Tuesday, August 5, 2014

මේ සතිය ලග්නෙට කොහොමද ? (අගෝ.5 )

● මේෂ 
අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කරන්න. එසේ නොවුවොත් අනවශ්‍ය කරදර ඇතිවනු ඇත.
කතාවෙන් යම් වාසි අත්විය හැක. 
ගෘහ ජිවිතයට සම්බන්ධ කටයුතු වලට නිවෙස් අලුත්වැඩියා කටයුතු වලට බාධා ඇතිවිය හැක. මුදල් සම්බන්ධ කටයුතු වලදී බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

● වෘෂභ
තම කටයුතු වෙනුවෙන් කරන කැපවීම් වලදී තමාගේ හිතවත්ම අයගෙන් යම් හිත් නොහොදකමක් ඇතිවිමට හේතුවිය හැක. වැඩිහිටි අයගේ උදව් ලැබේ.
අන් අතර කැපී පෙනෙන කාලයකි.
අධ්‍යාපන කටයුතු වලටද යම් බාධා ඇතිවේ.
පෙම් සබදතා වලට බාධා ඇතිවේ. නව පෙම් සබදතා ඇතිවිය හැක. 
ලේ විෂවීම් වලින් පරිස්සම් වන්න. හදිසි රෝග සම්බන්ධව ඉවසිලිවන්ත වන්න. 

● මිථුන
රැකියාවේ දියුණුව ඇතිවේ. අන් අයගේ උදව් ලැබේ. අනාගතය ගැන සැලසුම් කරන කාලයකි.
අධ්‍යාපනයට යහපත් කාලයකි. දරුවන්ට යහපත්ය. 
ව්‍යාපාර කටයුතු වලට යහපත්ය. ආර්ථිකය යහපත් වේ. 
අඹුසැමියන්ගේ සබදතාව යහපත් වේ. 

● කටක
අන් අය අතර කැපී පෙනෙන කාලයකි. සිත ප්‍රීතියෙන් ගත කරන කාලයකි. කතාවෙන් ජය ගනී, වාසි අත්වේ.
ගෘහ ජිවිතය තුල යම් අපහසුතා ඇතිවනු ඇත. අන් අයගේ මතයටද ඇහුම්කන් දෙන්න. ඉවසීම වැදගත් වනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

● සිංහ
වෙනදාට වඩා සිතට එකගව නිසිලෙස කටයුතු කරන කාලයකි. බාධක ගැන නොසිතා කැපවීමෙන් ජය ගන්නා කාලයකි. 
සිංහ ගති පෙන්නුම් කරන කාලයකි. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. 
අන් අය වෙනුවෙන් වියදම් කරන කාලයකි. 
සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

● කන්‍යා
හදිසි ධනලාභ ලැබීමටද වාසනා ඇතිවේ, ආර්ථිකය යහපත් වේ.
ගමන් අධික වන කාලයකි.
ඉගෙනීමේ කටයුතු සාර්ථක වන කාලයකි. පවුලේ සමගිය වැඩිදියුණු වේ.
අධ්‍යාපනයට මදක් බාධා ඇතිවේ. 
අධි රුධිර පීඩනය, උෂ්ණ රෝග ඇතිවීමටද ඇතිවිය හැක.

● තුලා
තම මතයටම, තමන් ගැනම කටයුතු කරන කාලයකි. ඒනිසා එම සිතිවිලි වලින් ඉවත් වන්න. එයින් පාඩු සිදුවිය හැක.
වෙනදාට වඩා දහමට නැඹුරු වේ. මුල් දින වල පැවති ගැටළු සති අවසානයේ සාර්ථක වේ. 
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් මුඛ රෝග ගැන සැලකිලිමත් වන්න.

● වෘශ්චික
හදිසි ධනලාභ ඇතිවිය හැක. දහමට නැඹුරුවන කාලයකි. 
අන් අයගේ උපකාර හිමිවේ. 
තම සිතැගි වලටම කටයුතු කරන්නට සිතයි. එසේ කටයුතු කිරීමෙන් තමාට පාඩු සිදුවිය හැක. 
අධ්‍යාපනයට යහපත් කාලයකි. වාසි අත්වේ.

● ධනු
ආර්ථික අපහසුතා ඇතිවිමට ඉඩ ඇති කාලයකි. ඒනිසා සිතට කණගාටුව ඇතිවිය හැක. වෙන අය හා කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. සතුරු බාධකද ඇතිවිමට ඉඩ ඇත.
දේපල ලාබ ලැබිය හැක. උසස් අයගේ උපකාර ලැබේ. 
සතිය අගදි නව ආදායම් මාර්ග තිවිමට ඉඩ ඇත. කෙසේ වුවද මුදල් ලැබිමේ බාධා ඇතිවිමට ඉඩ ඇත.

● මකර
රැකියාවෙදි බුද්ධියෙන්, ඉවසීමෙන් කටයුතු කරන්න.
ව්‍යාපාර කරන අයටද සුබ කාලයකි. 
ඇසුරු කරන අය ගැන අවබෝධයෙන් ඇසුරු කරන්න. වංචාකාරි අය මුණ ගැසිය හැක.
පෙම් සබදතා වලට යහපත් කාලයකි.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

● කුම්භ
තමාගේ නිවරදි කටයුතු සහ බුද්ධිය මතම කටයුතු සාර්ථක වන සතියකි. බාධා මැද කටයුතු ඉදිරියට ගෙන යන කාලයකි. 
සියුම් බුද්ධියෙන් කටයුතු කරන කාලයකි.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. 
විනෝද අවස්ථා යෙදේ. 
කටයුතු වලදී අනවශ්‍ය ලෙස කලබලවීම පාඩු සිදුකරනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න, විශේෂයෙන් නිදන් රෝග ගැන සැලකිලිමත් වන්න.

මීන
ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්නට සිතන කාලයකි.
අධ්‍යාපන කටයුතු වලට සුබ කාලයකි. කලාවට සම්බන්ධව කටයුතු කරන අයට සුබ කාලයකි.
අඹුසැමියන්ට ප්‍රීතිය ඇතිවන කාලයකි. 
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න. විසේසයෙන් මීන ලග්න දරුවන් ගැන සෞඛ්‍ය තත්වය අරඹයා සැලකිලිමත් වන්න.

#ඉරුසේවය + Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment