Wednesday, October 5, 2016

සතියේ ලග්න පලාපලය - ඔක්. 05 සිට

* පොදු පලාපලයක් පමණි.
(එකම සතියක බුධ මාරුව මෙන්ම සතියේ ලග්න පලාපලයද පල කරන්නේ පාඨකයන්ගේ ඉල්ලීමටය)

-

.● මේෂ
දියුණුවට ගන්නා ක්‍රියා මාර්ග වලින් සාර්ථක ප්‍රතිඵල නොලැබී යාමට හෝ බාධා මතු වීමට ඉඩ ඇත. මුදල් නිකරුණේ වැය වීමට ඉඩ ඇත. දුර දිග නොසිතා කරන කටයුතු වලින් ගැටළු ඇතිවිය හැක. මනා කළමනාකාරිත්වයකින් කටයුතු කර මේවා සමනය කරගන්න.
රැකි රක්ෂා කටයුතු වල විශේෂයෙන් සුභ ඵල ලැබීම අඩු විය හැක. ඉවසීමෙන් කටයුතු කිරීම මේ සතියට සුභදායක විය හැක. ප්‍රධානීන් සමග ගැටළු ඇති වීමටද ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා ලැබීම ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල තමන්ට ලැබෙන සහනය අඩු වී යා හැක. තම දරුවන්, ඥාතින් නිසා ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. පෙම් සබදතා ආදියෙදි දෙදෙනා තුල ඇති විශ්වාසය අඩු විය හැක.
-

● වෘෂභ
මෙතෙක් තිබුනු බාධාකාරි තත්වයක් අඩු වී සහනදායි කාලයක් ඉදිරියට නිර්මාණය වෙයි. එහෙත් ණය ගනුදෙනු ආදියෙන් පාඩු සිදුවිය හැක බැවින් කල්පනාවෙන් කටයුතු කල යුතුය. ව්‍යාපාර දියුණුවට ගන්නා ක්‍රියාමාර්ගයක් සාර්ථක වනු ඇත.
රැකියාවේ දියුණුව උදෙසා අවශ්‍ය පුහුණුවීම්, තරඟ විභාග ආදිය ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට සතිය ආරම්භයේ යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරයි. රැකියා විරහිත අයට සුදුසු රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර සහෝදරයින් අතර ගැටළු - ප්‍රශ්න ඇති වන සතියකි. පවුල් ජිවිතය තුල හිතුවක්කාර ගති ඉස්මතු වන්නට ඉඩ ඇති සතියකි.

-


● මිථුන
ආර්ථික වශයෙන් තරමක් දුරට සුභ සතියකි. සතිය ආරම්භයේදි ගනු ලබන ක්‍රියා මාර්ගයක් සාර්ථක වෙයි. ආදායම් තත්වය යහපත් වෙයි.
රැකියා වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල බුක්ති විඳීමට ඉඩ ලැබේ. උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට මේ සතිය තුල සුභ සතියකි. පුවත්පත් කලාව, ලේඛන වෘත්තීන් වල යෙදෙන අයට යහපත් සතියක් වනු ඇත.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු පිලිබදව උනන්දුවෙන් එ් වෙනුවෙන් කටයුතු කරන සතියකි. සතිය ආරම්භයේදී සතුටුදායක දේ පිලිබදව අසන්නට ලැබෙන සතියකි. සතිය මැද වන විට සිතට තරමක් අසහනකාරි තත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අඹුසැමියන් අතර සුහදතාවය වර්ධන වේ.

-
● කටක
ආදායම් මාර්ග වලින් තමන්ට යහපත් ප්‍රතිඵල බුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත. ඉතිරි කර ගැනීම පිලිබදව වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි. ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත වෙනත් ව්‍යාපාර වල යෙදෙන අයට සුභ පල ගෙනෙන සතියකි. ආර්ථික අපහසුතා මඟහැර ගත හැක.
රැකියා කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරගෙන යා හැක. සුළු අඩුපාඩු සකසා ගැනීමෙන් අන් අයගේ සහ ප්‍රධානීන්ගේ පැසසුම් සහිතව සතුටින් සතිය ගත කල හැකි වනු ඇත. උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල කටයුතු සාමාන්‍ය අයුරින් කරගෙන යනු ඇත. පවුල තුල ප්‍රධානත්වය ගෙන වැඩ කටයුතු කිරීමට සිදුවන සතියකි. සිතට සතුටුදායක වාතාවරණයක් උදා කරගත හැකි වේ. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවෙනු ඇත.

-

● සිංහ
ආදායම් මාර්ග වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකි වේ. නව ආදායම් මාර්ග වලට එළඹීමටද ඉඩ සැලසෙනු ඇත. තම වැඩ කටයුතු වලට මුදල්, කාලය යෙදවීමට සිදුවනු ඇත. ගෙවල් දොරවල් මිලදී ගැනීමට සුභ කාලයකි.
රැකියා දියුණුවට අවස්ථා උදා කර ගැනීමට හැකියාව ලැබේ. රැකියා අපේක්ෂිත අයට යහපත් රැකියා ලැබෙනු ඇත. රැකියා වලට තිබුනු බාධා අවම වනු ඇත. කාර්මික ක්ෂෙත්‍රය ආශ්‍රිත රැකියා වලට වඩා සුබයි.
ගෘහ ජිවිතය තුල ගැටළු වලදී අවස්ථානුකූලව මනාව සිතා බලා විසඳුම් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දරුවන්ගේ දියුණුව දැකීමට හැකියාව ලැබෙන සතියකි. විනෝද වීමටත්, හිත මිතුරන්ගේ උපකාර ලැබීමටත් හැකි වන සතියකි.

-

● කන්‍යා
දියුණුව උදා කර ගැනීමට ගන්නා පියවර වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා සුභ සතියකි. සති අන්තයේ යම් තරමක් මුදල් අවහිරතා පෙන්නුම් කරන බැවින් කල්පනාකාරීව, කළමනාකරණය කරගත යුතුය.
රැකියා කටයුතු වල යෙදෙන අයට ඒවායෙදී ඉක්මණ් තීරණ වලට යාමෙන් ගැටළු නිර්මාණය විය හැකි නිසා, සැලකිලිමත් වන්න. රැකියා සොයන අයට සාමාන්‍ය මට්ටමේ රැකියා ලැබෙනු ඇත. දේශපාලන ක්සෙත්‍ර වල යෙදී සිටින අයටද යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල කාර්යබහුල වනු ඇත. හිතේ ශක්තිය තරමක් දුර්වල වී කලබල ගති වැඩි වීමටද ඉඩ ඇත. ගැටළු නිර්මාණය වීමටද ඉඩ ඇත.

-

● තුලා
සතිය ආරම්භ වන විට මුදල් අවහිරතා පෙන්නුම් කරන සතියකි. ව්‍යාපාර කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු නිසා මූල්‍යමය ගැටළු නිර්මාණය විය හැක. නව ව්‍යාපාර වලට තරමක් සුබයි. දියුණුව උදෙසා පියවරක් ගැනීමට හැකි සතියකි.
රැකියා කටයුතු වලදී යහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ සැලසේ. විදෙස්ගත රැකියා වලට යොමු වීමට උත්සාහ ගන්නා අයට ඒ සදහා අවස්ථා යෙදේ. ස්වයං රැකියා වලට සුබයි. රැකියාවේ ගැටළු විසදේ, ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇති සතියකි. මංගල යෝග උදා වෙයි. අඹුසැමියන් අතර තරමක් ගැටළු ප්‍රශ්න ඇති විය හැක, ඒවා විසඳා ගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.
අධ්‍යාපන කටයුතු වලින් මධ්‍යම ඵල ලැබෙනු ඇත. උසස් අය ඇසුරට ලැබේ.

-

● වෘශ්චික
ආදායම් මාර්ග වලට බාධා මතු වේ. ව්‍යාපාර කළමනාකරණයේ ගැටළු මතුවිය හැකි කාලයකි. මූල්‍යමය අතින් යහළු යෙහෙලියන්ගේ සහයෝගය ලබා ගැනීමට හැකි වන සතියකි. ආහාර සම්බන්ධ ව්‍යාපාර වල යෙදෙන අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. කෙසේ හෝ මුදල් වැයවීම වැඩි බැවින් කල්පනාකාරිව තමන්ගේ කටයුතු කරගන්න.
රැකියා වල සුභ ඵල ලැබෙනු ඇත. තමන්ගේ වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ඒ වෙනුවෙන් කැපවීමට උනන්දුව වැඩි වන සතියකි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. පරිපාලන ක්ෂෙත්‍ර වල රැකියා වල රාජකාරිය සම්බන්ධව පැවති ගැටළු වලට විසදුම් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල තනි තීරණ වලට වැඩ කිරීමෙන් ගැටළු ඇති විය හැක. පවුලේ සමගිය පිලිබදව අවධානය අඩු වේ. පවුල් ජිවිතය තුල මත ගැටුම් නිර්මාණය වීමත්, අවුල් ඇති වීමටත් ඉඩ ලැබේ. පොදු වැඩ ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ.

-

● ධනු
ආදායම් මාර්ග වලට තරමක බාධා මතු වෙයි. ඒ සදහා පියවරක් ගැනීමට සුදුසු කාලය වෙයි. යම් පියවරක් ගැනීම තුලින් මූල්‍යමය ගැටළු නිර්මාණය වීම මඟහරවා ගත හැකි වනු ඇත. ඉක්මණ් තීරණ ගැනීම තුලින් පාඩු විය හැකි නිසා කල්පනාකාරිව වැඩ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමට හැක. රියදුරු රැකියාවේ යෙදෙන අයට නීතීමය ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත. යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න. පවුලේ අය අතර සමගිය වර්ධනය වේ. බාහිර ගැටළු ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-
● මකර
ආර්ථික වශයෙන් තමන්ට යහපත් ප්‍රතිඵල බුක්ති විඳීමට අවස්ථාව උදා වේ. තමන්ගේ වැඩ වලින් සාර්ථක බව ලැබීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයට සුභ සතියකි. භූමි සම්පත් වලට වාසනාව පවති. රහසිගත ආදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථාව උදා වේ.
රැකියා කටයුතු වලදි තමන්ට මධ්‍යම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි සතියකි. රාජකාරි කටයුතු වල සාර්ථක බව වැඩි කර ගැනීමට පියවරක් ගැනීමට හැකි සතියකි.
අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා වල යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් යුතුව තම වැඩ කටයුතු කරන්න. අවිවාහක අයට සතිය ආරම්භයේදී යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. එසේ වුවද මංගල කරුණු වලට එතරම් සුභ සතියක් නොවන බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
-
● කුම්භ
ආදායම් මට්ටම ඉහල නංවා ගැනීමට ගන්නා පියවර සාර්ථක වේ. ගේ දොර වෙනුවෙන් මුදල් යෙදවීමට සිදු වේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ සතියකි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබේ.
රැකියාවේ රාජකාරි කටයුතු පිලිබදව වැඩි සැලකිල්ලක් යොමු කරන සතියකි. පුහුණු වීම්, තරඟ විභාග ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ. ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ. උසස් වීම්, දියුණුවට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලැබීමට හැකියාව ඇති සතියකි. ගැටළු ඉවසිලිවන්තව නිරාකරණය කර ගැනීම තුලින් පවුලේ සමගිය සාමදානය වර්ධනය වනු ඇත. මංගල යෝග උදා වේ. මංගල යෝජනා ඉදිරිපත් කිරිමට සුබ සතියකි.

-

● මීන
ආර්ථික වශයෙන් තමන්ට සාර්ථක බවක් ලැබීමට ඉඩ සැලසෙන සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වනු ඇත. මූල්‍යම කළමනාකරණයේදී ගැටළු මතුවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. යාන - වාහන මිලදී ගැනීමට සුබ සතියකි.
රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය. සතුරු කරදර නිර්මාණය විය හැක.  සති මැද වන විට රාජකාරිය නිසි අයුරින් කරගෙන යාමට හැකි වනු ඇත. රැකියාව මාරු වීමක් හෝ උසස් වීමක් පෙන්නුම් කරන සතියකි.
පවුල් ජිවිතය තුල ඉක්මන් තීරණ නොගත යුතුය. මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලට සුබයි. දරුවන්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය වෙයි.
පුණ්‍යමය කටයුතු වලට දායක වීමට අවස්ථාව උදා වේ.

No comments:

Post a Comment