Friday, February 23, 2018

“ බොහෝදෙනක් බය වෙන විෂ කන්‍යා යෝගය “



අප සමාජය තුළ චරිතය කෙලෙසුණු කාන්තාවෝ බොහොමයක් සිටිති.
මෙවැනි අය බොහෝ විට සන්සුන් ඉන්ද්‍රියන් ඇති සිල්වත් අය මෙන් පෙනී සිටින අය වෙති. එයින් සමහරුන්ට විශිෂ්ට චරිත ඇතත් මුරණ්ඩු ගති ඇත.
* ඇතැම් අය ගරු ආචාර සම්පන්නව දූෂිතව සිටියද  සැමියාට ආදරය - කරුණාව පෙන්වමින් සත්කාර කරති. එවැනි කාන්තාවන් ගැන පුරුෂයෝ හිතන්නේ යහපත් පැත්තෙනි.
* සමහර කාන්තාවෝ අන්‍ය පෙම්වතුන් සමග උකුළු මුකුළු කරමින් සැමියා ගණන් නොගන්නා තත්වයෙන් ක්‍රියා කරති.  රැකියාවන් කරන කාන්තාවන් තමන්ට නුසුදුසු විවාහ කරගෙන පසුකාලීනව තමන්ට මුණ ගැසෙන පිරිමින් සමග ඇඟෑලුම්කම් පාති.

අප සමාජයේ විවිධ තරාතිරම් වල සිටිනා මෙවැනි කාන්තාවන් මෙදා ජීවිතයේදී අපට හමු වේ. එමෙන්ම විවිධ දුක් වේදනා උසුලන තම සැමියාගෙන් හෝ සමාජයෙන් අනාදරය ලබන කාන්තාවෝද  අද සමාජයේ දක්නට ලැබේ.
- කාන්තාවකගේ කේන්ද්‍රයේ පිහිටන  විෂ කන්‍යා යෝගයද මෙවැනි එක් යෝගයකි. මෙම යෝගය  කාන්තාවකගෙ කේන්ද්‍රයක නොපිහිටිය  යුතු යෝගයක් ලෙස කිව හැක.
 මෙම යෝගය යෙදෙන ස්ත්‍රින් නිතර නිතර දුක් වේදනා උසුලන අය වෙති. දරුවන් ගබ්සා වන නිතර දුකින් ජීවත් වන සැමියාගේ අනාආදරය ලබන කාන්තාවන් මේ යෝගයෙන් බිහිව තිබේ. තවත් මෙවැනි කාන්තාවන්ගේ ලක්ෂණ නම්, අන් අයගේ ඇද පළුදු සොයමින් සමාජයෙන් කොන් වී කාලය ගත කිරීමයි.  තම පුරුෂයා දැනුවත් හෝ නොදැනුවත්ව පර පුරුෂයන් ඇසුරට මෙම කාන්තාවන් යොමු වීමට වැඩි ඉඩක් ඇත. පැරණි පුස්කොළ පොත් වල සඳහන් පරිදි මෙම යෝගය යෙදෙන ක්‍රම සමහරක් මෙසේය.

12 වන තිථිය ලත් ඉරිදා දිනයක අස්ලිස - සියවස - කැති යන නැකතින් උපත ලැබීම.
දෙවැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක අස්ලිස නැකතින් හෝ සියාවස නැකතින් හෝ හත්වැනි දිට්ඨිය සහිත දිනයක සියාවස හෝ විසා නැකතකින් උපත ලැබීම.
දෙවැනි තිථිය යෙදී ඇති සෙනසුරාදා දිනයක අස්ලිස නැකතින් හෝ හත්වැනි තිථිය සහිත සෙනසුරාදාවක කැති නැකතින් උපත ලැබීම.

මේ අවස්ථා වලට අමතරව විෂ කන්‍යා යෝගය යෙදුන තවත් අවස්ථා  මෙසේ දැක්විය හැක.

1. ලග්නයේ/ 1 වැන්නේ ශනිද, කුජ 9ද  සිටිම.
2. මේෂ ලග්න කේන්ද්‍රයක ශනි ලග්නයේත්/ 1 වැන්නේත් කුජ - කේතු 6 වැන්නේත් වීම.
3. මේෂ ලග්න කේන්ද්‍රයක කුජ ලග්නයේ/1 වැන්නේ වී, රවි - රාහු 6 වැන්නේ වීම.
4. මේෂ ලග්න කේන්ද්‍රයක රාහු 1 වැන්නේද, කුජ 6ද  වීම.
5. මේෂ ලග්න කේන්ද්‍රයක රාහු 1 වැන්නේද,  රවි - ශනි 10 වැන්නේ වීම.
6. සිංහ ලග්න කේන්ද්‍රයක ශනි 1 වැන්නේද,  රවි - කේතු 6ද වැන්නේ පිහිටීම.

- විෂ කන්‍යා යෝගය භංග වන අවස්ථාද කේන්දරයේම ඇත. ඒවා සමහරක් පහත පරිදිය.

● 7 වැන්නාධිපති,  7වැන්නේ සිටීම සහ ලග්නයේ/ 1 වැන්නේ සුබ ග්‍රහයින් සිටීම.
● ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු- බුධ- ගුරු- සිකුරු බලවත්ව සිටීම.


** අප පල කර ඇති සියලු කරුණු පොදු කරුණු බව සලකන්න !

කාන්තාවන්ගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කිරීමේදී නිවැරැදිව මෙම යෝගය ඇද්ද නැද්ද දැන ගැනිමට හසල දැනුමක් ඇති ජෝතිර්වේදී මහතෙකුගේ සහාය ලබා ගත යුතුයම.
● සාමාන්‍ය ජ්‍යොතිෂ්‍යය දැනුම ඇති පුද්ගලයන්ට මෙම යෝගය ඇත්ද නැද්ද යන්න නිවැරදිව නිර්ණය කර නොහැක. මෙම යෝගය ඇති අය නිසියාකාරව තම පවුල් ජීවිතය ගත නොකරන්නට හේතු ඇති වෙයි. විවාහ නොවී සිටින කාන්තාවෝද මේ අතර වෙති. විෂ කන්‍යා යෝගය ඇති ස්ත්‍රීන් සමඟ විවාහ වන පුරුෂයන්ටද ජීවිත කාලයම දුකින් කාලය ගත කිරීමට සිදුවීමට ඉඩ ඇත.  මෙවන්  යෝග පිහිටන කාන්තාවන් අධ්‍යාත්මික ජිවිතයට අදාල කටයුතු, පින් කටයුතු සිදු කිරීම ඉතා වැදගත් වෙයි.

මෙවන් යෝග ගැන තව විස්තර ඉදිරියට !

@Iru Sewaya


077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment