Monday, February 26, 2018

සතියේ ලග්න පලාපලය - පෙබ 26 සිට

-
සඳු හෙවත් චන්ද්‍රයා  ඉදිරි සතිය තුළ මිථුන, කටක, සිංහ යන රාශි වල ගෝචර වේ.
-
පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක !

-

● මේෂ
ඔන්න ඔබට මෙම සතිය තුළ ආදායම් මාර්ග වල ගැටලු ඇති වෙන්න පුළුවන් සතියක් වෙන්න පුලුවන් ඉදිරි සතිය.
ඉදිරි සතිය තුළ ඔබගේ රැකියාවේ ස්ථාන මාරු වීමක් සිදු විය හැකියි. නව රැකියා ලැබිමටද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ මෙතෙක් තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට හැකිවන සතියක්ද විය හැක.
-

● වෘෂභ
ඔබගේ ආදායම් මාර්ගවල ආදායම් තත්වය තරමක් වර්ධනය විය හැකි කාලයකි.
රැකියාවේ ආයතනික ගැටලු සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට හැකිවන කාලයකි.
ඔබගේ ගෘහ ජීවිතය තරමක් කලබලකාරී ගති නිසා ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.


-
● මිථුන
ඔයාගේ නව ව්‍යාපාර නව ආදායම් මාර්ග ආරම්භ කිරීමෙිදි ගැටලු ඇති විය හැකි කාලයකි.
විදෙස් රැකියා විදෙස් ගත වීමට බලාපොරොත්තු වන ඔබගේ බලාපොරොත්තු සඵල වීමට හැක.
ඔබට පවුල් ජීවිතයේ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් වෙනදාට වඩා කාලය ගත කිරීමට සිදුවේ.

-
● කටක
ඔබගේ ආදායම් මාර්ග පවත්වා ගෙන යාමට බාහිර පාර්ශවයන්ගෙන් උපකාර ලබා ගැනීමට සිදුවීය හැකි කාලයකි.
ඔබගේ රැකියා කටයුතුවල ගැටලු විසඳා ගැනීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
කටක ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතයේ වෙනදාට වඩා සමගින් කටයුතු කිරීමට හැකි වන කාලයකි.
-

● සිංහ
ඔබගේ නතර වී තිබූ තමන්ගේ ආදායම් මාර්ග වල ආදායම් තත්ව වල ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවන කාලයකි.
ඔබගේ රැකියා කටයුතුවල උසස් වීමක් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සපල විමට ඉඩ ඇත.
වෙනදාට වඩා තද ගති ගුණ පෙන්වන කාලයකි එම නිසා ගෘහ  ජීවිතයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.

-
● කන්‍යා
ඔබගේ ව්‍යාපාර වල සහ ආදායම් මාර්ගවල දී ගනු ලබන සෘජු තීරණ හේතුවෙන් තරමක් ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
කන්‍යා ලග්න හිමියන්ගේ රැකියා කරන ස්ථානයේ අන්‍යයන් සමඟ මත ගැටුම්  ඇතිවීමට ඉඩ ඇත, එමනිසා තරමක් කල්පනාකාරී විය යුතුය.
ඔයාගේ ගෘහ ජීවිතයේ නෑදෑ හිතමිත්‍රාදීන් සමග සමඟ කාලය ගත කිරීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
-

● තුලා
ඔයාගේ ආදායම් මාර්ග පුළුල් කිරීමට පියවර ගැනීමට සිදු වේ. ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව  ලැබෙන කාලයකි.
ඔබගේ  රැකියාවේ කටයුතු වෙනදාට වඩා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකිවීමට ඉඩ ඇත.
ඔබගේ ගෘහ ජීවිතයේ තුනටියේ අමාරු සෙම් අමාරු හේතුවෙන් තරමක් පීඩාකාරී බව වැඩි වීමට ඉඩ ඇත.

-
● වෘශ්චික
ඔයාලගේ ආදායම් තත්වය වෙනදාට වඩා නම් පහළට බැසීමට කරුණු  යෙදිමට ඉඩ තිබෙනව.
ඔයාගේ රැකියා ස්ථානයේ දුර දුර බැහැර ගමන් බිමන් යෙදේ යෙදිමට ඉඩ තියෙනවා.
වෘශ්චික ලග්න හිමියන්ට මෙම සතිය තුල  යහපත් මංගල යෝග උදා වීමට ඉඩ තියනවා.

-
● ධනු
ඔබගේ ආදායම් මාර්ග වල ඇති ගැට‍ළු  නිරාකරණය කර ගැනීමට  නීතියේ පිහිට පැතීමට සිදු විය හැකියි.
ඔබගේ රැකියාවේ වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන කාලයක් විය හැකි. නව රැකියා ලැබීමට දිවිය තියෙන කාලයක් විය හැක.
ඔබට නිවාස ආශ්‍රිත නැවතී තිබූ වැඩ කටයුතු ඉදිරියට කර ගෙන යාමට ඉඩ ලැබිය හැකිය.
-

● මකර
මකර ලග්න හිමියන්ගේ ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු වන කාලයකි.
ඔබගේ රැකියා ස්ථානයේ වෙනදාට වඩා වෙහෙසකාරී බව වැඩි විය හැක.
මකර ලග්න හිමි ඔබගේ අධ්‍යාපන කටයුතු උදෙසා වෙනදාට වඩා වෙහෙසීමට සිදු වන කාලයක් විය හැක.

-
● කුම්භ
ඔබගේ ආදායම් මාර්ගවල ඇති  කළමනාකරණයේ  දුර්වලතා හේතුවෙන් ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
ඔබගේ රැකියාව ගැටලුවකින් තොරව කර ගෙන යාමට ඉඩ ලැබේ. නව රැකියා වීමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ ඔබට යෙදෙන මානසික ගැටලු හේතුවෙන් වෙනදාට වඩා ගැටලු ඇතිවීමට ඉඩ ඇත.

-
● මීන
ආදායම් මාර්ග පවත්වා ගෙන යාමට වෙනත් මිත්‍ර පාර්ශවයක  උදව් ලබාගැනීමට සිදු විය හැක.
රැකියා ස්ථානයේ වැඩ කටයුතු අතපසු වීම හේතුවෙන් තරමක ගැට‍ළු කාරී තත්ත්වයන් වලට  මුහුණ පැමට සිදුවේ.
ගෘහ ජීවිතයේ ගනු ලබන තීරණ හේතුවෙන් දෙමව්පියන් ගෙන්  දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment