Friday, December 19, 2025

දරු සම්පත් ඈත් කරන යෝග


 විවාහ දිවියට එළඹෙන සියලුම දෙනාගේ ඊලග බලාපොරොත්තුව වනුයේ, 

දරු සුරතල් බැලීමයි.

වර්තමානයේ ජන්ම පත්‍ර බැලූකල, කේන්දරයේ ඇති ග්‍රහ පිහිටිම් දරු සම්පත් වලට ප්‍රබල බාධා තිබේ.

  ජ්‍යොතිෂ්‍යයේදී 5 වැන්න පුත්‍රස්ථානය ලෙස හඳුන්වමු.

ඔබගේ 5 වැන්නේ සිටින ග්‍රහයා,

• 5 වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ඨි,

• 5 වැන්නාධිපතියා ලැබෙන ස්ථානයේ බල තත්වය,

• 5 වැන්නාධිපතියා උපතේදි නවාංශකයේ සිටින ආකාරය,

විවාහ වී දරු සම්පත් බලාපොරොත්තු වෙන අවස්ථාවේදී, එම කාලයේදි ඔබ ගත කරන, මහ දසා, අතුරු දසා, විදසා සහ

ග්‍රහ ගෝචරය

ඉහත කියන ලද සියලු කාරණා වල බලපෑමක් දරුඵල වලට තිබේ.

( දෙදෙනාගේම කේන්දර සටහන්ද අනිවාර්ය වන අතර, දෝෂ තිබේ නම් ඒවා දුරුකරගැනිමද)

  5 වැන්නේ කුජ සිටිම දරුඵල වලට හානිකර බව කියවේ.

  ගුරු ග්‍රහයා දුර්වල නම් පෙරකී තත්වය තීව්ර වේ.

එවන් තත්වක් තිබියදී, පලමුව පිරිමි දරුවෙක් උපදී නම්, පවුලට සෑහෙන කරදර බාධක ඇතිවෙයි.

පලකර ඇති කේන්දරය ඉතා ගැඹුරින් පරික්ෂා කලවිට පමණක් බොහෝදේ තේරුම්ගත හැක.

⬊⬊⬊


  5 වැන්න වූ පුත්‍රස්ථානයේ ශනි-රාහුගේ පිහිටිම - පාප බලයන්ගෙන් සන්නද්ධව ඇත.


 තිර රාශියක් වන වෘශ්චික රාශියට 9 වැන්න බාධක ස්ථාන යයි.

එම බාධක ග්‍රහයා, වන සදුගෙන් සහ කේතුගෙන් පාප දෘෂ්ඨි එල්ල වීම නිසා 5 වැන්න පීඩාවී ඇත.


  පුත්‍රකාරක  ගුරු ග්‍රහයා, කේතු හිමි "මා නැකතේ" වීමද,

 5 වැන්නේ සිටින සෙනසුරු සහ රාහු මෙම කේන්දරයට අනුව 22 වන දෙර්කාණාධිපතියා මෙන්ම අෂ්ඨමාධිපති බුදහුගේ නක්ෂත්‍රයක පිහිටිමත්, සෙනසුරු, සදුගෙන් 8 වැන්නාධිපතියා වීමද ප්‍රබල දෝෂ තත්වයකි.

එවිට අපිට පෙනී යන්නේ,

  මෙවැනි පාප පීඩිත හඳහනකින් දරුඵල බලාපොරොත්තු වීම ඉතාම දුෂ්කර දෙයක් බවයි.

⫸⫸ එවන් කේන්දරයකට, නිසි ගැලපීම සහිතව දෝෂ භංග කරගෙන, නිසි ශාන්ති කර්ම කරගෙන විවාහ වන්නේ නම් ගැටළු අවම වෙයි. 


 Software වලින් බලා හෝ පොතකින් 2කින් බලා කරන පොරොන්දම් විග්‍රහයකින් නිසි ලෙස විවාහයට - ආදරයට දෙදෙනා ගැලපේද යන්න විග්‍රහ කල නොහැක. 


 අතිබහුතරය සිතා සිටින්නේ ආකාරයට ඉතා  ඉක්මණින් ගැලපේද නැද්ද යන්න බැලිය හැකි බවයි. එයින් අවැඩ සිදුවන්නේ අයටමය.


 නිසි ලෙස නොදන්නා මද දැනුම ඇති අයගෙන් පරික්ෂා කරවාගෙන නැති ප්‍රශ්න ඇති කරගෙන අවසානයේ ජෝතිෂ්‍යය විද්‍යාවටද අපහාස කරති.

#ඉරුසේවය

සියලූම ජෞතිෂ්‍ය කටයුතු - inbox 

irusewaya@gmail.com.

071 383 5369

(WhatsApp)

No comments:

Post a Comment