හැක.
පුණ්‍ය කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ඉගෙනීම් කටයුතු වලටද යහපත් කාලයකි.

-

● තුලා
දියුණුව උදෙසා ගත් පියවරක් සාර්ථක වෙයි. වියදම් අවම කර ගැනීමට උනන්දු වීම තුලින් සතිය තුල තමන්ට පෙර ගත් ණය මුදල් ආදියෙන් නිදහස් වීමට හැකි වනු ඇත. තම ආදායම් මාර්ග යහපත් කර ගැනීමට හැකියාවක් යෙදෙනු ඇත. රථ වාහන මිලදී ගැනීම් වලට සුබයි.
රැකියාව සාමාන්‍ය පරිදින් කෙරෙනු ඇත. යහළු - යෙහෙළියන් මාර්ගයෙන් තමන්ට රැකියා සොයා ගැනීමට හැකිවනු ඇත. ස්වයං රැකියා වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල තමන්ට මතු වන ගැටළු අවම කර ගැනීමට හැකි වේ. බොහෝවිට තමන්ගෙන් මතුවන අහංකාර ගති නිසා අනිත් අයගේ සිත් රිදීමට ලක්වන තත්වයක් උදා විය හැක. සහෝදරයින් තමන්ට දෙනු ලබන අවවාද පිලිපැදීමට මැලි වන සතියකි.

-

● වෘශ්චික
ආර්ථික වශයෙන් බාධාකාරි, ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. අමතර ආදායම් මාර්ග වලට යොමු වීමට සිත් දේ, ඒවායින් සුභ ඵල ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාර වලින් ජය ලැබේ.
රැකියා වල නියුතු අය වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කල යුතුය. වෙනදාට වඩා ක්‍රියාකාරිව රැකියා කටයුතු වල යෙදීම තුලින් තමන්ට යෙදෙන බාධාකාරි තත්වයන් මඟ හරවා ගත හැකි වනු ඇත.
ගෘහ ජිවිතයේ වගකීම් වැඩි වනු ඇත. සාධාරණ ලෙස සිතා බලා කටයුතු කරන ගති ඉස්මතු වේ. පවුලේ අයගේ හෝ තමාගේ කටයුතු වලින් වැඩි කොටසක් සාර්ථකව කර ගැනීමට අවස්ථා උදා වේ. ඉවසීම අඩු ගති පෙන්නුම් කරයි. විවාහය පිලිබද වැදගත් තීරණ වලට එළඹීමට ඉඩ ලැබේ.

-


● ධනු
ආදායම් මාර්ග වලට තිබුනු බාධාවන් වැඩි විය හැකි නිසා තරමක් මුදල් පාලනය කරන්නට කටයුතු කරන්න. හවුල් වැඩ කටයුතු වල යෙදීමේදී මුදල් යොදන ආකාරයට ප්‍රතිඵල නොලැබීමේ ප්‍රවණතාවයක් ඇති අතර එය ගැටළුකාරි විය හැක. එසේම අනික් අය වෙනුවෙන් මුදල් යෙදවීමෙන් පාඩු සිදුවන තත්වයක් නිර්මාණය විය හැක. නව ආදායම් මාර්ග වලට එළඹීම ප්‍රමාද කරන්න.
රැකියා කටයුතු වලින් සාර්ථක ඵල ලැබීමට ඉඩ සැලසේ. ඉවසීමෙන් කටයුතු කරන්න. නිදහස විවේකය අඩු විය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට ඉඩ සැලසේ. පෙරට වඩා කලබල ගති, අහංකාර ගති ඉස්මතු වේ. අසල්වැසියන් සමග වෙනදාට වඩා හිතවත්කම් ගොඩනගා ගත හැක. වැඩිහිටියන්ගේ අදහස් වලට අවනත බව අඩු වන ගති යෙදිය හැක.

-


● මකර
මුදල් ගනුදෙනු වලදී එතරම් ගැටළු මතු වීම් නොවේ. තමන්ට මූල්‍ය ආයතන වලින් ලබා ගැනීමට අවශ්‍ය ණය මුදල් ලැබෙනු ඇත. ණය ගනුදෙනු ආදිය සම්බන්ධ ප්‍රශ්න විසදා ගැනීමට හැකි වනු ඇත. කලක් පැවති ගැටළුදායක තත්වයන් වලට විසදුම් ලබා ගත හැක.
රැකියා කටයුතු වල යෙදීමේදී තම වැඩ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. සාමූහික වශයෙන් කරගෙනු යනු ලබන දේවලදි මූලිකත්වය හිමි වනු ඇත. කාර්මික ක්සෙත්‍රයේ රැකියා කරන අයට වඩා යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල ඇසුරු කරන අයගෙන් තමන්ගේ වැඩ වලට සහයෝගයක් ලබා ගැනීමට හැකි වනු ඇත. තමන්ට පවුල තුල ඇති පිලිගැනීම වර්ධනය කර ගැනීමට අවස්ථා උදා වේ. කලබල ගති ඉස්මතු වීමත්, අනිත් අය සමග කටයුතු කිරීමේදී ඇහුම්කන් දෙන ගති අඩුවීමත් සිදුවිය හැක. මිතුරන් අතර ප්‍රශ්න, ගැටළුකාරි තත්වයන් ඉස්මතු විය හැක.

-

● කුම්භ
ආදායම් මට්ටම ඉහල නංවා ගැනීමට හැකිවනු ඇත, ඒවායින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ණය ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය. මූල්‍යමය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. මූල්‍ය කළමනාකරණයේදී ගැටළුදායක තත්වයන් නිර්මාණය විය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
රැකියාවේ රාජකාරි කටයුතු වලදී වැඩි සැලකිලිමත් බවක් ඇති වේ. රැකියා පුහුණු වීම් ආදියේ යෙදෙන අයට මේ සතිය සුභ සතියකි. ගුරුවරුන්, ප්‍රධානින් ආදීන්ගෙන් පැසසුම් ලැබේ. රැකියා උසස් වීම් ගැන උනන්දු අයට යම් සුභ ඵල අපේක්ෂා කල හැක. කාර්මික ඉංජිනේරු වෘත්තින් කරන අයට වැඩි යහපත් ප්‍රතිඵල ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. මතු වන ගැටළු ඉවසීමෙන් බුද්ධියෙන් විසදා ගත යුතුය. මංගල යෝජනා ඉදිරිපත් වේ. තමන් තුල යහපත් ගති වර්ධණයට හැකි වේ.
සිරුරේ දුර්වල ගති අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් දැනේ.

-

● මීන
ඵලදායක දේට මුදල් යෙදවීමට හිත් දේ. වැඩිහිටි අයගෙන් තම ආර්ථික ගැටළු ආදියට විසදුම් සෙවීමට උදව් ලැබේ. වැඩිහිටියන්ගෙන් මුදල් ලැබීම් ආදි තත්වයන් උදාවිය හැක. කෙසේ වුවද තමන්ගේ මුදල් පාලනය කර නොගත හොත් ගැටළු රාශියකට මුහුන පෑමට සිදුවිය හැක. ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කල යුතු. ව්‍යාපාර වලින් යම් සාර්ථකත්වයක් ලැබනෙු ඇත.
රැකියා කටයුතු වලට එතරම් ගැටළුකාරි තත්වයන් නොයෙදෙනු ඇත. රැකියා බලාපොරොත්තු වන අයට තම සුදුසුකම් වලට අදාලව සරිලන රැකියා අවස්ථා සෙවීමට උත්සහ දැරීමෙන් යහපත් ඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පිරිස් ඇසුරට අවස්ථා උදා වේ.
සමාජ කටයුතු වලදී සමිති සමාගම් ආදියෙන් ප්‍රමුඛස්ථානයක් තමන්ට ලැබේ. පුණ්‍යමය කටයුතු වලට සහභාගි වන්නටද අවස්ථා උදා වනු ඇත. ඇඳුම් - පැලදුම් බාහිර පෙනුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන සතියකි. අනුන්ගේ ආකර්ෂණය තමන්ට වැඩියෙන් ලැබෙන සතියකි. පෞරුෂ වර්ධනයට අවස්ථා උදා වේ.

No comments:

Post a Comment