Monday, January 22, 2018

සතියේ ලග්න පලාපලය


-
( ජන 23 සිට)
-

මෙම සතියේ සඳු  කුම්භ, මීන, මේෂ යන රාශි වල ගෝචර වේ.
-

● මේෂ
ඔබගේ ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර දියුණුවට උවමනා කරන වැඩ පිලිවල ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාවන් උදා වනු ඇත.
මේෂ ලග්න හිමියන්ගේ රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමේ මාර්ග ලැබෙන්නට වාසනාව පවති. රැකියා කරන අයට, නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජිවිතය තුල සිතට සහනදායී කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.
සතුරු කරදර ජය ගන්නට හැකියාව   ඇත.

-

● වෘෂභ
වෘෂභ ලග්න හිමි ඔබගේ ආදායම් මාර්ග දියුණු කර ගැනීමට කල උත්සාහයන් සාර්ථක වනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍ර වල ව්‍යාපාර කරන අයට සුබයි. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුභ ඵල ලැබෙන කාලයකි. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් නොවුන හොත් අවාසි සහගත සතියක් විය හැක.
ඔබට රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදුවිය හැක. කාර්මික ක්ෂෙත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
විදෙස් ගත වීමට කටයුතු කරන අයට ප්‍රමාද වීම් විය හැක.
සහෝදර සහෝදරියන් සම්බන්ධව කටයුතු කිරීමටත්, ඔවුන් සමග කටයුතු කිරීමටත් අවස්ථාවන් උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.

-


● මිථුන
ඔබගේ දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට වාසනාව පවති. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලැබීමට ද වාසනාව පවති. මුදල් ඵලදායි දේට යොදවා ගැනීමට හැකියාවන් ලැබෙන්නට ඉඩ ඇත.
මිථුන ලග්න හිමියන්ගේ රැකියා කටයුතු වලදී මධ්‍යම ප්‍රතිඵල වලට මුහුණ දීමට හැකි විය හැක. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
නිවසේ සිටීමට ඇති කාලය අඩු විය හැක.
පින් කටයුතු වලට සිත යොමු වනු ඇත.
මුත්‍රාශය සම්බන්ධ රෝග පීඩා ඇති විය හැක.

-

● කටක
ආර්ථිකය ස්ථාවරව ගොඩ නගා ගැනීමට අවස්ථාවන් උදා විය හැක. ඉඩම් මිලදී ගැනීම්, මුදල් සම්බන්ධ ප්‍රශ්න කරුණු කාරණා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
රැකියා කටයුතු වලදීද තමන්ගේ රාජකාරියෙදි වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ වෙනදාට ලැබෙන සහයෝගය පවා නොලැබෙන්නට ඉඩ පවති.
පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටළුකාරි තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි. ඒවායින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට කල්පනාවෙන් වැඩ කටයුතු කල යුතුය.

-

● සිංහ
ඔබගේ නව ආදායම් මාර්ග වලට උත්සාහ දරන අයට ඒ සදහා ඉඩකඩ සැලසිය හැක. මුදල් නාස්තිය සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
ඔන්න ඔයාට රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට අවස්ථාවක් උදා වෙයි. තමන්ට කිරිමට අපහසු රාජකාරි පවා කිරිමට සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදිමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජිවිතයේ අන් අය සමග පැවති සබදකම් දුරස් වීමට ඉඩ ඇත.
සුළු සුළු අනතුරු බාධා ඇති විමටද ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

-

● කන්‍යා
මේ සතියේ ඔබගේ ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුනද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න - ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
ඔබගේ රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වලින් තමන්ට ගැටළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳාගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-

● තුලා
තුලා ලග්න හිමියන්ගේ  මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදුවිය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදුවිය හැක. ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාවන් සලසා ගැනීමට හැකිවනු ඇත.
ඔබගේ රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. තමන්ට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා කර ගැනීමට වාසනාව පවති.
විදේශ රැකියාවකට යොමු වීමට උත්සාහ දරන්නේ නම් සාර්ථක වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වුවොත්, ඉක්මණ් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩක් පවති. තරුණ අයට ගැලපෙන මංගල යෝජනා උදා විය හැක.
-

● වෘශ්චික
මෙම සතිය ඔබටආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. දේපල ලාභ, ව්‍යාපාර ලාභද, ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇත. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබදතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
ඔබට මෙම සතියේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යන්න පුළුවන් වේවි. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
යම් කලකිරිම් ඇතිවිය හැක.

-

● ධනු
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ඇත. වෙනදාට වඩා කලබලකාරි ගති පැවතුම් ඇති වීමටද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී යහපත් ඵල ලැබීම අඩු විමට ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතුවිය හැක. බුද්ධිමත් වන්න.

-

● මකර
ඔබට නම් මෙම සතිය තුල ආදායම් තත්වය යහපත් කර ගැනීමට වාසනාව තියෙනවා. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා විය හැක. ඉඩකඩම් වලට පැවති බාධාකාරි තත්වයන් මග හරවා ගත හැකි වෙන සේ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරී තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යෑමේදි බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න..

-

● කුම්භ
ඔබගේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මෙම සතිය බෙහෙවින් ඉඩ ලැබිය හැක. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන ඔබට නම් නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබුනු බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවක් උදා විය හැක.
මේ සතියේ ඔබගේ පෙම් සබඳතා වැඩි විය හැක.. විනෝදයෙන් කාලය ගත වනු ඇත.
දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

-

● මීන
ඔයාලාගේ බැංකුවේ තියන සල්ලි තර කර ගන්න ඉඩ ලැබෙන්න පුළුවන්. නව ආදායම් මාර්ග වලටත් යොමු වෙන්න ඉඩ කඩ ලැබෙන්න පුළුවන්.
ඔබගේ රැකියා කටයුතු වලදි වෙනදාටත් වඩා කාර්යබහුල විය හැක. රැකියා සොයන අයට අවස්ථාවන් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා වැඩි ඉඩක් පවති.
තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.

   
-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment