Monday, February 5, 2018

සතියේ ලග්න පලාපලය - පෙබ 6 සිට

-

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ

ඔබගේ ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිය. ගේ දොර, ඉඩකඩම් මිලදී ගැනීමට අවස්ථාව උදාවන්න පුළුවන්. හැබැයි නිකන්ම ඔයාගේ මුදල් ටික වැය වෙන්න පුළුවන්.
මේ සතියේ නම් රැකියාවේ බාධා අඩු වෙයි. නව රැකියා සොයන අයට සුබයි. රැකියා වල යෙදෙන අයට සාමාන්‍ය ආකාරයට රැකියාව තියෙනවා.
ගෘහ ජිවිතය තුල ඔයාලගේ සහෝදරයින්ගේ දියුණුව උදා වෙයි. ගේ දොර ලස්සනට තියාගන්න ඉදිරි සතිය තුල ඉඩ ලැබෙන්න පුළුවන්.

-
● වෘෂභ
ආදායම් මාර්ග දියුණු කරගැනීම වෙනුවෙන් කලින්ට වඩා වෙහෙසෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම තමයි නව ආදායම් මාර්ග හොයා ගෙන යන්න ඔබට පුළුවන් වෙනවා.
රැකියා කටයුතු වල නම් පෙරට වඩා දියුණුවක් පෙන්වන කාලයක් වෙනවා. ඒ නිසා උසස්වීම් තරඟ විභාග වලට යොමු වෙන්න හිතන් ඉන්නවනම් ඒ සඳහා යහපත් කාලයක් වෙනවා.
ගෘහ ජීවිතයේ පෙරට වඩා ආදරය වැඩි වෙන සතියක් වෙන්න පුළුවන්. ඒ නිසා කලින් දියුණු ප්‍රශ්න අමතක කරලා යහපත්ව ජීවිතය ගත කරන්න ඉඩ ලැබෙන කාලයක් වෙන්න පුළුවන්.
-

● මිථුන
මෙච්චර කාලයක් පොඩියට, පොඩියට කර ගෙන ගිහිපු ඔයාගේ ව්‍යාපාරය එහෙමත් නැත්නම් ආදායම් මාර්ගය පුළුල් කර ගන්න ඉඩ ලැබෙන කාලයක් ඒ තමයි ඉදිරියට එන්නේ.
රැකියා කටයුතු වලට නම් තරමක් බාධා මතුවෙන්න පුළුවන්. ඒ වගේම ඔබ රැකියා සොයන කෙනෙක් නම් රැකියා ලැබිම ප්‍රමාද වෙන සතියක්.
ඔබත් ප්‍රෙම්වන්තයෙක්ද ? එහෙනම් මේ සතියේ පරිස්සම් වෙන්න ඔන ගැටලු ඇති වෙන්න පුළුවන්.

-
● කටක
ඔබගේ ආදායම් මාර්ග වල පෙර පැවති ගැටලු ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන කාලයක් වෙනව. පෙරට වඩා උනන්දුවෙන් කටයුතු කරන්න ඉඩ ලැබෙන කාලයක්.
රැකියා ස්ථානයේ ඔයා ලැබෙන වැඩ කටයුතු නිසා  තරමක් කාර්යබහුල වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
නව නිවසකට පදිංචියට යන්න ඔබ හිතන් ඉන්නව නම් ඒකට මේ සතියේ ඉඩ ලැබෙන කාලයක්.

-
● සිංහ
ඔයා නව ආදායම් මාර්ග ආරම්භ කරන්න බලාගෙන ඉන්නව නම් ඒ සඳහා සදහා ගැටළු ඇතිවෙන්න පුළුවන්, තරමක්  කල්පනාවෙන් කටයුතු කරන්න ඕන.
තමන්ගේ රැකියා කටයුතු වලදී යහළු යෙහෙළියන් ගෙ වැඩ නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයගෙ නම් රැකියා  ලැබෙන්නත් පුළුවන්.
අහල පහල අය සමග මෙතෙක් කල් තරහින් හිටියා නම් ඔන්න ඒ අය සමඟ යාළු වෙන්න කාලේ ඇවිල්ලා තියෙන්නෙ.

-
● කන්‍යා
ඔයා මෙච්චර කාලයක් හවුල් ව්‍යාපාර කරන්න බලාපොරොත්තුවෙන් හිටියා නම් බලාපොරොත්තුවෙන් හිටියා නම් ඒ සඳහා යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා කටයුතුවල  අඩපණ වීම පෙන්නුම් කරන කාලයක් තමයි මෙය ඉදිරි කාලය. නව රැකියා තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්.
දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නිසා සතුටුව වෙන්න සැනසෙන ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.

-
● තුලා
ඔබගේ ආදායම් මාර්ග වල ඇති ප්‍රශ්න වලට උදව් උපකාර කරන බලාපොරොත්තුවෙන් සිටියේ නම් උදව් උපකාර ලැබෙන යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා කටයුතුවල ගැටලු ඇතිවෙලා ආයතන ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති වෙන්නත් පුළුවන් නිසා කල්පනාවෙන් කටයුතු කරන්න ඕන.
ඔයාගේ පවුල් ජිවිතය තුල, පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. ඔයාට  යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබෙන කාලයක් තමයි මේ.

-
● වෘශ්චික
ඔයාලගේ ව්‍යාපාරය එහෙමත් නැත්නම් ආදායම් මාර්ග නඟා සිටුවීමට ණය ලබා ගන්නා බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඉදිරියේදී ණය ලැබෙන්න පුළුවන්.
රැකියා කටයුතු වල  වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කිරීමටයි වග බලාගත යුතු කාලයක් තමයි ඉදිරි කාලය.
ගත වන කාලේ  ඔයාලා විනෝද සවාරි යන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් වන්දනා ගමන් යන බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සඳහා වැඩි ඉඩක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
-

● ධනු
වෙනත් ව්‍යාපාරයක් පටන් ගන්න මිතුරකුගෙන් සල්ලි ඉල්ලන්න බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ මිත්‍යාර ලඟටම ඇවිල්ල සල්ලි ඕනද කියල අහන සතියකි, ඉදිරි සතිය.
රැකියා කරන ඔබගේ රැකියා කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් තමයි ඉදිරි කාලය.
ඔයා තවම විවාහ වෙලා නැත්නම් විවාහ යොජනා ඉදිරිපත් වෙන කාලයක් මංගල යෝග උදා වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
-

● මකර
මුදල් ආශ්‍රිත ගනුදෙනු වලදී ප්‍රවෙශම් වෙන්න ඕන, මොකද මේ කාලයේ වංචා සහගත දේවලට අසු වෙන්න පුළුවන්. ඒනිසා කලපනාකාරී වෙන්න ඕන.
රැකියා කටයුතු වල තිබුන ගැටලු විසදා ගන්න ඔයාගේ යාලුවන් ගෙන් ආදාර උපකාර ලැබෙන කාලයක් ඉදිරි කාලය.
පවුල් ජිවිතය තුල වගකීම් වැඩි වෙන්න පුළුවන්. ගමන් බිමන් අධික විය හැකි නිසා නිදහස - විවේකය අඩු වෙන කාලයක් තමයි ඉදිරි කාලය.

-
● කුම්භ
ඔයාගේ ආදායම් මාර්ග වල කලින් තිබුන ආදායම ලබන්න, ආදායම් වැඩි කර ගන්න යම් පියවර ගන්න වෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ නම් ඔබට පෙරට වඩා පැසසුම් ලැබෙන කාලයක් ඒ වගේම නව රැකියා බලාපොරොත්තු අයට සුබ පනිවිඩයක් අහන්න ලැබෙන සතියක් වෙන්න පුළුවන්.
ඔන්න මේ සතිය තුල පවුලේ සමගිය වෙනුවෙන් වැඩ කරන්න වෙන කාලයක් තමයි. දරුවන් සමග ගැවසිමට වැඩි ඉඩක් ලැබෙනවා.
-

● මීන
ඔයාගෙ ව්‍යාපාරයේ ආදායම් මාර්ගයේ නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්,  ඒ නිසා ඒ ගැන වැඩි සැලකිල්ලකින් වැඩ කටයුතු කරන්න ඕන.
නව රැකියා සොයන අයට මේ සතිය තුල යහපත් වගේම සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා ලැබෙන්න පුළුවන් කාලයක්.
ගෘහ ජිවිතයේ නම් සෙම් රෝග, තුනටිය අමාරු වැනි රොගාබාධ නිසා තරමක් පිඩාවට පත් වෙන කාලයක් වෙන්න පුළුවන් - ඒ නිසා තරමක් සැලකිලිමත් වෙන්න ඔන.

-

#ඉරු

077 2238041

No comments:

Post a Comment