Tuesday, February 20, 2018

රවි මාරුව

ග්‍රහ ලොව රජතුමා වන ඉරු හෙවත් රවි ග්‍රහයා මාර්තු 15 වෙනිදා දක්වා  කුම්භ රාශි ගත වේ.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ ලග්න ස්ථානයේ එනම් 1 වැන්නේ බුධ - සිකුරු සමග රවි සංයෝග වේ.

“ රජය තුළ බලවත් තීරණ ගැනීමට සිදු වන කාලයකි “ ...

-
ලග්න 12ට පොදුවේ මෙහෙමයි.

-

● මේෂ
මේෂ ලග්නයේ 11 වැන්නේ ගෝචර වේ.

‍ මෙතෙක් තිබුණ ගැටලු ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ කඩ ලැබෙන කාලයක් විය හැක. නව උත්පාදන ආදායම් මාර්ග වලින් වෙදාට වඩා පල ලබාගත හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියාවෙහි  බාධා අඩු වී යාමෙන් සිතට සහනදායී බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයට තරමක් බාධා ඇතිවීමට ඉඩ ඇත.
-

● වෘෂභ

වෘෂභ ලග්නයේ රවි 10 වැන්නට ගෝචර වේ.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව  පියවර කිහිපයක්  ගැනීමට සුබ කාලයකි. මෙතෙක් තිබුණ ගැටලු නිරාකරණය විය හැක.
නව රැකියා ප්‍රමාද වුවද  රැකියාවෙහි මෙතෙක් තිබුණ කරදර බාධා ඉවත්විමට ඉඩ ඇත.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් විමට ඉඩ ඇත.

-
● මිථුන

මිථුන ලග්නයේ රවි 9 වැන්නේ ගෝචර වේ.
ආර්ථික ගැටලු විසඳා ගැනීමට හැකි කාලයක්  ඉඩ ඇත, නව ආදායම් මාර්ග සහ නව රැකියා  අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවුන ගැට‍ළු විසඳා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ  පවුලේ සමගිය වර්ධනය විය හැක.

-
● කටක
කටක ලග්නයේ රවි 8 වැන්නේ ගෝචර වෙයි.
ආදායම් මාර්ග වලින් වෙදාට වඩා වියදම වැඩි විය හැක. වියදම් පාලනය කර ගැනීමට සිදුවේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් එම කටයුතු  අඩාල විය හැකිය.
පවුලේ සමගිය වර්ධනය විය හැක. පවුල වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක.

-
● සිංහ

සිංහ ලග්නයේ රවී 7 වැන්නට පැමිණේ.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ  නව පියවරක් ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇති  කාලයකි.
රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් වීමට ඉඩ ඇත. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්  සාර්ථක විය හැක.
පවුල් ජීවිතයේ සමගියට බාධා ඇති  වීමට ඉඩ ඇත. පවුල වෙනුවෙන් කැපවීමට සිදු විය හැක.

-
● කන්‍යා

කන්‍යා ලග්නයේ රවි 6 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ග වල මෙතෙක් තිබුණ ආදායම් තත්වය පහල යාමට ඉඩ ඇත. කල්පනා කාරී විය යුතුය.උසස් ව්‍යපාරික සබදතා ගොඩ නගා ගතහැකි කාලයක් විමට ඉඩ ඇත.
රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවන  තත්වයන් උදා විය හැක. නව රැකියා ලැබේ. මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත.
ගෘහ ජීවිතයේ සමගියට තරමක් බාධා මතු විය හැක. උෂ්නාධික රෝගාබාධ ඇතිවිමට හැකි කාලයකි.

-
● තුලා
තුලා ලග්නයෙ රවි 5 වැන්නට පැමිණේ.
ඔබට ණය ලබාගැනීමටත් ණය ඉල්ලුම් කිරීමටත් සුබ කාලයකි.
නව රැකියා උදා විය හැක.   රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් කාලයකි. මංගල යෝග උදාවේ. දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයකි,
-

● වෘශ්චික
වෘශ්චික ලග්නයේ 4 වැන්නට රවි පැමිණේ.
මෙතෙක් ණය පිළිබඳ  තිබුණ ගැටලු නිරාකරණය විය හැකි කාලයකි. සිතට සහනයක් ගෙන දෙන කරුණු  යෙදේ.
රැකියාවේ බාධා ගැටලු මතු විම නිසා කලබලකාරි ගති වැඩිවි නිදහස අඩුවි යන තත්වයන් නිර්මාණය විය හැක.
ගෘහ ජීවිතයේ තම දරුවන් සම්බන්ධ ගැටලු ප්‍රශ්න මතු කරන කාලයකි. ගෘහ ජීවිතය තරමක් ගැටලුකාරී විය හැක.
_

● ධනු

ධනු ලග්නයේ රවි 3 වැන්නට පැමිණේ.
කාර්ය බහුල වේ, වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙන කාලයක් වීමට ඉඩ ඇත.
රැකියාවේ කලබල ගති වැඩි විය හැක. කරන කටයුතු පිළිබඳ උනන්දුව අඩු වීම රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදා විය හැක.
ගෘහ ජීවිතයේ ගේ දොර  සම්බන්ධ  ගැටලු ඇති විය හැක.  කල්පනාකාරී විය යුතු කාලයකි.

-
● මකර
මකර ලග්නයේ රවි 2 වැන්නට පැමිණේ.
ඔබට  ගැට‍ළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන කාලයකි. අාදායම් තත්ව යහපත් වේ.
රැකියා කටයුතු වල නියුතු අයට යෙදෙන ගැට‍ළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. සමගිය වර්ධනය  විය හැක.

-
● කුම්භ
කුම්භ ලග්නයේ රවී ලග්නයේ ගෝචර වෙයි.
ආදායම් තත්වය පහල  බැසීමට කරුණු යෙදේ. කල්පනාකාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත් විසදුම් සොයා ගත යුතු වේ.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහන දායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයේ කරන කියන කටයුතු වලට වැඩිහිටියන්ගේ පැසසුම් ලැබිමට ඉඩ ඇත.

-
● මීන
මීන ලග්නයේ 12 වැන්නට පැමිණේ.
තමන්ට ලැබුණ ආදායම ස්ථිරව පවත්වා ගෙන යාමේදී ගැටලු ඇතිවිමට හැකි කාලයකි.
රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විය හැක. නව රැකියා උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබිය හැකි කාලයකි.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment