Monday, October 10, 2016

සතියේ ලග්න පලාපලය - ඔක් 11 සිට

- පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ
නව ව්‍යාපාර ආරම්භ කිරීමටත්, තිබෙන ව්‍යාපාර නවීකරණය කරමින් නව්‍යතාවයකින් පටන් ගැනීමටත් සුබ කාලයකි. ව්‍යාපාර ණය ඉල්ලුම් කිරීමට, ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභ කාලයකි.
රැකියා විරහිත අයට තාවකාලික රැකියා ලැබේ. අලෙවිකරණය කටයුතු කරන අයට සුබයි. රැකියා වල නියුතු අයට උසස් වීම් වලට ඉල්ලුම් කිරීමට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. සාර්ථක විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙයි. අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි.

-

● වෘෂභ
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ කාලයකි. එහෙත් වැය පස ඉහල යා හැක. කල්පනාකාරීව, මුදල් කළමනාකරණය කිරීම තුලින් එය මඟහරවා ගැනීමෙන් සුභ අතට පත්කර ගත හැක(මූල්‍ය කළමනාකරණයේ අඩු පාඩු ඇතිවිය හැක).
රජයේ රැකියා වල නියුතු අයට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. අනිකුත් රැකියා වල නියුතු අයටද සාමාන්‍ය සතියකි. සිත් තැවුල් - සිත් රිදවීම් විය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සබදතා වර්ධනය වේ. අසල්වැසියන්ගෙන් ලාභ - උපකාර හිමි වෙයි. අසල් වැසියන් අතර සබදතාවය වර්ධනය වෙයි. ගේ දොර අලංකාරව පවත්වාගෙන යාමට කටයුතු කරන සතියකි.  පෙම් සබදතා වලට සුබයි.

-

● මිථුන
මූල්‍යමය ණය ලැබෙනු ඇත. ව්‍යාපාර දියුණුවට ගත් පියවරක් සාර්ථක වෙයි. අතපසු වී තිබූ කටයුත්තක් කර ගැනීමට හැකි වෙයි, එමගින් සැනසිල්ලක් උදාවෙයි. වියදම් අධික විය හැක.
රැකියා ප්‍රමාද අයට යහපත් රැකියා ලැබෙයි. රැකියා කටයුතු වල නියුතු අයට සුළු සුළු බාධා සිදුවිය හැක. විදෙස්ගත රැකියා වල නියුතු අයටද සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල පෙම්වතුන් අතර සැකසංකා මතුවිය හැක. පවුල් ජිවිතය තුල සුළු සුළු මත ගැටුම් නිසා පවුල් ජිවිතය මතභේදකාරි තත්වයක් උද්ගත විය හැක. සහෝදර - සහෝදරියන් අතර සුළු හිත් අමනාපකම් ඇතිවිය හැකි නිසා ප්‍රවේසමින් කටයුතු කරන්න.

-

● කටක
ව්‍යාපාරික සබදතා පුළුල් කර ගැනීමට අවස්ථා ලැබේ. ධන තත්වය ස්ථාවර කර ගැනීමට හැකි වෙයි. වියදම් අඩු වනු ඇත. ව්‍යාපාර කළමනාකරණයෙදි සුළු සුළු බාධා ඇතිවිය හැක.
රැකියා විරහිත අයට රැකියා වලට ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. නව රැකියා වලටද සුභ ඵල උදාකරන කාලයක් වේ. මැණික් ආශ්‍රිත අලෙවිකරණ රැකියා කරන අයට විශේෂයෙන් සුබයි.
ගෘහ ජිවිතය තුල මිතුරු ඇසුර වැඩි වීම නිසා සුළු සුළු අතපසු විම් නිර්මාණය විය හැකි සතියකි. මව් පාර්ශවයෙන් ලාභ ලැබෙන සතියක් වේ.

-

● සිංහ
ව්‍යාපාර ආරම්භ කිරීමට, නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. මිත්‍ර සබදතා නිසා තම ව්‍යාපාරයේ ප්‍රගතිය පෙන්නුම් කරන සතියකි.
රැකියා අපේක්ෂිත අයට නව රැකියා උදා වෙයි. විදෙස් ගමන් සාර්ථක වෙයි. ස්වයං රැකියා වල නියුතු අයට සුභ ඵල ගෙන දෙන සතියකි.
ගෘහ ජිවිතය තුල විවාහ අපේක්ෂා කරන අයට සුබ සතියකි. මංගල යෝජනා ස්ථිර වෙයි. විවාහය ප්‍රමාද වූවන්ට මංගල යෝග උදා වෙයි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන් අධ්‍යාපනය සාර්ථක වෙයි.

-

● කන්‍යා
ව්‍යාපාර ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. කළමනාකරණයේ අඩුපාඩු පෙන්වන සතියකි. බලාපොරොත්තු නොවු අයුරින් වියදම් ඉහල යා හැක. නිශ්ඵල ගමන් බිමන් යෙදිය හැක.
රජයේ රැකියා වල යෙදෙන අයට සුබ පල ගෙන දෙන කාලයකි. නව රැකියා අවස්ථා උදා වෙයි. විධායක තනතුරු අපේක්ෂාවෙන් සිටින අයගේ, අපේක්ෂාවන් මල් ඵල ගැන්වෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. අසල්වාසින්ගේ උදව් උපකාර ලැබේ. මංගල යෝග උදා වේ. අතපසුව තිබුනු කටයුත්තක් කර ගැනීමට ඉඩ සැලසේ.

-

● තුලා
ව්‍යාපාර ගනුදෙනු වලදි වෙනදාට වඩා ප්‍රවේසම් විය යුතු සතියකි. ඉඩම් මිලදි ගැනීම් වලට, ගේ දොර අලෙවිකරණ කටයුතු සම්බන්ධ ඒවාට සුබ සතියකි. නව ආදායම් මාර්ග උදා වන සතියකි. ප්‍රභූන්ගෙන් මූල්‍ය උපකාර ලැබෙනු ඇත.
 නව රැකියා උදා වේ. රැකියා අපේක්ෂිත අයට සුබ සතියකි. රාජ්‍ය අංශයේ රැකියා වල නියුතු අයට තරමක් අසහනකාරි තත්වයන් පෙන්නුම් කරන සතියකි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වැඩි දියුණු කරගත හැක. අඹුසැමියන් අතර සුහදතාවය වර්ධනය වේ. වාසනාවන්ත දරු සම්පත් ලැබීමේ භාග්‍යය හිමි වේ. ආගමික කටයුතු වලට සම්බන්ධ වීමෙන් ප්‍රසිද්ධියක් ලැබෙනු ඇත.

-

● වෘශ්චික
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ සතියක් වේ. තම ව්‍යාපාරයේ නීතිමය ගැටළුවක් හෝ ඒ ආශ්‍රිත කටයුත්තකට මුහුණ පෑමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලදී ඉතා කල්පනාකාරි විය යුතුය.
රැකියාවේ ප්‍රධානීන් සමග මත ගැටුම් නිර්මාණය වෙයි. නව රැකියා උදා වෙයි. විදෙස් රැකියා වලට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු හදිසි අනතුරු - රෝග පීඩා ආදිය නිසා අතරමග නතර විය හැක. අසල්වැසියන් සමග හිත් අමනාපකම් සිදුවීමට ඉඩ ඇත. වචන ප්‍රකාශ කිරිමේදි කල්පනාකාරිව කටයුතු කරන්න.

-

● ධනු
මූල්‍යමය ණය ලැබෙනු ඇත. නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. ඒ සදහා මුදල් හා කාලය වැය කිරීමට සිදුවෙයි.  මනාව සැලසුම් කර කරන කටයුතු වලින් ජය ලැබේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු අයට සුබ සතියකි. උසස් වීම් ලැබෙන්නට හැකියාව ඇත. උසස් වීම් වලට ඉල්ලුම් කිරීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. දරුවන් පිලිබද සුබ ආරංචියක් අසන්නට ලැබෙනු ඇත. වැඩිහිටියන්ගේ ඇප - උපකාර හිමි වේ. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමට අඩිතාලම දැමීමට සුබ කාලයකි.

-


● මකර
ව්‍යාපාර කළමනාකරණයේ ගැටළු නිර්මාණය විය හැක. බලාපොරොත්තු නොවූ මුදල් වැයවීම්, සිත් තැවුල් ආදියට මුහුණ පෑමට සිදු වෙන්නට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න. නව ව්‍යාපාර ආරම්භ කිරීම ප්‍රමාද වෙයි, ප්‍රමාද කරන්නේ නම් වඩා හොදයි.
රැකියා වල උසස් වීම් බලාපොරොත්තු වූ අයට සුබ සතියකි. නව රැකියා උදා වේ. රැකියා වල නියුතු අයට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි. පවුලේ වගකීම් වැඩි වෙයි. ගේ දොර අලංකාර කිරීමට සුබ සතියකි. දරුවන් තරඟ විභාග ආදියෙන් ජය ලැබීම් නිසා සිතට සතුට ලැබෙන සතියකි.

-

● කුම්භ
ගෙවල් දොරවල්, ඉඩකඩම් මිලදී ගැනීම් වලට සුබ සතියකි. ව්‍යාපාර කළමනාකරණයේ දුර්වලතා පෙන්නුම් කරන සතියකි.
නව රැකියා ප්‍රමාද විය හැක. රැකියා වල නියුතු අයට සුළු සුළු ගැටළු මතුවිය හැකි සතියකි. ශාස්ත්‍රීය කටයුතු වලට අදාල වෘත්තීන් වල නියුතු අයට විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි.  විදෙස් රැකියා කටයුතු සාර්ථක වෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර සහෝදරියන්ගේ ඇප උපකාර හිමි වෙයි. ගේ දොර දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● මීන
නව ආදායම් මාර්ග උදා වෙයි. නව ආදායම් මාර්ග වලට අඩිතාලම් දැමීමට සුබ සතියකි. හවුල් ව්‍යාපාර ඇරඹීමට සුබ සතියකි. හවුල් ව්‍යාපාර වලින් වැඩි වාසි ලබාගත හැකි සතියකි. ඉඩම් මිලදී ගැනීම් වලට සුබ සතියකි.
උසස් රැකියා බලාපොරොත්තු වන අයට අපේක්ෂා ඉටු වේ. ස්වයං රැකියා වලට සුබ සතියකි. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථාන මාරු වීමක් හෝ වෙනත් නිවසක පදිංචියට යෑමට කටයුතු සැලසෙන්නට ඉඩ ඇති සතියකි. උපන් ප්‍රදේශයෙන් පිට යෑමට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර, අමනාපකම් ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. ගේ දොර වැඩ කටයුතු සදහා වෙහෙසීමට සිදුවේ.




-
irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment