Saturday, December 20, 2025

“ සිකුරු මාරුව “ (2025 12 20 - 2026 - 01 - 13)

 


ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු/ ශුක්‍ර වෘශ්චික රාශියෙන් මිදී ගුරු හිමි ධනු රාශියට පැමිණේ.

» මෙම ග්‍රහමාරුව 2025 දෙසැ 20 සිට, 2026 ජනවාරි 13 දක්වා පවති.


‣ ​
මේ ගතවන කාලයේ ජනතාවට සෞඛ්‍ය ගැටළු ඇතිවිමට ඉඩ තිබේ. 

වැහිබර කාලගුණය තරමක් දුරට පවතින කාලයකි. 


ලග්න 12පොදුවේබලපෑම පහත දැක්වේ.

මේ සියලු කරුණු ලග්න අනුව පමණක් සකසා ඇති පොදු කරුණුය.

කේන්ද සටහන අනුව වෙනස් විය හැක


-


මේෂ

සිකුරු ග්‍රහයා පැමිණියේ 09 වැන්නටය.

පෙර පැවති ගැටළුකාරි තත්වයන් පහව යන කාලයකි.

ආදායම් තත්වයන් වැඩි වර්ධනය වන නව ආදායම් මාර්ග ඇතිවන කාලයකි.

නව ව්‍යාපාර අරඹන අයට යහපත්ය. 

පවුල වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසෙන්නට සිදුවන කාලයකි. 

 -

වෘෂභ

සිකුරු ග්‍රහයා පැමිණියේ 08 වැන්නටය.

ආදර සබදතා - ප්‍රේමය වැනි දේට ගැටළු ඇතිවිය හැක. 

ප්‍රේම සබදතාවයට පෙර පැවති සමගිය අඩුවි යා හැක.

තරමක් අපල ගෙනදෙන කාලයකි.

ආදායම් මාර්ග වලට ඍජුව බලපෑම් නොවුනද, යම් අහිතකර බලපෑම් සිදුවිය හැක. 

-

මිථුන

සිකුරු ග්‍රහයා පැමිණියේ 07 වැන්නටය.

කල්ගිය ප්‍රේම සබදතා ආශ්‍රිත ගැටළු නිරාකරණය වන කාලයකි. 

ආදරය - ප්‍රේමය වැඩිවන කාලයකි. සම්බන්ධ ගැටළු නිරාකරණය වන කාලයකි.

නව ප්‍රේම සබදතා ඇතිවිය හැකි කාලයකි.

වියදම් තත්වය මනාව කලමනාකරණය නොකලොත් වියදම් වර්ධනය වෙයි.

-

කටක

සිකුරු ග්‍රහයා පැමිණියේ 06 වැන්නටය.

ප්‍රේම සබදතා වල ගැටළු ඇතිවිය හැක. පිලිබදව සැලකිලිමත් විය යුතුය. 

ආදායම් තත්වයද යම් ආකාරයකට සිරවීමක් විය හැකිය. 

නව ව්‍යාපාර, ආදායම් මාර්ග ඇරඹීමට බලාපොරොත්තුව සිටින්නේ නම් මේ කාලයේ අයහපත් වන්නේ නීතිමය ගැටළු යනාදිය ඇතිවිමට ඉඩ ඇති බැවිනි.

-

සිංහ

සිකුරු ග්‍රහයා පැමිණියේ 05 වැන්නටය.

නව ප්‍රේම සබදතා ඇතිවිමට හැකියාව තිබේ. 

දරුවන් සම්බන්ධව - දරු ඵල සම්බන්ධව ගැටළු තිබුනු අයට ඒවා නිරාකරණයට විසදුම් ලැබෙන කාලයකි.

ආර්ථික තත්වය තරමක් පහල බැසීමට ඉඩ ඇත. වියදම වියදම අධික වීමට ඉඩ ඇත. 

-

කන්‍යා

සිකුරු ග්‍රහයා පැමිණියේ 04 වැන්නටය.

නිවාස ගේ දොර දේපල සම්බන්ධ පැවති ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.

කාන්තා පාර්ශවයේ සහයෝගය ලැබෙන කාලයකි. 

ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි. 

ව්‍යාපාර ආශ්‍රිත පැවති ගැටළු විසදී යන කාලයකි. 

-

තුලා

සිකුරු ග්‍රහයා පැමිණියේ 03 වැන්නටය.

නව ආදායම් තත්වයන් නිර්මාණය වන කාලයකි.

වෙනත් පාර්ශවයන්ගේ ආධාර උපකාර ලැබෙන කාලයකි. 

ප්‍රේම සබදතා පවත්වාගෙන යාමට වැඩි වෙහෙසක් ගන්නට වෙන කාලයකි. 

නව ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇත.

-

වෘශ්චික

සිකුරු ග්‍රහයා පැමිණියේ 02 වැන්නටය.

වියදම් තත්වය දෙගුණ තෙගුණ වීමට ඉඩ ඇති කාලයකි.

නව ආදායම් මාර්ග බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු කඩවිය හැකි කාලයකි. 

විදේශ සංචාර, විදේශ ගමන් බලාපොරොත්තුව සිටියේ නම් යහපත් කාලයකි.

ආදර සබදතා වලට, වෙනත් පාර්ශව නිසා ගැටළු ඇතිවිමට ඉඩ ඇත. 

-

ධනු

සිකුරු ග්‍රහයා පැමිණියේ 01 වැන්නටය.

06 සහ 11 වැන්නාධිපතියා 01 වැන්නට පැමිණීම තුල, නව ආදායම් ඇතිවී, මුදල් සම්බන්ධ ගැටළු නිරාකරණය වන කාලයකි.

ගෘහ ජිවිතය වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස ජිවත් වීමට හැකියාව වාසනාව ලැබෙන කාලයකි. 

-

 මකර

සිකුරු ග්‍රහයා පැමිණියේ 12 වැන්නටය.

ආදරය - ප්‍රේමය වැනි කාරණා වලදි තරමක් පසුබෑමට ලක්වන කාලයකි. 

වෙනදාට වඩා ගැටළු ප්‍රශ්න ඇතිවිය හැකි කාලයකි. 

දරුවන් පිලිබද ප්‍රශ්න වලදි වෙහෙසීමට සිදුවන කාලයකි. 

නව ආර්ථික තත්වයන් නිර්මාණය කරගැනිමට වෙහෙස විය යුතු කාලයකි.

-

 කුම්භ

සිකුරු ග්‍රහයා පැමිණියේ 11 වැන්නටය.

නිවාස දේපල සම්බන්ධ ගැටළු නිරාකරණය වන, 

ඉඩම් සම්බන්ද ගැටළු වලට විසදුම් සොයාගත හැකි කාලයකි.

ප්‍රේම සබදතා වර්ධනය වනු ඇත. මංගල යෝග උදාවන කාලයකි. 

-


මීන 

සිකුරු ග්‍රහයා පැමිණියේ 10 වැන්නටය.

රැකියා ස්ථානයේ වෙනදා තිබුනු ගැටළුකාරි තත්වයන් වලට විසදුම් සොයාගත හැකි කාලයකි.

නව ආදායම් මාර්ග ලැබෙන කාලයකි.

එදිනෙදා කරන වැඩ කටයුතු වැඩිවන කාලයකි. 

-


කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව

ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)


No comments:

Post a Comment