Tuesday, February 20, 2018

සතියේ ලග්න පලාපලය - පෙබ 20 සිට



- සඳු ග්‍රහයා මෙම සතිය තුළ මීන - මේෂ - වෘෂභ රාශි වල  ගමන් කරයි.

පොදු පලාපලයක් පමණි.


-

● මේෂ
ඔන්න ඔබට ආර්ථික වාසි ලැබීමටත්,  ආදායම් මාර්ග වල පෙර පැවති පැවති ගැටළු නිරාකරණය කර ගැනීමටත් ඉදිරි කාලයේ ඉඩ ලැබිය හැක.
මේෂ ලග්න හිමියන්ගේ රැකියා ස්ථානයේ තිබූ බාධා ඉවත් වෙනවා. මිතුරු මිතුරියන්ගෙන් උපකාර ලැබෙන්න පුළුවන්  සතියක් තමයි ඉදිරි සතිය.
අවිශ්වාස සහගත සිතුවිලි ඔබගේ ගෘහ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්.


-
● වෘෂභ
මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වන, පැවති ආදායම් මාර්ග වල ආදායම තරමක් අඩු වන කාලයක් තමයි ඉදිරි කාලය - කල්පනාවෙන් කටයුතු කරන්න.
රැකියා කරන  රැකියා ස්ථානයේ උසස් වීම් වලට තිබූ බාධා ඉවත් වන සතියක් තමයි ඉදිරි සතිය.
උදර ආශ්‍රිත  අසනීප නිසා තරමක් කරදර විඳින්න වෙන්න පුළුවන් ඉදිරි සතිය තුළ ඔබට.


-
● මිථුන
ඔබගේ ආදායම් මාර්ග වලට බාහිර පාර්ශවයන්ගෙන් කරදර බාධා ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
රැකියා කරන අයට තරමක් බාධා සිදු වෙන්න පුළුවන් සතියකි. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
ඔබගේ පවුලේ සමගිය වර්ධනය වේවිත අසල්වාසීන් සමඟ තිබූ ගැටුම් අමතක කරලා දාලා සමගින් කටයුතු කරන්න ඉඩ ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.


-
● කටක
ඔබත් අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නව නම්, ඔබට නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් ඒ ගැනත් මදක් සැලකිලිමත් වෙන්න.
ඔයට රැකියාවේ කාලයක් තිස්සේ පවතී ගැට‍ළුදායක තත්ව විසඳා ගැනීමට ඉඩ ලැබිය හැකි කාලයක් ඉදිරි කාලය.
ඉදිරි කාලය ඉගෙනීම ලබන දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙන කාලයක්. පවුලේ සමගිය වර්ධනය වන කාලයක් නම් ඉදිරි කාලය.

-
● සිංහ
ඔයාගේ ආදායම් මාර්ගය වර්ධනය කර ගන්න ණයක් පොඩි අතමාරුවක් ඉල්ල ගන්න හිතන් ඉන්නව නම් ඒ සඳහා යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා ඔබට කාර්ය බහුල වෙන්න සිදු වන කාලයක් තමයි ඉදිරි කාලය.
තමන්ගේ ඉදිරි ජීවිතය ගැන සුභවාදී තීරණ ගන්න ඉඩ ලැබෙන කාලයක් වෙන්න පුළුවන් ඉදිරි කාලය.

-
● කන්‍යා
ඔබට තිබූ ආදායම් මාර්ග වල ආදායම් තත්ත්වය වර්ධනය කර ගන්න, ශ්‍රමය - ඤාණය මිලට ගන්න සිද්ධ වෙනව ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ නම් සතුරු උවදුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන තරමක් කල්පනාකාරී ව වැඩ කටයුතු කරන්න.
පවුල් ජීවිතයේ නම් නෑදෑ හිත මිත්‍රාදීන් නිසා වෙනදාට වඩා මානසික නිදහස අඩු වෙන්න පුළුවන් ඉදිරි සතිය තුල.

-
● තුලා
ඔබගේ ආදායම් මාර්ග වල මූල්‍ය කළමනාකරණයේ ඇති නොසැලකිලිමත්කම නිසා තරමක පාඩු සිද්ධ වෙන්න පුළුවන් ඉදිරි සතිය තුල.
තම රැකියාවේ ආයතන ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති වීමට ඉඩ ඇති සතියකි. සැලකිලිමත්ව කටයුතු කරන්න.
යහපත් මංගල යෝග උදා වෙන්න පුළුවන් සතියක්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්න පුළුවන්.

-
● වෘශ්චික
ආදායම් මාර්ග වර්ධනය විය හැකි කාලයක් තම ඉදිරි කාලය. ඒ වගේම තමන්ට තිබුණු ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ඉඩ ලැබෙන කාලයක් විය හැකි.
රැකියා ස්ථානයේ  තිබූ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීමට සිදු වන සතියක් වෙන්න පුළුවන්.
තම පවුල තුල   වගකීම් වැඩි වේවි නමුත්, පවුලේ අයගේ සහයෝගය අඩුවෙන්න පුලුවන්. අනාගතය පිළිබඳ වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවිය හැකිය.

-
● ධනු
ඔබගේ ආදායම් මාර්ගය පුළුල් කරගන්න හිතාගෙන හිටිය නම් ඔබ ඒ සඳහා ඉදිරි සතිය යහපත් සතියක්.
නව රැකියා කරන අයගේ රැකියාවේ තරමක් වෙහෙසකාරී බව වැඩි වෙන්න පුළුවන්. ඔබත් නව රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඉදිරි සතිය යහපත්.
ඔයාට ඔයාගේ පවුලේ සමඟිය රැක ගන්න වෙනදාට වඩා වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය තරමක් අඩාල වෙන්න පුලුවන් සතියකි.
-

● මකර
වෙනදා නොදුටු ඉලක්ක කරා ගොස් ඒවා සපුරා ගන්න මේ සතිය ඔබට යහපත් වෙනවා.
ඔබත් රැකියාවකට විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සඳහා යහපත් සතියක් තමයි ඉදිරි සතිය.
තමන්ගේ සමීපතමයන්ගේ කටයුතු වලට  තම කාලය වැය කිරීමට සිද්ධ වෙනවා. පවුලේ සමගිය වෙනදාට වඩා ශක්තිමත් විය හැකි.

-
● කුම්භ
තමන්ගේ ආදායම් මාර්ග වල ඇති වන ගැටලු විසඳා ගැනීමට බාහිර පාර්ශවයන්ගෙන් සහාය ලබා ගන්න සිද්ධ වෙනවා.
සුදුසුකම්වලට සරිලන රැකියා අවස්ථා ඔබට ඉදිරි සතිය තුල ලැබිමට පුළුවන්. රැකියා කරන අයට නම් රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යන්නේ ලැබෙනවා.
ඔයාගේ යාලුවෙකුගේ උත්සවයකට ප්‍රිය සම්භාෂණයකට සහභාගි වෙන්න ඉඩ ලැබෙනව. පවුලේ සමගිය වර්ධනය වෙනවා.

-
● මීන
ඔයාගේ ආදායම් මාර්ග වල පැවති ගැටලු ප්‍රශ්න  විසදා ගන්න නීතියේ පිහිට පතන්න සිද්ධ වෙන්න පුළුවන්.
රැකියා කරන ඔබට රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් වීමක් වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය
ගෘහ ජීවිතයේ දී වෙනදාට වඩා පිනට දහමට ලැදි වෙන කාලයක් තමයි ඉදිරි කාලය. ප්‍රේම සම්බන්ධතා වලට නම් තරමක් බාධා ඇති වෙන්න පුළුවන්.
-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment