Sunday, March 25, 2018

“ සතියේ ලග්න පලාපලය “ - මාර්තු 26 - 31



-
මෙම සතිය තුල සඳු ග්‍රහයා, මිථුන - කටක - සිංහ  යන රාශි වල ගෝචර වේ.

-
●  මේෂ
  මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්යබහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
ගෘහ ජීවිතයේ මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන්  නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.
       -

● වෘෂභ
  මේ සතිය  වෘෂභ ලග්න හිමියන්ට නම් කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

● මිථුන
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස් වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
ගෘහ ජීවිතය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

   -
● කටක
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ඇහිරීමට පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන  රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
ගෘහ ජීවිතයේ  මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.
-

 ● සිංහ
ඔබ කල්පනාකාරී විය යුතුය. මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි, ආදායම් මාර්ග වලට යොමුවීමට අවශ්‍ය සහයෝගය අන් අයගෙන්   ලැබිය හැක.
රැකියා සොයන ඔබට යහපත් රැකියා අවස්ථා උදා විය හැක. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට ඉඩකඩ යෙදෙනු ඇත.
ඔයාට ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබෙන්න පුලුවන්.  ගෙදර පරිසරය අලංකාර ලෙස  තබා ගැනීමට උනන්දු වේ.
-

●කන්‍යා
කන්‍යා ලග්න හිමි ඔබට නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇති සතියකි. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වෙන්න පුලුවන්. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලටද අවස්ථා උදා විය හැක.
-

● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුණද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න  ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-
● වෘශ්චික
ඔබගේ දේපල ලාභ, ව්‍යාපාර දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇති කාලයක් විය හැක. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබඳතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරීමට සිදුවිය හැක.
ඔබට ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
ඔබගේ පවතින  ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක, බුද්ධිමත් වන්න.
-

● මකර
මකර ලග්න හිමියන්ගේ ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.
-

● කුම්භ
තම ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන ඔබට  නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත්වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත විය හැකි සතියකි . ඔබට දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.
-

● මීන
ආදායම් මාර්ග වලට උත්සාහ කරන ඔබට  ඒ සදහා ඉඩකඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
-


#ඉරු #lka

 077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment