Tuesday, August 5, 2014

~ ගුරු පරදා බුධ දිනයි ~

ග්‍රහලොව සුරගුරු වන බ්‍රහස්පතී හෙවත් ගුරු ග්‍රහයා සහ ඥානයට අධිපති බුධ ග්‍රහයාගේ යුධයෙන් බුධ ජයගැනීම නිසා බොහෝ දෙනාට නොසිතූ විරු ප්‍රතිඵල ලැබේන්ය.
බොහෝ ජයග්‍රහණ ලැබෙන අතර හදිසියේම පරාජයන් වලටද මුහුණ දීමට සිදුවනු ඇත.
ලැබෙන ජයග්‍රහණ වලදි අනවශ්‍ය ලෙස සතුටු නොවි නිහතමානිව භාරගත යුතු කාලයකි.

මේෂ, වෘෂභ, මිථුන, කටක, තුලා ලග්න හිමියන්ට මෙයින් සුභ පල අපේක්ෂිතය.
අනිකුත් ලග්න වලට මිශ්‍රපල අපේක්ෂිතය.

* මේෂ
සිතන පතන ලෙස කටයුතු සාර්ථක වේ.
මෙසේ කටයුතු සාර්ථවීමේදී අනවශ්‍ය ලෙස සිතට ගෙන කටයුතු කලොත් එය පරාජයක් වන්නට ඉඩ ඇත. ඒනිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
වෙනත් අයට පමණට වඩා ලෙංගතු නොවන්න. බුද්ධියෙන්ම කටයුතු කරන්න.

* වෘෂභ
ලැබීම් වලට සුබ කාලයකි. නව ආදායම් මාර්ග ඇතිවේ.
කෙසේ වෙතත් එම ලැබෙන ආදායම් මාර්ගයන් ගැන විමසිලිවත් වන්න. අනවශ්‍ය ආදායම් මාර්ග වලට නොන්න. බුද්ධියට ඉඩ දෙන්න.
රැකියාවේ දියුණුව, අධ්‍යාපන දියුණුව අපේක්ෂිත.
රැවටිම් වලට ලක්විමට ඉඩ ඇත. ව්‍යාජ ලෙස කටයුතු කලොත් ඵල දෙනු ඇත.

* මිථුන
වෙනදාට වඩා සැලසුම් සහගතව කටයුතු කරන කාලයකි. අන් අය අතර කැපී පෙනේ.
වෙන අයගේ ප්‍රශංසාවට ලක්වේ. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් අතර කැපී පෙනීමට හැක.
පෙම් සබදතා වලදි පරිස්සම් වන්න. සුභ සමග අසුභද පැමිණිය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.

* කටක
ගෝචර තත්වයන් අනුව ඉතා සුබ වුවද උච්ච බලයෙන් සිටින ගුරු පරාජය වීම තරමක ගැටළුවක් විය හැක.
මෙතෙක් ලෞකික දියුණුව ගැන සිතූ ඔබ අධ්‍යාත්මික සුවය ගැනද සිතන්නට පුරුදු විය හැක. කෙසේ වුවද උවමනාවට වඩා අධ්‍යාත්මික සුවය ගැන සිතීම ගිහි ජිවිතයට බාධාවක් විය හැක.
අවබෝධ ශක්තිය ලැබෙන කාලයකි.
රසවත් ආහාර පාන ගැනීමෙදි පරිස්සම් වන්න.

* සිංහ
ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයකි. මෙතෙක් බුද්ධියට හා ඉවසීමට ඉඩ දුන්නද තවමත් සාර්ථක වන්නට ඉඩ නොලැබුනේ කියා කලබල නොවන්න.
අසාධාරණ සිදුවුවොත් එයට නිසි ලෙස නීතිය හරහා කටයුතු කරන්න.
රැකියා ස්ථානයේද බාධා මතුවිමට ඉඩ ඇත. බුද්ධිමත් වන්න.
මුහුණ ගැන සැලකිලිමත් වන්න.

* කන්‍යා
හදිසි පාඩුවක් හෝ සිතේ චංචල ගතියක් ඇතිවිමඩට ඉඩ ඇත. ඒනිසා කලබලයෙන් කටයුතු නොකරන්න. බුද්ධියෙන් ඉවසීමෙන් නිසිලෙස කටයුතු කරන්න.
තම කටයුතු වෙනස් නොකර පෙරදාට වඩා සාර්ථකව කරන්න.

* තුලා
ලැබෙන්නට තිබූ යමක් ලැබෙන කාලයකි. එය සතුටට හේතුවක් වනු ඇත. උද්දාමයට පත් නොවි බුද්ධියෙන් කටයුතු කරන්න.
ඇල දොල ගංගා මුහුදු ආදියෙදි සහ ජලය සම්බන්ධ සියලුම කටයුතු වලදී බොහෝ බුද්ධියෙන් කටයුතු කරන්න. එවන් තැන්වල නෑම අනවශ්‍ය කරදර ඇති කරන්නට ඉඩ ඇත.
ආහාර පාන ගැනිමෙදි සැලකිලිමත් වන්න.

* වෘශ්චික
අධිකව වියදම් ඉහල යාමට හැක. සොර සතුරෙකු විසින් මුදල් දේපල කොල්ල කෑමටද යම් ඉඩක් පවතී. ඒනිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
විශේෂයෙන් මුදල් සම්බන්ධ කාරණා වලදි බුද්ධිමත් වන්න. යම් කෙනෙකුගෙන් බිල් පතක් ලැබුනේ නම් ඒ මොහොතේම එය පරික්ෂා කර බලන්න.
රැකියාවේ කටයුතු වලට කැපවන්න, අනවශ්‍ය කරදර සිතේ තබා නොගන්න.

* ධනු
කටයුතු වල මද පමාවක් අපේක්ෂිත කාලයකි.
එසේ වුවද එම කටයුතු සාර්ථක වනු ඇත.
සතුරු කරදර බාධක ඉස්මතු වන කාලයකි.
ව්‍යාපාර වලදි දියුණුව ඇතිවන්නේ තත්වයන් ගැන මනා අවබෝධයකින් කලොත්ය.

* මකර
වෙනදාට වඩා සැලසුම් කර කටයුතු කරන කාලයකි. මුදල් ඉතිරි කිරීමට කටයුතු කරයි. ඒ අතින් නව ආදායම් මාර්ග, ධනය ලැබිම් සිදුවනවා ඇත.
දේපල ලාභ ලැබිමේ ඉඩක් පවතී. මුදල් සම්බන්ධ කටයුතු වලදි බුද්ධියෙන් කටයුතු කරන්න.
නව ව්‍යාපාර වලට යොමුවීමටද සුබ කාලයකි. අරපරිස්සමින් කටයුතු කරමින් කරන ව්‍යාපාර දියුණු වනු ඇත.

* කුම්භ
විදෙස්ගත වන්නට සිතුවේ නම් පැතුම් සඵල වනු ඇත. වෙනත් පදිංචියකට මාරුවිමට ඉඩ ඇත. ඒ ඒ තැන් වලදි විවිධ බාධක ඇතිවිමට ඉඩ ඇති වුවද කාලය සමග කලමණාකරණය කරගත හැක.
රැකියාවේ කටයුතු වලදි කැපවීමෙන් සත්‍යවාදිව කරන්න. නිසි පටිපාටියෙන් බැහැර වුවොත් කරදර ඇතිවිය හැක.

* මීන
රැකියාවේ යම් යම් බාධා කරදර ඇතිවනු ඇත.
රැකියාවේදි තමාගෙ ප්‍රධානින් වැනි අය හා කරදර ඇතිකර නොගන්න.
එම මානසික ආතතියෙන් මිදීමට දහමට නැඹුරුවීම මැනවි. බෝධින්වහන්සේ කෙනෙකු සමීපයට ගොස් මද වේලාවක් එක ලෙස සිටිම මැනවි.
කටයුතු වලට බාධා පැමිණිමෙදි ඒවා ඉවසාගෙන කටයුතු කිරීම ජයග්‍රහණයට හේතු වනු ඇත.

No comments:

Post a Comment