Sunday, December 7, 2025

“ ගැහැණු - පිරිමි අයට ලග්න සහ නවාංශක “



අප ඊයෙ සම්පූර්ණ පරික්ෂාවක් සිදුකල වෘශ්චික ලග්න කේන්දරයක, නවාංශකය තිබුනේ ඔහු උපන් වේලාවේ සෑදු කේන්දරයට අනුව ධනු නවාංශක කියාය. 

කේන්දර සටහන පමණක් බලා හෝ මෘදුකාංග වලින් ගණනය කර පමණක් අප කේන්දර සටහන් නොසාදන අතර, අප විසින් අතින් manual ක්‍රමයටද කේන්දර සාදනු ලබයි.

අනුව අපට පැහැදිලි වූයේ එම කේන්දරයේ නවාංශකයද වෘශ්චික බවයි. 


 නවාංශකය වෙනස් වීම ගැන කල්පනා කලවිට අපට පැහැදිලි වූයේ, 

පිරිමි දරුවෙකු නිසා, ස්ත්‍රි නවාංශකයක් පැමිණිය නොහැකිය යන මතයේ සිට, වෘශ්චික රාශියට පසුව එන 1වෙනි පුරුෂ රාශිය යොදා ඇති බවයි. 

 නමුත්, එය සම්පූර්ණ වැරදි බව කිව යුතුය.


මෙය බරපතල වරදකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන අකුසලයකි.


 පිරිමි දරුවන්ට, ගැහැණු නවාංශක තිබිමද, ගැහැණු දරුවන්ට පිරිමි නවාංශක තිබීමද සිදුවිය හැක. එවන් කේන්දර බොහෝ අද අපට දක්නට ලැබේ. 

මෙවන් කාරණා තේරුම් ගැනිමට පෙර ඉගෙනීමෙන් පමණක් බැරිය. 

ඉගෙනීම යනු න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික යන කාරණා 2 සපිරි 1කි. 

ප්‍රායෝගික දැනුම නැතිව න්‍යායාත්මක දැනුමෙන් ඵලක් නැත.

 


 #ඉරුසේවය

071 383 5369

(WhatsApp)

No comments:

Post a Comment