Saturday, October 8, 2016

ආදරණීය ගණ දෙවියන්

ලෝක පාලක ඊශ්වර දෙවියන්ගේ පුත්‍රයෙකු වන ගණ/ගනේශ්වර/පුල්ලෙයාර් දෙවියන් මහත් ආනුභාවසම්පන්න දෙවි කෙනෙකි.
සැමදෙනාගේම ආදර බහුමානයට පාත්‍රව සිටින නිසා මෘදු ගති ඇති බව සත්‍යයකි, නමුත් අයුක්තියට - අසාධාරණයටද විරුද්ධව කටයුතු කරන ඍජු ගති ඇති දෙවි කෙනෙකි.

- ගණ දෙවියන් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්දැයි ඕනම කෙනෙකුට ප්‍රශ්න ඇත. සමහර අයට අවශ්‍ය වන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ව විතරක් ප්‍රසිද්ධ කරන්න කියාය, එසේ කියන අතිබහුතරය බුදු දහමේ නාමයෙන් බුදු දහම වනසන්නට කටයුතු කරන විවිධාකාර අයගේ අතකොළුය.

 ● දේවත්වයට පත්වන්නේ කුසල ශක්තිය මතය. එසේම දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය දියුණුය. එනිසා දෙවිවරු සියලුම දෙනා දහමට ගරු කරති, දහමට අනුකූලව කටයුතු කරති.

- තව තැනක දෙවියන්ගේ ප්‍රධානියා ගණ දෙවියන් ලෙස දක්වා තිබුනි. ඉහල, පහල, මධ්‍ය යන විශ්වයන් 3 කිසිදු තැනක ප්‍රධාන දෙවියන් ගණ දෙවියන් නොවේය. නමුත් ගණ දෙවියන් ඉතා වැදගත් දෙවි කෙනෙකි. එසේම ගණ දෙවියන් නාමයෙන් කරනවා කියන මහා පරිමාණ බිස්නස් වලට ගණ දෙවියන්ගේ සම්බන්ධයක් නැත. එවන් ව්‍යාජ මවාපෑම් වලට කැමති වන්නේද, එවන් අයගේ ලාභ සත්කාර, වන්දනාමාන යනාදියට කැමති වන්නේද ප්‍රේත-භූත වැනි පහත් අමනුෂ්‍යය කොටස්ය.
දෙවිවරු පූජා වට්ටියෙන්, විවිධාකාර පුද පඬුරු වලින් රැවටිය නොහැක. එවන් ඒවාට දෙවිවරු ආශිර්වාද කරන්නේද නැත.

● ගණ දෙවියන්ගේ විශේෂත්වය නම්, වන්දනාමාන කිරීමට නියමිත දිශාවක් හෝ වෙලාවක් නොමැති වීමය.
එනම් දිනයේ ඕනෑම වෙලාවක ඕනෑම දිශාවකට වන්දනාමාන කිරීමෙන් ආශිර්වාද ලබාගත හැක.

● ඔබත් සිල්වත් වන්න. ප්‍රතිපත්තිය රකින්න. කුසල්දම් වල නිරත වන්න. ඒ පින් කුසල් ගණ දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයටම අනුමෝදන් කරන්න. ඔබගේ කුසලය වැඩි වේවි ! දෙවියන්ගේ ආශිර්වාදයද ලැබේවි !

-
#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

No comments:

Post a Comment