Monday, February 12, 2018

සතියේ ලග්න පලාපලය - පෙබ.13 සිට

-
මේ සතිය තුළ සඳු,  ධනු -මකර - කුම්භ යන රාශි වල ගෝචරය වේ.
පොදු පලාපලයක් පමණි !
-
● මේෂ

ඔයාගේ මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්. ගේ දොර, ඉඩකඩම් මිල දී ගැනීමට අවස්ථාව උදා වෙන්න පුළුවන්.
මේ සතියේ රැකියාවේ බාධා අඩු වෙයි. නව රැකියා සොයන අයට සුබයි. රැකියා වල යෙදෙන අයට සාමාන්‍ය ආකාරයට රැකියාව කර ගෙන යාමට හැකියාව ලැබේ.
ඔයාගේ  සහෝදරයින්ගේ දියුණුව උදා වෙයි. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.

-
● වෘෂභ
ආදායම් මාර්ග අවහිර විමට ඉඩ ඇත. ඔයාට මුදල් භාවිතාවෙදි ඇතිවන දුර්වලතා නිසා අනවශ්‍ය ගැටළු ඇති වීමේ ඉඩක් ඇත.
ඉදිරි කාලයේ රැකියාවේ ක්‍රියාශීලී ගති පෙන්වයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කර ගෙන යා හැක. වාහන සම්බන්ධ රැකියා වල නිරත අයට වඩාත් සුබයි. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
එදිනෙදා ජීවිතය  සාමාන්‍ය පරිදි ගත කිරීමට ඉඩ ඇත.  එහෙත් අසල්වැසි අයට අනතුරු සිදු වීමේ අවදානමක් පවති. විවාහ යෝජනා ස්ථිර වේ.
-

● මිථුන
ඔයාගෙ ආදායම් මාර්ග  වලින් යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවද පවති. මෙතෙක් තිබුණු බාධා  ගැට‍ළු තත්වයන් ලිහිල් වෙයි. නිෂ්ඵල කාරනා වලට මුදල් යෙදවීමට සිදු විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
ඔයාට මේ සතියේ රැකියාවේ බාධා අඩු වීමට ඉඩ ඇත. කාර්යබහුල වෙයි. එම නිසා නිදහස අඩු විය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් ආදියට ද හේතු පවති.
ඔයා මේ සතියේ ඉක්මන් තීරණ ගැනීමට යාමෙන්  තමන්ට අපහසුතා සිදුවීමට ද ඉඩ ඇත. සැලකිලිමත් වන්න.

-
● කටක
දියුණුව වෙනුවෙන් පියවර රැසක් ගැනීමට ඔබට සිදු විය හැක. එසේම මුදල් නාස්තිය අවම කර ගැනීමටද  කටයුතු කල යුතුය. මුදල් සම්බන්ධ ගැට‍ළු වලට විසඳුම් ලැබෙන කාලයකි. වෙළදාමට සුබයි.
මේ ඉදිරි සතිය රැකියාවට නම් සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. එසේ වුවද නව රැකියා ලැබීම් ප්‍රමාද විය හැක.
ඔයාට දරුවන් වෙනුවෙන් වෙහෙසෙන සිදුවන කාලයක්. විනෝදයට සිත යයි. පවුල් ජිවිතය තුල වෙනසක් ඇති වන කාලයකි.

-
● සිංහ
 ඔයාට මේ ඉදිරි සතිය වැඩිපුර කාලය ගත කරන්න සිද්ධ වෙන්නේ - ඉඩකඩම් ප්‍රශ්න නිරාකරණය කරගන්න.
ඉදිරි සතිය රැකියාවේ ඉවසීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනව. කලබල ගති වැඩි විය හැකි කාලයකි. නව රැකියා සොයන අයට සුබ කාලයකි.
ඔබට ගෘහ ජීවිතය තුල කතාවෙන් ජය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. දරුවන්ගේ දක්ෂතා වර්ධනය විය හැක.  ඔයාගේ සහෝදර සහෝදරියන් ගේ  දියුණුව උදෙසා කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක.

-
● කන්‍යා
ඔයා හවුලේ හවුල් ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න හිතන් ඉන්නවනම් ඒ සඳහා යහපත් කාලයක් වෙනවා ඉදිරි කාලය. ඒ වගේම ආදායම් දියුණුව වෙයි.
ඔයාගෙ රැකියාවේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයක් වීමට ඉඩ ඇත. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාව පවති.
ඔයාට ඉදිරි සතිය ගෘහ ජීවිතය තුල වගකීම් වැඩි වෙයි. පිරිස් ඇසුරෙන් සුබ ප්‍රතිඵල ලැබිමට හැකි කාලයක් . අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් විය හැක.

-
● තුලා
ඉදිරි කාලයේ මුදල් සම්බන්ධ ප්‍රශ්න පැන නැගේ. ආදායම් මාර්ග වලට යම් ගැටලුකාරී තත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත.
තුලා ලග්න හිමියන්ගේ රැකියාවේ වෙනසක් සිදු කර ගැනීමට හැකි කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වෙයි. රැකියාවේ නිදහස අඩු වී කාර්යබහුල විය හැක.
ඔයාගේ පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබේ.

-

● වෘශ්චික
තම ව්‍යාපාර පවත්වා ගෙන යාමට   ණය ගැනීමට සහ  මෙතෙක් තිබු අවහිරතා දුරු වේ. ඔයාගේ ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේ දී ගැට‍ළු මතු වීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත් ව වැඩ කල යුතුය.
ඉදිරි සතිය තුල ගෘහ ජීවිතයේ මෙතෙක් තිබුණු ගැටලුකාරී තත්වයන් මග හැරේ. පෙම් සබඳතා  ස්ථිර විය හැක. විනෝදයෙන් කාලය ගත කරන්නට හැකියාව ඇත.
-

● ධනු
ඔන්න ඉදිරි කාලයේ ආදායමට වඩා වියදම වැඩි විය හැකියි. ආදායම් මාර්ග වල ගැට‍ළු මතු විය හැක. වියදම කළමනාකරණය කර ගත යුතුය.
ඔබගේ රැකියාවට තිබු බාධා ඉවත් වේ. නව රැකියා අවස්ථා උදා වෙයි. උනන්දුව වැඩි වෙයි ඒ සමග නිදහස අඩු වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ඔබට ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයකි. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙන දීමට යම් ඉඩකඩක් පවති.

-
● මකර
මකර  ලග්න හිමියන් වන ඔබගේ ධන හානි අධික වන කාලයකි. නිෂ්ඵල දේ සදහා වැඩිපුර මුදල් නාස්ති විය හැක. බාහිර කටයුතු වැඩි විය හැක. ආදායම් මාර්ග ඇහිරිය හැක.
මකර ලග්න හිමියන්ගේ රැකියා ස්ථානයේ  රාජකාරිය අතපසු විමට ඉඩ ඇත, එයින් ගැට‍ළු ඇතිවිය හැක. ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ද ඉඩ ඇත.
ඔයාගේ පවුල් ජීවිතය තුල පවුලේ අය වෙනුවෙන් වැඩිපුර කාලයක් වැය කිරීමට සිදු වෙයි. ඔයත් තාත්තා කෙනෙක් නම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙනවා.
-

● කුම්භ
ඔයාගේ ආදායම් මාර්ගවලට සතුරන්ගෙන් බාධා  වලට සතුරන්ගෙන් බාධා සිද්ධ වෙන්න පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය - ඒනිසා අවදානමත් වන්න.
ඔයාට ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලැබෙන කාලයකි ඉදිරි කාලය. රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ. උසස් වීම් වලට ඉල්ලුම් කරීමට සුබ  කාලයකි.
තම පවුල් ජීවිතය තුල වගකීම් වැඩි විය හැක. ගමන් බිමන් අධික වීමට ඉඩ ඇති නිසා නිදහස  විවේකය අඩු විය හැක. පෙම් සබඳතා වලට ගැට‍ළු නිර්මාණය විය හැක.

-
● මීන
ඔයා පොළොව සම්බන්ධ ව්‍යාපාරයක් නම් කරන්නෙ, මෙම සතිය තුළ ඒවා සාර්ථක වෙන්න පුළුවන්.
මීන ලග්න හිමියන්ගේ රැකියාවට තිබු බාධා ඉවත් වීමට ඉඩ ඇත. නව  රැකියා විරහිත අයට නව රැකියා ලැබිමට ඉඩ ඇත.
ඔයාට මේ සතිය තුල ඔයාගේ ප්‍රේම සම්බන්ධතාවය ප්‍රවේසම් කර ගන්න වෙනවා. ගැටලු ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය. ඒ ගැන සැලකිලිමත් වෙන්න


-
#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment