Monday, October 24, 2016

සතියේ ලග්න පලාපලය - ඔක්.25 සිට


_ පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ
මිතුරන්ගෙන් මූල්‍යමය ඇප උපකාර ලැබෙන සතියකි. නව ව්‍යාපාර ඇරඹීමටද, තිබෙන ව්‍යාපාර කරගෙන යාමටද සුබ සතියකි. මූල්‍යමය ආයතන වලින් ණය ලැබෙයි. හිතමිතුරන්ගෙන් අයවීමට තිබුනු ණය යනාදිය ලැබෙයි.
නව රැකියාවන් උදාවි රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. රැකියා කරන අයගේ රැකියා උසස් වීම සිදුවේ, තරඟ විභාග ආදියට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල පවුල් ජිවිතයේ මතභේද ඇති වීමට ඉඩ ඇත. සහකරුට හෝ සහකාරියට විපත් සිදුවීමට ඉඩ ඇති සතියකි. ආදර සබදතා වලට බාධා පවති.

-

● වෘෂභ
ආර්ථිකයේ සුළු සුළු කඩා වැටීම් තිබුනද, සාමාන්‍ය ලෙස ගත කල හැකි සතියකි. හවුල් ව්‍යාපාර ඇරඹීමටත්, නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. තිබුනු බාධා තත්වයන් ඉවත් වේ.
රැකියා ස්ථානයේ මාරුවක් හෝ උසස් වීමක් ලැබීමට ඉඩ ඇති සතියකි. තරඟ විභාගයකින්, බුද්ධියෙන් සහ කුසලතාවයකින් ඉදිරියට යෑමට හැකි වන සතියකි. රැකියා අපේක්ෂිත අයට යහපත් රැකියා අවස්ථා උදාවනු ඇත.
පවුල් ජිවිතය තරමක් බාධා සහිතව ගත කලද, නුවණින් කටයුතු කිරීමෙන් සියල්ල යහපත්ව පවත්වාගෙන යා හැක. හිතවතුන්ගේ සහයෝගය ලැබෙයි. පදිංචි ස්ථානය වෙනස් වන්නටද ඉඩක් ඇත.

-

● මිථුන
නව ව්‍යාපාරික මිත්‍ර සබඳතා ගොඩනගා ගැනීමට සුභ සතියකි. ව්‍යාපාර වල ස්වභාවය වෙනස් වීම හෝ වැඩි දියුණු වීම පෙන්නුම් කරයි. මිතුරන්ගෙන් මූල්‍යමය සහයෝගයන් ලැබෙයි.
නව රැකියා උදා වේ. රැකියාවේ උසස් වීම් වලට හේතුයි. තරඟ විභාග ආදියට මුහුණ දීමට සිදු වේ. ප්‍රධානීන්ගේ සහයෝගයන් මෙන්ම පැසසුම්ද ලැබේ.
ගෘහ ජිවිතය තුල බැඳීම් වර්ධනය කරගත හැකි සතියකි. සිතට සතුට ගෙන දෙන සතියකි. නිවාස වැඩ කටයුතු යනාදිය ඇරඹීමට සුභ සතියකි. මංගල යෝගද උදා වේ.

-

● කටක
නව ව්‍යාපාර ඇරඹීමට සුභ සතියකි. ව්‍යාපාර සැලසුම් කරන්නටද යහපත් සතියකි. එසේ වුවද ව්‍යාපාර කළමනාකරණයේ සුළු අඩුපාඩු සිදුවීමටද ඉඩ ඇත. කලක් තිබු ප්‍රශ්නයකට විසඳුම් ලැබී සිතට සතුට දැනෙන සුභ සතියකි.
රැකියාවේ සුළු අතපසු වීම් පෙන්නුම් කරයි. මේ නිසා ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ වලට ලක්වීමට ඉඩ ඇත. රැකියාවේ වෙනසක් හෝ වෙනස් කිරීමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට සුබයි. තරඟකාරි කටයුතු වලින් ජය ලැබෙනු ඇත.

-

● සිංහ
නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. ව්‍යාපාරිකයින් සමග මිතුරු ඇසුර වර්ධනය වෙයි. අනාගත දියුණුවට අදාල වැඩ කටයුතු වල නිරත වෙන අතර නව අදහස් සහිතව සිතනා සතියකි.
රැකියාවේ මාරු වීමක් හෝ තනතුරු උසස් වීමට ඉඩ ඇත. විදෙස් ගමන්, විදෙස් මුදල් ලැබීමක් පෙන්නුම් කරන සතියකි. නව රැකියා අවස්ථා උදා වේ. ප්‍රධානින්ගේ ගෞරවය හිමි වේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ප්‍රමාද වූ විවාහ ස්ථිර වෙයි. විනෝද ගමන් බිමන් යෙදෙයි. සැහැල්ලුවෙන් - සතුටින් කාලය ගත කිරීමට ඉඩ ලැබෙයි.

-

● කන්‍යා
මූල්‍යමය ගනුදෙනු වලින් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු සතියකි. වියදම් ඉහල යා හැක. ආර්ථිකයේ සුළු ප්‍රශ්න නිර්මාණය වන සතියකි. ව්‍යාපාර පරිපාලනයේ දුර්වලතා මඟ හරවා ගැනීම් කරමින් සතිය ගත කරන්නට කටයුතු කරන්න.
නව රැකියා උදා වේ. රැකියාවේ පරිපාලන දුර්වලතා පෙන්නුම් කරන සතියකි. නිෂ්පාදනකරණය, අලෙවිකරණය, ව්‍යාපාර කළමනාකරණය යන අංශ වල රැකියා වලට තරමක අසුභ ඵල ගෙන දෙන සතියකි, එනිසා මනා බුද්ධියෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සුහදතාවය වර්ධනය වේ. මිතුරු ඇසුර නිසා කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. මංගල යෝග උදා වේ. ඉදිරි දියුණුවට හේතු වන කටයුත්තක් යෙදෙනු ඇත.


-

● තුලා
හොඳ ව්‍යාපාරික මිතුරු සබදතා ගොඩනැගේ. එහෙත් ව්‍යාපාර වලට නීතිමය ගැටළු ඇති විය හැක. නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. මූල්‍යමය ආධාර ඉල්ලුම් කිරීමට සුභ සතියකි.
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ සිතට සහනයක් ගෙන දෙන රැකියා අවස්ථා යෙදෙනු ඇත. අලෙවිකරණ සහ රජයේ රැකියා වල නිරත අයට සතුරු කරදර මතු වීමට ඉඩ ඇති සතියකි. ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මානසික පීඩා ඇති විය හැක. සැමියාට-බිරිදට ගැටළු මතු විය හැක. පදිංචිය පිලිබදවද ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. අහංකාර - හිතුවක්කාර ගති පෙන්නුම් කරන්නටද ඉඩ ඇත, එනිසා පාඩු සිදුවිය හැක.
බුද්ධිමත්ව කටයුතු කරන්න.

-

● වෘශ්චික
ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීම නොකිරීම වඩා උචිත සතියකි. ව්‍යාපාරික  ප්‍රධානීන් මුණ ගැසීමට යාමෙන් ගැටළු ඇති විය හැකි සතියකි. බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට, ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක. තමන්ගේ හොඳ නමට කැළැල් ඇති වීමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල තරමක් පවුලේ බර කරට ගත යුතු සතියකි. කැපවීමෙන් වෙහෙසීමෙන් කටයුතු කල යුතු සතියකි. මවුපිය පාර්ශවයන්ගෙන් අවවාද ලැබෙනු ඇත.
අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබෙයි.

-


● ධනු
ව්‍යාපාරික ගමන් බිමන් වැඩි වේ. ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගැනීමට හැකියාව ලැබෙන සතියකි. විදෙස් ගමන් වලින් වැඩි ලාභ සහිත සතියකි. කලක් තිස්සේ තිබුනු ප්‍රශ්නයකට විසදුම් ලැබේ.
රැකියාවේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ, ගරු සම්මාන ලැබෙනු ඇත. ස්වයං රැකියා කටයුතු වලට සුභ සතියකි. මැණික් හා ස්වර්ණාභරණ නිපදවන අයට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. මංගල යෝග උදා වෙයි. මිතුරු ඇසුර වැඩි වේ. කලක් තිබූ බලාපොරොත්තුවක් ඉෂ්ට වීම තුලින් සිතට සහනයක් උදා වෙයි.

-

● මකර
ව්‍යාපාරිකව සතුරු කරදර ඇති වන සතියකි. ව්‍යාපාරික ණය ඉල්ලුම් කිරීමට, මූල්‍යමය ආයතන වල පිහිට පැතීමට සුභ සතියකි. දුර ගමන් බිමන් වලින් ව්‍යාපාරික මිතුරන් මුණ ගැසේ.
රැකියාව කාර්යබහුල වෙයි. දුර ගමන් යෙදෙනු ඇත. සිතට අවිවේකී සතියකි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙන සතියකි. උසස් වීම් ඉල්ලුම් කිරීමට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන සතියකි. අඹුසැමියන් අතර සුළු සුළු මතභේද ඇති වෙයි.
සහෝදරකාරකාදීන්ගේ දියුණුව උදෙසා කටයුතු කරන්නට සිදුවන සතියකි.

-


● කුම්භ
ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගැනීම තුලින් නව ව්‍යාපාර කරගෙන යාමට හැකි වන සතියකි. මිතුරන්ගේ උපකාර ලැබෙයි. මූල්‍යමය ආයතන වල සහය ලැබෙනු ඇත.
රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙන සතියකි. නව රැකියා උදා වේ. ප්‍රධානීන්ගේ පැසසුම්, ගරු සම්මාන ලැබෙන සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල දරුවන් වෙනුවෙන් කැපවීමට සිදුවන සතියකි. දරුවන් පිලිබද ගැටළු මතු වන නිසා පවුලේ සමගියට බාධා සිදු වේ. අඹුසැමියන් අතර ගැටුම් ඇති වීමට ඉඩ ඇත.

-

● මීන
ආර්ථික වශයෙන් සුළු සුළු ගැටළු මතු විය හැකි නිසා කල්පනාකාරිව කටයුතු කල යුතුය. ව්‍යාරික සබදතා වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ඇරඹීමට සුබ සතියකි.
කතාවෙන්(කතාවට අදාල) රැකියා කරන අයට සුබ සතියකි. ස්වයං රැකියා කරන අයට යහපත්ය. නව රැකියා අවස්ථා උදා වේ. රැකියා වලට තරමක ගැටළු මතුවිය හැක.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා වලට දෙමාපිය - වැඩිහිටියන්ගේ ආශිර්වාදයන් හිමි වේ. මංගල යෝග උදා වේ. මිතුරු ඇසුර වැඩි වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ජය ගැනීම තුලින් සිතට සහනය ගෙන දෙන සතියකි.

-

Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment