Monday, October 3, 2016

බුධ මාරුව - 2016 ඔක්තෝබර්

ග්‍රහ ලොව බුද්ධිමතා වන බුධ ග්‍රහයා ඔක්.3 වනදා තම උච්ච රාශිය වන කන්‍යා රාශියට පැමිණ බලවත් වීම යහපත්ය. මේ නිසා ලග්න කීපයකට “භද්‍රා යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය උදා වෙයි.
බුධ ග්‍රහයා සති 3කට ආසන්න කාලයක් කන්‍යා රාශියේ රැඳී සිටිනු ඇත.

ලග්න 12ට පොදුවේ ග්‍රහ මාරුව මෙසේය.

-

● මේෂ
6 වැන්නට බුධ පැමිණියේය.
වෙනදාට වඩා විමසිලිමත්ව කටයුතු කල යුතු කාලයකි. මෙතෙක් පැවති යම් බාධා, කරදර තරමක් ඇති වීමටත්, සෞඛ්‍ය තත්වය තරමක් අයහපත් වීමටත් හේතු ඇති විය හැක.
මේ කාලයේ බුද්ධිමත් තීරණ සහ වෙනදාට වඩා ආගම දහමට යොමු වීම තුල සහනය ඇති වනු ඇත.

-

● වෘෂභ
5 වැන්නට බුධ පැමිණියේය.
කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන, කීර්තිය ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
නව රැකියා ලැබෙයි. තිබෙන රැකියාව දියුණු වෙයි. ව්‍යාපාර ආදියටද යහපත්ය.
සියලු යහපත සමග බුද්ධියෙන් තොරව කටයුතු කලොත් බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියද වැදගත් බව සිතේ තබාගන්න.

-

● මිථුන
4 වැන්නට බුධ පැමිණියේය.
දේපල ගැන කියවෙන 4 වැන්නට පැමිණීමත් සමග “භද්‍රා යෝගය“ යෙදෙයි. රැකියාවට, ව්‍යාපාරයට සුබයි.
පැතුම් ඉටු වේ. සිතට සතුට ලැබේ. ජයග්‍රහණ අපේක්ෂා කල හැක.
අන් අයගේ උදව් උපකාර ලැබෙනු ඇත.
පවුල් ජිවිතය තුල සමගිය, දියුණුව ඇතිවේ. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.

-

● කටක
3 වැන්නට බුධ පැමිණියේය.
සහෝදරකාරකාදීන්ට සුබයි. ඉක්මණ් තීරණ ගැනීමෙන් වලකින්න. සතුට පිණිස කරන කටයුතු ගැන වෙනදාට වඩා අවදානමත්ව කරන්න. මනා සැලසුමකින් කටයුතු කරන්න.
සතුරු පාර්ශව වලින් බාධා ඇතිවිය හැක. හදිසි අනතුරු වලින් සහ බෝ වන ලෙඩ රෝග ආදියෙන් පරිස්සම් වන්න. දහමට නැඹුරුව කටයුතු කිරීම තුල සැනසීමක් ඇතිවනු ඇත.

-

● සිංහ
2 වැන්නට බුධ පැමිණියේය.
ධනස්ථානාධිපති බුධ 2 වැන්නට පැමිණීම තුල ධනය වර්ධනය වේ. ඉතිරි කිරීමට හැකියාව ලැබෙන කාලයකි. කටයුතු සාර්ථක වන කාලයකි. ක්‍රියාශීලිව කටයුතු කරන කාලයකි. නව ආදායම් මාර්ග ලැබෙන කාලයකි.
සිතට බලපෑ පීඩා තත්වයන් සමනය වන කාලයකි. මිතුරන්ගේ, හිතවතුන්ගේ සහය ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

-

● කන්‍යා
1 වැන්නට බුධ පැමිණියේය.
කන්‍යාවේ ලග්නාධිපති වන බුධ ග්‍රහයාගේ පැමිණීම තුල, “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. වෙනදාට වඩා ජයග්‍රහණ ලැබේ. යන යන තැන පිලිගැනීම ලැබෙයි. අන් අයගේ සහය ලැබෙයි. නව කටයුතු ඇරඹීමට ඒවා දියුණු කර ගැනීමට වාසනාව ලැබේ.
පවුල් ජිවිතයට සමගිය - සාමදානය ලැබේ.
අධ්‍යාපනය, තරඟ විභාග  - සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙයි.

-

● තුලා
12 වැන්නට බුධ පැමිණියේය.
අන් අයගෙ ප්‍රසාදයට ලක් වන කාලයකි. ආදායම් මාර්ග වර්ධනය වුවද වියදම්ද අධික විය හැක.
අන් අයගේ උපකාර ලැබෙන කාලයකි. දහමට නැඹුරු වන කාලයකි. කරන කටයුතු වලදි මනා ඉවසීමකින් සහ බුද්ධියකින් කිරීමද වැදගත්ය.
හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.

-

● වෘශ්චික
11 වැන්නට බුධ පැමිණියේය.
ආදායම් දියුණු වේ. නව ආදායම් මාර්ග ලැබේ. දේපල ඉඩකඩම් ලාභ පවතී. යාන-වාහන වාසනාව පවති. මිතුරන් වැඩි වේ. පැරණි මිතුරන් නැවත මුණ ගැසේ. ව්‍යාපාර කටයුතු වලදි මනා බුද්ධියකින් යුතුව කිරීම වඩා වාසනාව ගෙනෙනු ඇත.
හදිසි අනතුරු සහ රෝගාබාධ ගැනද අවදානමත්ව සිටින්න.

-

● ධනු
10 වැන්නට බුධ පැමිණියේය.
මේ තුල “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. ආර්ථිකය දියුණු වන කාලයකි. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් පවා අපේක්ෂිතය. ආදායම් වියදම් මනාව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
විදේශ ගමන්, විදේශ සංචාර යෙදෙන කාලයකි, ඒවාට සුභ කාලයකි.
ධනු ලග්න දේශපාලකයන්ට ඉතා යහපත්ය.

-

● මකර
9 වැන්නට බුධ පැමිණියේය.
කටයුතු සාර්ථක වන කාලයකි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. නව ආදායම් මාර්ග ඇති කරගත හැක. වෙනදාට වඩා සතුටින් කාලය ගත කල හැක.
විදේශ ගතවීමට සිතා සිටියේ නම් ඒ කටයුතු වලට සුභ කාලයකි.
ගෘහ ජිවිතය සාර්ථක වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
හදිසි අනතුරු, ලෙඩ රෝගාබාධ ගැනද අවදානමත් වන්න.

-

● කුම්භ
8 වැන්නට බුධ පැමිණියේය.
නව අාදායම් ඇති කරගැනීමටත් යහපත්ය. විවාහයෙන් දේපල යනාදිය ලැබෙන්නටත් හේතු පවති.
විදේශ ගතවීම් වලටද සුබයි. ඇසුරු කරන්නන් සමග කරන කටයුතු වලදි මනා බුද්ධියකින් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත වනු ඇත.
මෙතෙක් පැවති ආබාධ තත්වයන් දුරු වී නිරෝගී බව ඇති වන සතියකි.

-

● මීන
7 වැන්නට බුධ පැමිණියේය.
මේ පැමිණීම තුල “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. කටයුතු සාර්ථක වෙයි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරු වෙනු ඇත. සමාජයේ පිලිගැනීමට මෙන්ම සහයෝගය ලැබෙනු ඇත. ඔබ ජනප්‍රිය වීම තුල කටයුතු වලට වඩා පහසුවක් වනු ඇත. නව ව්‍යාපාර යනාදියට, නව රැකියා වලටත් සුබයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත වනු ඇත.

-

** වඩාත් යහපත පිණිස බදාදා දින වල  රතු - කහ මල් වට්ටි 2ක්, පහන් 01ක්(දැල්ල දකුණු දිශාවට), පැන් වීදුරුවක්, හඳුන්කූරු 02ක් සහිතව පූජාවක් පවත්වා ගනේශ්වර දෙවියන්වහන්සේගේ නාමයෙන් සියලු බුදුවරයන්ට පූජා කරන්න. සියලු දෝෂ දුරු වී යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරන්න.
එම සියලු පින් ලෝකයත්, ශාසනයත් රකින මෛත්‍රි බෝධිසත්වයන්, ශක්‍ර දේවෙන්ද්‍රයා, සතර බ්‍රහ්ම රාජයන්, ශ්‍රී නාථ දෙවිඳුන් ඇතුළු සියලුම දෙවිවරුන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි සිතින් පතන්න..


#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment