Saturday, August 16, 2014

කේතු සමග සංයෝග

කේතු පොදුවේ කෙට්ටු සිරුරක් හිමි කෙනෙකි. ඉනෙන් ඉහල මිනිස් සිරුරකුත්, පහල නාග කොටසකුත් සහිත බව කියවේ.
රහස් ගති ඇති, හකුළුවන කෙනෙකි. ඉගෙනීමට යහපත්ය.
පොදුවේ 5, 9 ස්ථාන වලට සුභයි. වෙන ග්‍රහයන්ට සුබ නැති 12 වැන්න කේතුට සුබයි.
12 කේතු සිටීමෙන් මේරුනු පෙනුමක් ඇතිවිය හැකි වුවද ධනය ලැබිමට හේතුවේ.
රාහු ප්‍රසිද්ධිය මෙන්ම කේතු අප්‍රසිද්ධ කරයි.
කේතු සමග අනිකුත් ග්‍රහයන් සිටීමෙදි තත්වයන් මෙසේය.

* කේතු - රවි

ඉ‍ගෙනීමට සුභයි. ආදායම් ලැබුවද වියදම් අධික වේ. ධනවත් වීම ගැන අදහස් අඩුය. හකුළුවන ගති නිසා අන් අය අතර කැපී නොපෙනිය හැක.
සෙම ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - සඳු/චන්ද්‍රයා

බොහෝ සිතන යෝගයකි. සිත චංචල විය හැක. මෙය හොඳ ඥාන යෝගයකි. මෙය ඉගෙනීමට යහපත් පිහිටීමකි. බොහෝ දැනුම ගන්නා පිහිටීමකි. විරුද්ධ ලිංගික අයට ලැදිය. රැවටීම් වලට අසුවීමටද ඉඩ ඇත. එසේ වුවද උපායශීලිය.

* කේතු - කුජ/අගහරු

දුර්වල ශරීරයක් හිමිවිමට ඉඩ ඇත. විවාහයට බාධා වන තත්වයක් කේතු නිසා ඇතිවෙයි. විවාහයෙදි පරිස්සම් වීම වැදගත්ය.
රුධිරය සම්බන්ධ රෝග හා ශක්තිය අඩුවිමේ රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - බුධ

මෙයද ඥාන යෝගයකි. මෙම යෝගය ඇති අය ඉගෙනීමට දක්ෂය. විසේසයෙන් ගණිත මිණිත කටයුතු, කලාවට බර අය වෙති. බුධගේ ලක්ෂණ යෙදීම නිසා මෙසේ වෙයි.
සමහරවිටක සම ආශ්‍රිත රෝගි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.

* කේතු - ගුරු/බ්‍රහස්පති

ධනය ලැබෙන පිහිටීමකි. අධ්‍යාපනයට යහපත්ය. එක තැනක හිදිමින් කටයුතු කරයි. කාර්යශූර වේ. දේපල ආදිය ලැබේ. විසේසයෙන් ගුරුගේ මහ දසා, අතුරු දසා මෙන්ම, කේතුගේ මහ දසා අතුරු දසා වලදී සුබයි.
පිත ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - සිකුරු/ශුක්‍ර

ධනවත් විය හැක. ධන ලාභ තිබේ. එසේ වුවද දරුවන් අඩුවීමට හෝ නැතිවිමට ඉඩ තිබේ. විටෙක තමාට නුසුදුසු අය හා සම්බන්ධ වී කරදර පවා ඇති කරගනී.
සෙම් රෝග, ශුක්‍ර ධාතුව සහ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - ශනි/සෙනසුරු

මෙය නිසා රෝගි තත්ව විශේෂයෙන් කඩිසර සහ ධෛර්යවන්ත නොවිමට ඉඩ ඇත. මතකය අඩුවිමට ඉඩ ඇත. සෙම් ආබාධ, ස්නායු රෝග වලට ඉඩ ඇත. කල්පවතින රෝග පවා ඇතිවිය හැක.

No comments:

Post a Comment