Sunday, August 17, 2014

සතියේ ලග්න පලාපලය - අගෝස්තු (18 සිට)

• මේෂ

මෙම සතිය මේෂ ලග්න ඔබට සුබ සතියකි.
ආර්ථික වාසි සැලසෙන්නේ ඔබගේ දැඩි කැපවීම මතය.
විශේෂයෙන්ම නුවණ මෙහෙයවා කටයුතු කරන අයටද , ගුරුවරුන්ටද, දේශකයන්ටද, වෙළද ව්‍යාපාරිකයන්ටද ආර්ථික වාසි සැලසේ. 
සතිය මැදදී කෙටි ගමනක් නිසා ආර්ථික වාසි ලැබීමටද පුලුවන. සහෝදර සහෝදරියන්ගෙන්ද උදව් උපකාර ලැබිය හැක.
ගෘහ ජිවිතයද පෙර පරිදි සමාදානයෙන් ගතකිරිමට වාසනාව ලැබේ. නමුත් තත්කාල ග්‍රහචාරයේ කුජ - ශනි යෝගයක් 7 වැන්නේ සිටිම නිසා අඹුසැමි අය අතර යම් මතභේද ඇතිවිමට හා විවාහපේක්ෂක අයට බලාපොරොත්තු කල්යෑමටද ඉඩ තිබේ.
රෝගාබාධ ලෙස උදරාබාධ, බෝවන රෝග හා සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

• වෘෂභ
ශුභ සතියකි.
තමාගේ ප්‍රියමනාප ජිවන තත්වය නිසා හා වචනයේ ඇති විශ්වාසනීය භාවය නිසා සියලුම දෙනාගෙන් උදව් ලැබිමට වාසනාව ඇත. 
ආර්ථික තත්වය මේ සතිය තුලදී යහපත් වේ. 
ගෙදර දොර කටයුතුද යහපත්ව කරගැනිමට වාසනාව ලැබේ. එම කටයුතු වලට බාධාවක් නොමැත. 
දුර බැහැර ගමන් බිමන් විනෝද චාරිකා ආදිය යෑමට ඉඩ ඇත. 
විශේෂ සෞඛ්‍ය ගැටළු නැතත් සෙම් රෝග හා හිසේ කැක්කුම් වලින් ආරක්ෂා වන්න.

• මිථුන
ඔබට සතිය මුලදී කිසියම් ආකාරයක වාසි තත්වයන් ඇත.
මේ කාලයෙදි ග්‍රහචාරයෙද උදව්වෙන් ඔබට ආර්ථික තත්වය දියුණු කරගැනිමට පුලුවන. එම තත්වයේද ගැටළුවක් පවතින්නෙ නැත. 
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගතකර ගැනීමට වාසනාව ලැබේ. ඒවායෙදි සැලකිලිමත් විය යුතු වෙනත් ගැටළු නැත. 
විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති අය පාලනය කරගන්න.

• කටක
ඔබට සුභ සතියකි.
ලග්නයේ ප්‍රබලව ගුරු හංස යෝගය සහ රාහුගේ බලවත්කම නිසා උත්සහයෙන් ධනධාන්‍ය තත්වය වර්ධනය කරගත හැක. විදේශ ගත කටක ලග්න අයට මේ කාලයේ යම්කිසි වාසි සහගත තත්ව බලාපොරොත්තු විය හැක. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරගැනීමට දැනට පවතින ග්‍රහ බලය ප්‍රමාණවත්ය. දුවාදරුවන්ගේ දක්ෂතා තුලින් තමාට කීර්තියක් ලැබිම හා ඔවුන්ගේ කටයුතු වලට වැඩියෙන් කාලය යෙදවීමත් මේ කාලයේ සිදුවේ.
 පවතින ග්‍රහචාරයේ සුභ බලපෑම නිසා ඔබට කෝටියක් දෝෂ භංග කරගනිමින් ඉදිරියට යා හැක. ග්‍රැස්ට්‍රයිටීස්, සෙම් රෝග, පපුවේ අමාරු වලින් ආරක්ෂා කරගන්න.

• සිංහ
වාසනාවන්ත සතියකි. 
සඳු ග්‍රහයා 10 වැන්නේ බලවත්වීම නිසා ආදායම් මාර්ග වැඩි දියුණු වන බවට නිගමනය කල හැක. 
ධනධාන්‍ය තත්වය තමාගේ නුවණ මෙහෙයවා, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කලොත් දියුණු වේ. 
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. විසේසයෙන්ම අඹුසැමියන් අතර ප්‍රීතිය වැඩි වන්නේ ගෙදරට අලුත් බඩුමුට්ටු ගැනීමෙනි. 
උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම්, අක්ෂි රෝග වලින් පරිස්සම් වන්න.

• කන්‍යා
තරමක කලබලකාරි සහ අවිවේකී කාලයකි. 
දැනට පවතින ග්‍රහචාරය අනුව තරමක කබලකාරිත්වයක් පෙන්වයි. සතිය මුලදී ඇති කරන්නාවූ පීඩනය ක්‍රමානුකූලව ඔබගෙන් පහව යයි. මේ සතිය ව්‍යාපාරික කටයුතු හා සංචාරක කටයුතු හා විදේශ රැකියාවල නියුතු අයට ඉතා වාසනාවන්තයි.
පවුලේ අය හා ප්‍රීති උත්සව පැවැත්වීමට කාලයකි. 
ඔබගේ කාර්යබහුලත්වය හැරුනු කොට නිවසේ සමාදානය රජ කරයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය කරයි.
රෝග වශයෙන් සදහන් කල හැක්කේ, හිසේ කැක්කුම් හා අවිවේකි තත්වය නිසා ඇතිවන මානසික ආතතිය ආදි තත්වයන්ය.

• තුලා
ඔබට කලකට පසු නැවත කාලයක් අපල පැමිණෙන බව අනුමාන කල හැක.
ආර්ථික තත්වය ඉහලට ගැනීමට මනා කැපවීමක් අවශ්‍ය වේ. සුභ දශා ගත කරන තුලා ලග්න මිස පාපි දසා ගත කරන තුලා අයට නොයෙක් විදියෙ කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරගැනිමට යම් බාධා ඇත. කවර හෝ මාර්ගයකින් ආර්ථිකය කඩා වැටීම නිසා අඹුසැමියන් අතර යම්කිසි මතභේද ඇතිවිමට ඉඩ තිබේ. ඒ ගැන සැලකිලිමත් වන්න. 
සෞඛ්‍ය ගැටළු ලෙස නිදන් ගත රෝග ඇති අය පාලනය කරගැනිමට හා කලබල වී වැටී තුවාල වැටීම් සීරිම් ආදියෙන් පරිස්සම් වන්න.

• වෘශ්චික
සුභ සතියකි. 
තමාගේ දුක් මහන්සියෙන් සහ උත්සහයෙන් උනන්දුවෙන් ආර්ථිකය ඔසවා ගැනිමට අවස්ථාව ලැබේ. නව ආදායම් මාර්ග වලට දොර විවර වේ. බැංකු ණය සහ විශේෂිත පුද්ගලයන්ගෙන් දියුණුවට ආධාර ලැබේ. 
ප්‍රීතියෙන් ගෘහ ජිවිතය ගතවේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබේ. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත.

• ධනු
ශුභාශුභ මිශ්‍ර පලයි. 
සඳු 6 වැන්නේ ගමන් කිරිම නිසා ඔබට සතිය මුලදී මානසික කඩා වැටීම් නිසා ආදායම් තත්ව දුර්වල වීමට ඉඩ ඇත. වැඩ අතපසු කිරීම නිසා ලැබෙන මුදල් හිගවීමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතයේ ප්‍රබල ගැටළු නැති වුවත් ආර්ථික තත්වයේ ස්ථාවරත්වය ඊට බලපෑම් කරයි. නමුත් යම් යම් ග්‍රහ බලපෑම් නිසා ඒවා දුරදිග බල නොපායි. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් ස්ත්‍රි-පුරුෂ දෙපාර්ශවයම ප්‍රජනන සෞඛ්‍ය ගැන පරිස්සම් වන්න.
ගර්භණී මාතාවන්ද සැලකිලිමත් වීම අවශ්‍යයි.

• මකර
ශුභ සතියකි. 
ආර්ථික වාසි ඇතිවේ. හවුල් ව්‍යාපාර එමෙන්ම කාලයක් බලාපොරොත්තු වූ ලෙස ණය වලින් නිදහස් වීම හා ණය අයවීමද මේ කාලයේ සිදුවනු ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. 
විවාහක අයගේ යුග දිවියේ ඇති ප්‍රීතිය වර්ධනය වනවා සේම අවිවාහක අයට මංගල යෝග උදාවේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැතිමුත් සෙම් රෝග හා ඇඟපතේ අමාරු ගැන සැලකිලිමත් වන්න.

• කුම්භ
ග්‍රහචාරය හරස්වී තිබියදී සඳුගේ චාරය අනුව නම් සුභයි.
විදෙස්ගත රැකියාවල නියුතු අය, දුරබැහැර ගොස් සංචාරක ව්‍යාපාර කරන අය එනම් තැනින් තැන ගොස් ව්‍යාපාර කරන අයගේ ආදායම් තත්වය දියුණු වේ. 
විදේස රැකියාවල නියුතු අයටද සුබයි. 
අලුත් අමුත්තන් පැමිණීම නිසා ගෘහ ජිවිතය සතුටුදායක වේ. ප්‍රීති උත්සව යෙදේ. නිවසට අවශ්‍ය කරන අලුත් බඩු මුට්ටු ගැනීමට මෙය කාලයකි. 
උෂ්ණාධික රෝග, පපුවේ සෙම ආදියෙන් ආරක්ෂා වීම මැනවි.

• මීන
ශුභදායක සතියකි. 
කෙටි හා දුර ගමන් වලින් ආදායම් ලැබෙන අතර, තමාගේ ආත්ම විශ්වාසය ඇති පමණට තමාට මුදල් හදල් ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. දරුවන්ගෙන්ද ඉතාම හොඳයි. නිවැසියන් පවුලේ අය සමග විනෝද ගමන් වල යෙදීමට වාසනාව ඇත. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැත. ඒරාෂ්ඨක අපලයක් තිබෙන නිසා පවතින රෝගාබාධ වලින් ආරක්ෂාවීම මැනවි.
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment