Monday, August 11, 2014

සතියේ ලග්න පලාපලය - (අගෝ.11සිට)

මේෂ
ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍රපලයි. 
ආදායම් තත්වය සතියේ මුල් දින කීපයෙදී එනම් මුල් දින 2 තුල හොද තත්වයේ පවතී. සතිය මැදට වන්නට ඔබට නිකරුනේ මුදල් වැයවීමට ඉඩ තිබේ. විවාහක ඔබගේ බිරිදට හෝ දුවාදරුවන්ට මුදල් වැයකිරිමට සිදුවේ. එනම් රෝග පීඩා වලට බෙහෙත් ගැනිමට වැනිය. නමුත් මේ තත්වය පාලනයට ගුරුගේ 4 වැන්නේ ගෝචර ගමන හොදයි. 
ගෘහ ජිවිතය කම්කටොලු මැද සතුටින් ගත කිරිමට වාසනාව ඇත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනස්කමක් නැතත් පාදාශ්‍රිත රෝග සහ සෙම් අසනීප ගැන විමසිලිමත් වන්න.

වෘෂභ
මේ සතිය සදුගේ ගමන අනුව සුබයි.
ඔබට සතිය පුරාම ආදායම් තත්වයේ අඩුපාඩු ඇති නොවේ. එසේම සතිය මැදදී ඥාතියෙක්ගෙන් හිතවතෙක්ගෙන් හෝ සහෝදරයෙක්ගෙන් මිල මුදලක් ලැබීමට නියමයි. 
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. නෑදෑයින් ගෙදර එන සතියකි. සමහරවිට ඔබට දුරබැහැර ගමන් යාමට සිදුවේ. 
සෞඛ්‍ය ගැටළු ලෙස ප්‍රධාන ලෙස උදරාබාධ ගැන සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ඉතාම ශුභදායක සතියකි. 
ව්‍යාපාරික සැමට වාසනාවන්ත වන්නේ ආදායම් තත්ව වලින් පිරෙන නිසාය. එනම් අතමිට සරු කාලයකි. මෙය සතිය මුළුල්ලේම පවතී. සඳු 9 වැන්න 10 වැන්න ආදියේ හැසිරෙන මෙම කාලය බ්‍රහස්පති/ගුරු 2 වැන්නේ බලවත්වීමෙන්ද ඔබට ආදායම් තත්ව වඩා වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවේ. නිවසට අමුත්තන් පැමිණේ. විවාහඅපේක්ෂක අයගේ මංගල යෝග ක්‍රියාත්මක වේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුකාරි තත්ව නොවේ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න. ගැස්ට්‍රයිටීස් රෝග ඇති අය සැලකිලිමත් වන්න.

කටක
සතියේ මුල් කොටස එතරම් හොද නැත. 
විශේෂයෙන්ම මුදල් අගහිගකම් ඇතිවේ. තමාගේ කටයුත්තක් ගැන සෙවිල්ලෙන් නොසිටිම නිසා මුදල් හානි හෝ දේපල පාඩු වීමට හේතුයි - සැලකිලිමත් වන්න. 
නමුත් සතියේ අග කොටසෙදි මෙම ප්‍රශ්ණ උපද්‍රව ඔබගෙන් ඈත්ව යා හැක.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වුවද ඔබට අසනීප ඇතිවිම නිසා යම් ගැටළුකාරි තත්වයක් ඇතිවිය හැක. යොදාගෙන තිබු යම් කටයුත්තක් සතියේ මුලදි නැවැත්විමට සිදුවේ.
සෞඛ්‍ය ගැටළු නම් සෙම් අමාරු, බෝවෙන ලෙඩ රෝග සහ ජලය ආශ්‍රිත රෝග බව කිව හැක.
ග්‍රහ අපල ඇති කටක ලග්න දරුවන් ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලට යෙදවීම ඉතාම භයානකය.

සිංහ
ශුභ නොවන සතියක් බව වෙසෙසින්ම සදහන් කල යුතුය.
පවතින ග්‍රහචාරයේ යම් ක්‍රියාත්මක වීමත් සදුගේ ගමනත් නිසා ආදායම් තත්වය පහල වැටේ. සතිය මැදදී මුදල් පාඩුවක් හෝ තමාගේ නොසැලකිල්ල නිසා යම්කිසි අකටයුත්තක් ඔබට වීමට ඉඩ ඇත. ඒ ගැන විමසිල්ලෙන් පසුවන්න. 
ගෘහ ජිවිතයෙද ප්‍රබල වෙනස්කමක් නොමැති අතර ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබේ.
තමාගේ වචනයේ ඇති යම් දුර්වලකම් නිසා තමාට හිතවත් අය අමනාප විමට ඉඩ තිබේ.
සෞඛ්‍ය ලෙස සතිය මැදදී සෙම් හා බෝවන රෝග ගැනද නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න.

කන්‍යා 
ඉතාම පීඩාකාරි සහ කලබලකාරි සතියකි. 
සදුගේ ගමන 6 වැන්නේ සතියේ මුල් කොටසෙදි යෙදෙන බැවින් ඔබට යම්කිසි රෝගපීඩා ආදිය ඇතිවිමට ඉඩ තිබේ. එසේම මේ සතිය තුලදී ණය ගනුදෙනු වලදි පරිස්සම් විය යුතුය. ආර්ථික වාසි නොමැති වුවත් රැකගත් ධනය පරිස්සම් කරගැනිම ඔබගේ වගකීමයි.
ගෘහ ජීවිතයේ ප්‍රබල වෙනස්කමක් නැතත් සාමාන්‍ය පරිදි ගතවිමට ඉඩ තිබේ. නමුත් ඔබට පිට පලාත් වල සංචාරය සහ කෙනෙකුගේ ආරාධනය පිට වෙන පලාතක යාමට, විදෙස් ගත වීමට ආදියට හැකියාව තිබේ. 
මානසික ආතතිය, කලබල වීම කේන්ති යාම සහ අධි රුධිර පීඩනය ඇති අය සැලකිලිමත් වන්න. මේ රෝග ලක්ෂණ පහල විමට ඉඩ තිබේ.

තුලා
ඔබට සාමාන්‍ය සතියකි. 
ආදායම් ලැබිම පහසු වුවත් එය රැකගැනිම අපහසුය.
ආදායම් රැකගැනිමට කටයුතු කරන්න. 
ගෘහ ජිවිතයේ ප්‍රීතිය සමාදානය, සතුට ඇත්තේ ඔබගේ ක්‍රියාකලාපය තුලය. මන්ද අඹුසැමි ප්‍රේමය දෙදරා යාමට තරම් දේවල් වීමට පුලුවන.
මේ කාලයෙදි ඔබ ස්වාමියා හෝ භාර්යාව ආශ්‍රය කරන හැටියෙන් එය තීරණය වේ. 
සෞඛ්‍ය තත්වයේ, පාද වල දැවිල්ල, පාද වල ආබාධ, ලේ කෝපවීම්, විෂ බීජ ශරීර ගතවීම ආදිය විමට පුලුවන. 

වෘශ්චික
බෙහෙවින් සුබ සතියකි. 
තමාගේ පෙර පින් බලය විදහා පාන කාලයක් බැවිනුත් මෙ ලග්න හිමි බොහෝ දෙනෙක්ට වාසනාවන්තය. 
සදු ග්‍රහයා කේන්දරස්ථාන වල සහ ත්‍රිකෝණයක ගමන් කරන මේ කාල වලදි ඔබගේ හොද හිත හා මානසික යහපත නිසා වාසි ඇත. ලැබීම් තිබේ. 
එසේම ඔබට අවශ්‍ය කරන මුදල් හදල් යම්කිසි හෝ මාර්ගයකින් සම්පාදනය කරගැනිමට ඔබට වාසනාව ඇත.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර දරුවෙකුගේ ජයග්‍රහණ සහ දක්ෂතාවය වෙනුවෙන් ඔබට ප්‍රීතිමත් විමට ඉඩ හැකියාව ඇත. නිවසේ ප්‍රීතිමත් භාවයක් පවතී.
සෞඛ්‍ය ගැටළු නොමැති අතර උදරාබාධ සහ සෙම් ගතිය ඇතිවන නිසා ඒ ගැන පරිස්සම් වන්න.

ධනු
ශුභ සතියකි.
තමාගේ හැකියාව අනුව මුදල් ඉපයීමට වාසනාව ලැබේ. අතරමග නවතා තිබු කටයුත්තක් ආරම්භ කිරිම නිසා පසුවට මුදල් ලැබේ. ණයට දුන් මුදල්, ණය ගනුදෙනු පියවේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර සහෝදරකාරකාදින්ගනේ උදව් උපකාර ලැබේ. නිවසට නෑයන් එන කාලයකි. විශේෂයෙන්ම බ්‍රහස්පති/ගුරු ග්‍රහයා විපරීතව උච්ච වන නිසා ඔබට මංගල යෝග උදාවන කාලයකි. 
උදරාබාධ සහ සෙම් ආශ්‍රිත රෝග හා ජලයාශ්‍රිත රෝග ගැන විමසිලිමත් වන්න.

මකර
ශුභ සතියකි. 
තමාගේ ප්‍රියමනාප භාවයත්, වචනයේ ඇති බලයත් හැකියාවත් අනුව මුදල් ඉපයීමට වාසනාව ලැබේ. නමුත් සතිය මැදදී ඔබගේ අවංකභාවය නිසා මුදලක් හදලක් නැතිවී යාමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. තමාගේ බිරිද සමග ප්‍රීතියෙන් ගත කිරිමට හැකියාව ලැබෙන අතර දරුවන් සිටින අය විශේෂ චාරිකා සදහා පිටත් වේ.
සමහරවිට ඒවා පිටරට සංචාරද විය හැක.
සෞඛ්‍ය තත්වය නම් සෙම් ගෙඩි, හිස කැක්කුම, සෙම් ආශ්‍රිත රෝග හා නහර කැක්කුම් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ
සාමාන්‍ය සතියකි.
අනිකුත් ප්‍රධාන ග්‍රහයන් ලග්නයට අශුභව පිහිටා ඇති අතර, 6 වැන්නාධිපති සදුගේ ගමන විසේස බලපෑමක් එනම් දියුනුවක් ඇති නොකරයි. සාමාන්‍ය පරිදි ආර්ථිකය ගොඩනගා ගනී. මුදල් වැයවීමද තමාගේ විමසිලිමත් භාවය අඩු නිසා විය හැක. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. 
සතිය මැදදී තමාගේ අතින් නිකරුනේ මුදලක් වැයවීමට ඉඩ තිබේ. 
විසේසයෙන්ම උෂ්ණාධික රෝගාබාධ සහ අක්ෂි ආබාධ ප්‍රධානයි - සෞඛ්‍ය ගැටළු

මීන
ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍ර සතියකි. 
ඔබගේ අනෙකුත් ග්‍රහචාරයන් හා සසදා බලන කල විශේෂ බලපෑමක් නැතත් සදුගේ ගමන අනුව සතියේ මුල් දවස් 3 යම් කිසි හෝ ගැටළුවක් ඇතිවිමට ඉඩ ඇත. එනම් ආර්ථික අංශයෙනි. 
ආදායම අනුව වියදම පාලනය කරගන්න. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. 
දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිමට වාසනාව ලැබේ. 
ඔබට ශුභ කාලයකි. 
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment