Thursday, October 6, 2016

පොරොන්දම් බලන්නම ඕනද ?

ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ, I don't know why ගීතයේ මෙසේ ඇත.

“ හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නේ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නේ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ?
ග්‍රහයො තමයි ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි .. ?

● විවාහයකදී පොරොන්දම් පරික්ෂාව ඉතා ඈත අතීතයේ සිට පැවත එන සාම්ප්‍රදායික වැදගත් කටයුත්තකි.

පොරොන්දම් පරික්ෂාව විවාහය ගැන ඉතා වැදගත් පලාපලයක් ලබාදෙයි.
මෙහිදී කිව යුත්තේ පොරොන්දම් පරික්ෂාව මෙන්ම සූක්ෂමව දෙදෙනාගේ කේන්දර සටහන් පරික්ෂාවද විවාහයකදී කල යුතු බවයි.
එයට හේතුව වන්නේ පොරොන්දම් පරික්ෂාවෙන් විවාහයට ගැලපෙන බව කියූවද, විවාහයට සුදුසු කාලය, දෙදෙනාගේ කේන්දර සටහන් ගැලපේද යනාදි කාරණා බැලිය යුතු බැවිනි.
එනිසා කිරීම ඉතා වැදගත් කාරණාවකි.

● අද කාලයේ බොහෝ අය විවාහ - පොරොන්දම් ගැලපීමේදි ජ්‍යොතිර්වේදින් අවම වශයෙන් 5ක්වත් ලගට ගොස් ඒ සියල්ලම සලකා බලා තීරණ ගැනීම සිදු වෙයි.
ලංකාවෙ ජ්‍යොතිෂ්‍යයට ඇති සැබෑ තත්වය පෙන්නුම් වන එක් සාධකයකි 10ක්ගෙන් පමණ අසා විවාහයට තීරණ ගැනීම.

* මෙහිදී කල යුතු දෙය නම් තමන්ට විශ්වාස, නිවරදිව ජ්‍යොතිෂ්‍යය දන්නා 01 අයෙකුට කියා බැලීම පමණි !

- අපගේ අත්දැකීම අනුව, මෙම පොරොන්දම් ගැලපීම නිසා විවාහ වනවාට වඩා නොවන ප්‍රමාණය වැඩි වී ඇත. තවද වසර බොහෝ ගණනක ප්‍රේම සබඳතා බිඳ වැටෙන්නට හේතු සාධක වී සමහර දරුවන් ජිවිත කාලය පුරාම තනිව සිටින්නටද හේතු වී ඇත.
මෙය රටේ තරමක හෝ බරපතල ප්‍රශ්නයක් බව අපගේ අත්දැකීම අනුව අපි දනිමු.

● ජ්‍යොතිෂ්‍යය විද්‍යානුකූලව ඇරුණු විට දහමට අනුව විවාහ වෙන දෙදෙනාම, “ සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග “ සහිතව සිටින්නේ නම් යහපත් විවාහ ජීවිතය ගත කල හැකි බව කියවෙයි.

 මේ ගැන අප නිවරදි අදහසක් ලබාගත්තේ, Dinush Witharama මහතාගෙනි.

“ කේන්දර වලින් අන්තිමට කොහොම වුනත් කියවෙනෙ අනාවැකියක් නේ. එතකොට ඒක නියතයක් නෙවෙයි. කුසලය හැම විටම අකුසලයට වඩා බලවත්. ඒ නිස‍ා කුසල මූලික ප්‍රතිපදාවෙන් ජීවිතය පවත්වාගෙන යන්න කියන්න.
ශ්‍රද්ධාව, ශීලය, දානය, ප්‍රඥාව වර්ධවය කරන ප්‍රතිපදාවක හික්මෙන එක වැදගත්.
එතකොට සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග කියන එකේ තේරුම දෙදෙනාගේ අදහස් ගැලපීමයි. ඒ අනුව මනාව ජිවිතය ගෙන යෑමට එය හේතු වෙයි. “

● වසර 50-60කට අධික අත්දැකීම ඇති ප්‍රවීණ ජ්‍යොතිර්වේදින්, භාවනානුයෝගී මහතුන් සිටින අපගේ අදහස නම්, විවාහයට සුදුසුද නැද්ද නිවරදිව ශාස්ත්‍රය දන්නා එක ජ්‍යොතිර්වේදියෙකුගෙන් දැනගත්තාම ප්‍රමාණවත් බවයි..
- නමුත් එසේ විශ්වාස නැත්නම්, දහමට අනුකූලව, අවදානම ගෙන ජිවිතය ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම වැදගත්ය.  වසර ගණනාවක ප්‍රේම සබදතා බිඳ වැටී තනිකඩව සිටිනවාට වඩා එය වටින බව අපගේ හැඟීමයි...


** බුද්ධිමත්ව තීරණ ගෙන ජිවිතය දියුණුවට කටයුතු කරන්න !


#සත්හටසෙත්පතනඉරු #විවාහය #ලංකාව #ජිවිතය #පවුල #ආදරය


irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment