Sunday, January 28, 2018

“ සතියේ ලග්න පලාපලය “


-
( ජන 29 - පෙබ 03 )
-

* පොදු කරුණු පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.
-
●  මේෂ
  මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්ය බහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන් ඒ නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.

       -
● වෘෂභ
  මේ සතිය  වෘෂභ ලග්න හිමියන්ට නම් කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

● මිථුන
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස් වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
මේ සතිය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

   -
● කටක
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ලැබෙන්න  පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
ඔන්න මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.

    -
● සිංහ
   ඔබ කාලයක ඉඳලා ණය මුදලක් ගන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ ගැන බැංකුවත් එක්ක කතා කර ගන්න ලැබෙන සුබ කාලයක් තමයි මේ.
රැකියා ස්ථානය නම් තරමක් දුර බැහැර ගමන් බිමන් යෙදෙන පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය. නව රැකියා වලට ඉල්ලුම් කිරීමටත් සුඛ සතියක් වේවි ඉදිරි සතිය.
ඔබගේ නිවාසයේ තියෙන ගැට‍ළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් ලැබෙන්න පුළුවන් සතියක්  තමයි ඉදිරි සතිය.

     -
● කන්‍යා
ඔබගේ අතේ තියන මුදල් ටික පරිස්සම් කර ගන්න වෙනවා සොර සතුරු උවදුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
ඔබ ඉල්ලුම් කළ තිබුණ රැකියා ප්‍රමාද වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. රැකියා කරන අයට නම් කරදරයකින් තොර ව රැකියාව කර ගෙන යාමට ඉඩ ලැබේවි.  
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට උදව් කිරීමට ඉඩ ලැබෙන්න පුළුවන් පවුලේ සමගිය වෙනදාට වඩා වර්ධනය කර ගන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්.
   -

● තුලා
   ඔබගෙ ළඟ තියෙන තියන සල්ලි ආයෝජනයක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ සදහා යහපත් කාලයක් ඔබට ඉදිරියට උදා වේවි.
ඔයාගේ රැකියා ස්ථානයේ කලින්ට වඩා ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි නව රැකියා ඉල්ලුම් කරලා තිබුණ අයටත් රැකියා ලැබෙන්න පුළුවන්.
නෑයන් සමඟ සිත් අමනාපකමින්  සිටියේ නම් ඒ නෑදෑයින් සමග නෑකම් අලුත් කර ගැනීමට ඉඩ ලැබෙන්නට පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

  -
● වෘශ්චික
     වෘශ්චික ලග්න හිමියන් වන ඔබට මෙම සතිය තුළ තරමක් කල්පනාවෙන් වැඩ කිරීමට සිදු වේවි. තම ආදායම් මාර්ග වල  නීතිමය නැති වෙන්න පුළුවන්.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියාව වෙනස් වීමක් හෝ මාරු වීමක් පෙන්නුම් කරන කාලයක් තමයි ඉදිරි කාලය.
ගෘහ ජීවිතයේ අනුන්ට උදව් කරන්න නම් යන්න එපා වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන වගේ වැඩ සිද්ධ වෙන්න පුලුවන් නිසා, ඒ ගැන සැලකිලිමත් වෙන්න.


     -
● ධනු
පෙර තිබූ ආදායම් මාර්ග වලට ගැට‍ළුදායක තත්වයන් වලට ඉදිරි සතිය තුළ විසඳුම් ලැබෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කරදර වැඩි වෙන කාලයක් තම ඉදිරි කාලය. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන.
මව්පියන්ට උදව් කිරීමට පෙරට වඩා කාලය ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මව්පියන්ගෙන් පැසසුම්  ලැබෙනවා.
    -
● මකර
  මකර ලග්න හිමියන් ගෙවල් ඉඩම් ගන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා යහපත් කාලයක් ඉදිරියට උදා වෙනවා.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
මෙම සතිය තුළ වන්දනා ගමන් විනෝද සවාරි යාමට ඔබට ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.

    -
● කුම්භ
  ඔබ ආර්ථික ලාභ ලබා ගන්න බලාපොරොත්තුවෙන් ගිවිසුම් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන වංචා සහගත දේවල් වලට අහු වෙන්න තරමක අවදානමක් තියෙන නිසා.
නව රැකියා ගන්න බලාපොරොත්තුවෙන් ඔබ සිටිය නම්. ඒ සඳහා කැඳවීම් ලිපි ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
අසල්වාසීන් සමඟ සිත් අමනාපකමින්  ඔබ සිටියා නම්  සිත් අමනාපකම් දුරු දුරු කරලා එකට වැඩ කරන්න ඉඩ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

   -
● මින
නව ආදායම් මාර්ග වලට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා වැඩි  ඉඩ ලැබෙන්නට  පුළුවන්. යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ ඇතිවන කරදර හේතු සිත් තැවුල් හේතු හා සිත්තැවුල් මානසික පීඩා අධික ව ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.
නෑදෑයින් හිත මිත්‍රාදීන් නිසා ඉදිරි කාලයේ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත් ව කටයුතු කරන්න ඔන.


-

#ඉරු

No comments:

Post a Comment