Friday, January 12, 2018

“ 2018 වසරේ පළමු සිකුරු මාරුව “



-
2018.01.13 සිට 2018.02.06 දක්වා ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු ග්‍රහයා මකර රාශියේ ගෝචර  වේ.
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 12 වැන්නට සිකුරු පැමිණීම නිසා කාලගුණය අසමතුලිත වීමට ඉඩ ඇත. එම නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
-
●  මේෂ
මේෂ ලග්නයේ සිකුරු  පැමිණෙන්නේ 10  රාශිය වන කර්මස්ථානයටය.
මේෂ ලග්න හිමියන් වන ඔබට මෙවර සිකුරු මාරුව නිසා තරමක් අසුබ ඵල ලැබෙන කාලයක්. අතමිට මුදල් ගැවසෙන වගේම ආර්ථික වාසි සැලසෙනවා.
රැකියා කර්මාන්ත වල තිබුණ ප්‍රශ්න විසඳ ගන්න හැකියාව ලැබෙන  කාලයක් තමයි මේ. නව රැකියා සොය සොය ඉන්නවා නම් ඒ අයට යහපත් කාලයක්.
ඔබේ ජීවිතයටත් යහපත් කාලයක් වෙනවා මේ කාලය. දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වෙනුවෙන් ඔබට වැඩිපුර කාලය වැය කිරීමට සිදුවනව.

       -
● වෘෂභ
  වෘෂභ රාශියේ සිකුරු  09 වැන්න වන පුණ්‍යස්ථාන ගත වෙයි.
වෙනදාට තිබුණු පීඩාකාරි  බවින් මිදිලා යහපත්ව කාලය ගත කිරීමට ඉඩ ලැබෙන මූල්‍ය ලාභ ලැබෙන්නට පුළුවන් කාලයක් වෙනවා මේ කාලය.
රැකී රක්ෂා කටයුතුවල යෙදෙන අයට රැකියා ස්ථානයෙන් වරදාන වරප්‍රසාද හිමි වෙන්නට ඉඩ කඩ තියෙන කාලයක් තමයි මේ.
ගෘහ ජීවිතය නම් ඔබට වෙනදාට වඩා විනෝදකාමීව සහ  දනට - පිනට නැඹුරුව වැඩ කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් වෙන්නට ඉඩ තියෙනවා.
    -

● මිථුන
මිථුන රාශියේ 8 වැන්න වන ආයුෂ ස්ථානයට සිකුරු පැමිණෙනවා.
මෙම කාලයේ ඔබ ඉතා පරිස්සම් විය යුතුයි. ණය ගනුදෙනු වලදී සහ මූල්‍යමය කටයුතු වලදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.
රැකී රක්ෂා කටයුතුවල පීඩාකාරී බව වැඩි වීමටත් රැකියා ස්ථානයේ තිබෙන වැඩ කටයුතු හේතුවෙන් නොරුස්සන ගති ගති ඇති වීමටත් මෙම ග්‍රහ මාරුව හේතු වෙන්න පුළුවන්.
ගෘහ ජීවිතයේ දී ඔබ දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුය. තරහ ගන්නේ නැතුව ඉතා අවබෝධයෙන් වැඩ කරනව නම් ඔබගේ ජීවිතය යහපත් කර ගන්න පුළුවන්.
 
-
● කටක
   කටක ලග්නයේ 7 වැන්න වන  කලත්‍ර ස්ථානයට සිකුරු පැමිණෙනවා.
මෙම සිකුරු මාරුව කටක ලග්න  හිමියන් වන ඔබට ටිකක් තදින් දැනෙන ග්‍රහ මාරුව වේවි. දුරදිග  දිග නොසිතා ගනු ලබන තීරණ නිසා ඔබට පසුතැවෙන්න වෙන අවස්ථා උදා වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ නම් නම් එතරම් ප්‍රශ්න ඇති කරන එකක් නැහැ. සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කර ගෙන යන්න පුළුවන් වෙයි.
ගෘහ ජීවිතයටත් යහපත් කාලයක් පෙර තිබුණු ප්‍රශ්න අමතක කරලා අඹු සැමියන්ට ආදරයෙන් ඉන්න ලැබෙනව.

    -
● සිංහ
සිංහ ලග්නයේ  6 වන රෝග ස්ථානයට සිකුරු පැමිණේ.
සිංහ ලග්න හිමියන්ට නම් මෙම ග්‍රහ මාරුව එතරම් සුබ වෙන එකක් නැහැ. සොර සතුරන්ගෙන් තම ආර්ථිකයට බාධා ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය.
නව රැකීරක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට නම් බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන් වේවි.
ගෘහ ජීවිතය ජීවිතයේ දරු දැරියන්ගේ ප්‍රශ්න නිසා තරමක් සිත අවුල් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

     -
● කන්‍යා
කන්‍යා ලග්නය පුත්‍ර ස්ථානය වන  5 වැන්නට සිකුරු ග්‍රහයා පැමිණේ.
අලුත් ආදායම් මාර්ග වලට යොමු වෙන්නට ඔබට අවස්ථාව ලැබෙන පුළුවන්. ඔබට තිබෙන ආදායම් මාර්ග වැඩි දියුණු  කරගන්නත් අවස්ථාව ලැබෙනවා.
රැකී රක්ෂා ප්‍රමාද වෙලා සිටින අයට මෙම ග්‍රහ මාරුව නිසා සුදුසුකම් වලට සරිලන රැකියා ලැබෙන අවස්ථාව උදා වෙන්න පුළුවන්.
ඔන්න මංගල යෝග ප්‍රමාද වෙලා ඉන්න අයට සුඛ ආරංචි ලැබෙන මංගල යෝග උදා වෙන කාලයක් වෙන්න පුළුවන්.

   
   -
● තුලා
   තුලා ලග්න ලග්නය කුටුම්භ ස්ථානය වන 4 වැන්නේ සිකුරු ගෝචර වේ.
තුලා ලග්න හිමියන්ට නම් තරමක් වියදම් වැඩි වෙන්න පුළුවන්. අනවශ්‍ය දේවල් වලට පවා වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා දෙවරක් සිතා බලා කටයුතු කරන්න ඕන.
රැකියා ස්ථානය නම් තරමක් බැනුම් අහන්න සිද්ධ වෙන්න පුළුවන්. තමන්ට පැවරෙන රාජකාරි නිසියාකාරව සිදු කරන්නට වග බලා ගන්න  ඕන කාලයක් තමයි මේ කාලය.
ගෘහ ජීවිතයේ මෙතෙක් තිබූ ගැටලු බාධක ඉවත් වෙලා යන සුබ කාලයක් තමයි මේ කාලය. එම නිසා අඹු සැමියන්ට සතුටෙන් ඉන්න ලැබෙනවා.




  -
● වෘශ්චික
වෘශ්චික ලග්නය සහජ ස්ථානය වන 3 වැන්නට සිකුරු පැමිණේ.
තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගන්න නව පියවර  ගන්න සිද්ධ වෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය.
රැකියා ස්ථානය වෙනදාට වඩා පැසසුම් ලැබෙන්න පුළුවන් කාලයක් ඉදිරියට ඔබට උදා වෙනවා. සතුටින් රැකියාව කරන්න ලැබෙන කාලයක්.
ඔබගේ ගෘහ ජීවිතයේ වෙනදාට වඩා සතුටින්  ගත කිරීමට ඉඩ ලැබෙනවා. මංගල යෝජනා ස්ථිර වෙන්න පුළුවන්.


     -
● ධනු
  ධනු ලග්නයේ සිකුරු 2 වැන්න වන ධන ස්ථානයට පැමිණේ.
ධනු ලග්න හිමි ඔබට හා ආර්ථික වාසි සැලසෙනවා වගේම ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත් ඉඩ තියන කාලයක් වෙන්න පුළුවන් ඒ ගැන සැලකිලිමත් වන්න.
රැකියා සොයන අයට නම් නව රැකියා ලැබෙන මෙන්න ග්‍රහ මාරුව ඔබට වාසනාව ගෙනෙන්න පුළුවන්.
නිවාස අලංකරණය සහ නිවාස ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
 
-

● මකර
මකර ලග්නයේ සිකුරු ලග්න ගත වේ.
මකර ලග්න හිමියන් වන ඔබට මෙම සිකුරු ග්‍රහ මාරුව නිසා ඔබට නොලැබී තිබුණ මුදල් ලැබෙන්න බොහෝ ඉඩ තියන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ නම් තරමක් වැඩ වැඩි වෙන්න පුළුවන්. කොහොම උනත් රැකියාවක් සොයා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් යහපත් කාලයක් වෙන්න පුළුවන් මේ කාලය.
ගෘහ ජීවිතය තුල නම් ඔබට ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වගේම විවාහ ප්‍රමාද වෙලා ඉන්න අයට යහපත් මංගල  යෝජනා ඉදිරිපත් වෙන කාලයක් තමයි මේ කාලය.
 
 -
● කුම්භ
  කුම්භ ලග්නයේ සිකුරු වැය ස්ථානය වන 12 වැන්නට පැමිණේ.
මෙම සිකුරු මාරුව ඔබට මුදල් අතින් තරමක් අඟ හිඟකම් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ. ඒ නිසා මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.
රැකියා ස්ථානයේ  නොසැලකිලිමත්කම නිසා ඔබගේ ආයතන ප්‍රධානීන් ගෙන් හරි අංශ ප්‍රධානීන් ගෙන් දෝෂාරෝපණ එල්ල වෙන්න පුළුවන්.
ගෘහ  ජීවිතයේ දෙන්න දෙමාල්ලන්ගේ මතභේද වලට තුඩු දෙන කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.


   -
● මින
  මීන ලග්නයේ 11 වැන්න වන අයස්ථානයට සිකුරු පැමිණේ.
  වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කරල තමන්ගේ ආර්ථික  ඉලක්ක සපුරා ගන්න මෙම ග්‍රහ මාරුව නිසා මීන ලග්න හිමි ඔබට ලැබෙනවා.
රැකියා කරන ඔබට උසස් වීම් තරඟ විභාග වලට යන්නට බලාපොරොත්තුවෙන් සිටියා නම් එම බලාපොරොත්තු සියල්ල ඉටු කර ගන්න මෙම ග්‍රහ මාරුව නිසා ඔබට  පුළුවන් වේවි.
ගෘහ ජීවිතයේ වෙනදා තිබුණු පීඩා කාරී බව කලබලකාරී බව අඩු වෙලා අඹු  සැමියන් අතර ආදරය වැඩි වෙන කාලයක් වේවි ඉදිරි කාලය.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment