Friday, August 1, 2014

අගෝස්තු මාසය ලග්නෙට කොහොමද ?

• මේෂ
යහපත් මිතුරන් ඇතිවන කාලයකි. යහපත් සිතිවිල්ලෙන් හා කැපවීමෙන් කරන කටයුතු සාර්ථක වේ. 
රැකියාවේ උනන්දුව ඇතිවේ. ආයතන ප්‍රධානින්ගෙන් උදව් ලැබේ. ආදායම් දියුණු වේ. අමතර ආදායම් වලට සිත යොමුවේ.
පවුලේ සමගිය දියුණු වේ. අධ්‍යාපන කටයුතු දියුණු වේ. වැඩිහිටියන්ගේ උදව් ලැබේ.
සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

• වෘෂභ
ආර්ථික තත්වය දියුණු වේ. හදිසි ධනලාභ ඇතිවිය හැක.
අන් අයගේ උපදෙස් ලැබේ. හොද මිතුරන් ඇතිවේ. මෙතෙක් අතපසුවූ කටයුතු කල හැකිවේ.
අධ්‍යාපනයට බාධා ආවද නිසිලෙස කටයුතු කර මගහරවා ගත හැක. රැකියාවෙදිද යම් කරදර ඇතිවිමට ඉඩ ඇත, බුද්ධියෙන් කටයුතු කරන්න.
උදාරාබාධ සහ සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

• මිථුන
සැනසීමෙන් විනෝදයෙන් ජිවිතය ගත කිරීමට සිතේ.
පවුලේ සමගිය දියුණුව ඇතිවේ. කටයුතු සඵල වේ. 
අධ්‍යාපන කටයුතු වලට ගැටළුවක් නැති වුවද නොමනා මිතුරන් ඇතිවිමෙන් බාධක යෙදිය හැක.
රැකියාවේ දියුණුව ඇතිවේ. ආදායම් ඉහල යයි. හදිසි ධනලාභ ඇතිවිය හැක, පුණ්‍ය කටයුතු වලට වියදම් කල හැක.
සෙම් රෝග ගැන අවදානමත් වන්න.

• කටක
සිතේ සතුට රජයන කාලයකි. ආගම දහමට සිත නැඹුරුවේ. සමාජ කටයුතු වෙනුවෙන් කැපවේ. මිතුරන් හිතවතුන් මුණ ගැසේ.
රැකියාවේ දියුණුව ලැබේ. ආදායම් ඉහල යයි. හදිසි ධනලාභ පවා අපේක්ෂිතය.
පවුලේ සමගිය දියුණු වේ. පවුලේ එකමුතුබව ඇතිවේ
රුධිරය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.

• සිංහ
වෙනදාට වඩා කලබලය ආවේගශීලි වීම ආදිය ඇතිවිමට ඉඩ ඇත. කෙසේ වුවද හොද මිතුරන් සහ කිට්ටු අය නිසා ගැටළු නොවි සිටිය හැක.
රැකියාවේ තත්වය යහපත් වේ. උසස් අයගේ ප්‍රශංසාව හිමිවිය හැක. ආදායම් ලැබේ, නමුත් වියදම් ඉහල යයි. 
පවුලේ සමගිය වෙනුවෙන් ඉවසිය යුතුය. අන් අයගේ අදහස් වලට ගරු කරන්න.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

• කන්‍යා
ගැටළු පැමිණියද බුද්ධියෙන් විසදා ගනි.
පවුලේ මත ගැටුම් තිබුනද සාමකාමිව කල්ගත කල හැක. 
රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි වේ. වෙනදාට වඩා ක්‍රියාශීලි වේ. ආදායම් දියුණු වේ. අමතර ආදායම් ලැබේ.
කම්මැලි නොවි කටයුතු කරන්න. අධ්‍යාපනය ගැන විසේස සැලකිල්ලක් දක්වන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

• තුලා
වෙනදාට වඩා දහමට නැඹුරු වන කාලයකි. හොද මිතුරන් ලැබේ. 
නිවසේ තත්වය යහපත් වේ. නිවැසියන් හා සමීප වේ. 
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
රැකියාවෙදි ගැටළු ඇතිවිය හැකි වුවත් ඉවසීමෙන් 
උෂ්ණාධික රෝග ගැන සැලකිලිමත් වන්න.
බුද්ධියෙන් ඒවා සාර්ථක කරගත හැක. ආදායම් දියුණු වේ. වියදම් අධික විය හැක.

• වෘශ්චික
ඉක්මන් කෝපය තිබුනද ඉක්මණින් ඒවා තේරුම් ගෙන නිසි ලෙස කටයුතු කරනු ඇත. හොද මිතුරන් ලැබේ.
රැකියාවෙදිද යම් බාධා පෙන්නුවද නිසිලෙස කටයුතු කිරීමෙන් ගැටළු ඇති නොවේ.
නිවසේ ගැටළු තිබුනද ඒවා සාකච්ඡා කරගෙන යහපතින් සිටිය හැක.
ඉගෙනීමෙ කටයුතු වලට සුබයි. වැඩිහිටියන්ගෙන් සහයෝගය ලැබේ.

• ධනු
දහමට නැඹුරුවන සිතේ සැනසීම ඇතිවන කාලයකි.
පවුලේ යම් ගැටළු ඇති වුවද සමගිය රැකේ.
ඉගෙනීමේ කටයුතු වලට බාධා යෙදුනද ඒ ගැන නිවරදිව කටයුතු කල හැක.
රැකියාවන් පිලිබද යම් දුෂ්කරතා නිසා ඉහල අයගෙන් බැනුම් ඇසිමට ඉඩ ඇත. 
මිතුරන් වෙනුවෙන් වියදම් විය හැක.
උදාරාබාධ, සෙම් රෝග ආදියට හේතු විය හැක.

• මකර
ධෛර්යයයෙන් කැපවිමෙන් කටයුතු කරන කාලයකි. හොද මිතුරන් ලැබේ.
පවුලේ සමගිය ලැබේ. පවුලෙ සමගිය රැකේ. හොදින් කටයුතු කරන කාලයකි.
රැකියාවේ දියුණුව ඇතිවේ. අන් අයගෙන් ප්‍රශංසා ලබයි. ආදායම් වැඩිවේ. හදිසි ධනලාභ ලැබිය හැක.
ඉගෙනිමේ කටයුතු වලට නිසි තැන නොදුන්නොත් පසුබැමක් විය හැක.

• කුම්භ
දහමට සිත නැඹුරු වන කාලයකි. 
පවුලේ සමගිය රැකගත හැක, ඒ වෙනුවෙන් කැපවන්න. 
රැකියාවේ දිදයුණුව ඇතිවීමට මදක් ප්‍රමාද වේ. ඔබගේ කටයුතු වැඩි කැපවීමකින් කලද නිසි ඇගයීමක් නොමැති විය හැක. ආදායම් වැඩි වුවද වියදම් අධික විය හැක.
අධ්‍යාපනයට සුළු බාධා අපේක්ෂිතය. 
සෞඛ්‍ය තත්වය යහපත් වේ.

• මීන
වෙනදාට වඩා යහපතින් සිටිමට සිතන කාලයකි.
පවුලේ අය ගැන නිසිලෙස නොසෙව්වොත් අර්බුද ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවට සුබයි. කෙසේ වුවද ලැබෙන වගකීම් නිසි ලෙස කරන්න. ආදායම් ඉහල යන අතර, නව ආදායම් අවස්ථා ඇතිවිය හැක.
ඉගෙනීමෙන් ජය ලැබේ. බාධකද අපේක්ෂිතය.
සෞඛ්‍ය තත්වය යහපත් වේ. 

No comments:

Post a Comment