Sunday, December 14, 2025

සතියේ ලග්න පලාපලය



( දෙසැ 15 සිට 22 දක්වා)

-

මේෂ
චන්ද්‍රයා 07 වැන්නේ සිටී.
ලග්නාධිපති කුජ සිටින්නේ 9 වැන්නේ රවි - බුධ සමග සංයෝගවය.
පවුල තුල කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරයි.
වෙනදාට වඩා, සමගිය - සාමදානය - ආදරය වැඩිවන සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙයි. හවුල් ව්‍යාපාර කටයුතු - කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට යහපත්ය.

 -
වෘෂභ
චන්ද්‍රයා 06 වැන්නේ සිටී.
ලග්නාධිපති සිකුරු සිටින්නේ 7 වැන්නේය. රවි - බුධ සමග සංයෝගවය.
වියදම් පාර්ශවය වැඩිවන සතියකි.
පවුල වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි

-

මිථුන
චන්ද්‍රයා 05 වැන්නේ සිටී
ලග්නාධිපති  බුධ, 06 සිටින්නේ  වැන්නේ රවි- සිකුරු සමග සංයෝගවය.
වෙනත් පාර්ශව වල බලපෑම් වලට යටත් වන්නට සිදුවන කාලයකි.
වෙනදාට වඩා වෙහෙස වී වැඩ කරන්නට සිදුවන කාලයකි.
සිත්තැවුල් මානසික පීඩා ඇතිවන්නට ඉඩ ඇති කාලයකි.
ආර්ථිකය යහපත්ය.


-
කටක
ලග්නාධිපති චන්ද්‍රයාවැන්නේ සිටී
පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිය ඇතිවන කාලයකි.
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමෙදි, දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා,
 
තරමක පීඩාකාරි සිදුවීම්, සිත්තැවුල් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වයේ එතරම් අයහපතක් නැත. වියදම් ගැන සැලකිලිමත් වන්න.

-
සිංහ
චන්ද්‍රයා 03 වැන්නේ සිටී
ලග්නාධිපති රවි සිටින්නේ  04 වැන්නේ බුධ - සිකුරු සමග සංයෝගවීය.
නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් මහන්සි වන කාලයකි.
ආගමික කටයුතු වලදී ප්‍රධානත්වය ලැබෙන කාලයකි.
එදිනෙදා ගනු ලබන ක්‍රියාමාර්ග නිසා ආර්ථික තත්වය තරමක් පිරිහීමට ලක්විය හැක.

-
කන්‍යා
චන්ද්‍රයා 02 වැන්නේ සිටී
ලග්නාධිපති බුධ සිටින්නේ 03 වැන්නේ රවි - සිකුරු සමග සංයෝගවය.
වෙනදාට වඩා වෙහෙසිලා වැඩ කටයුතු කරන්නට සිදුවන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට නව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන කාලයකි.
ණය සම්බන්ධ වැඩ කටයුතු වලදි ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.
සොර සතුරන්ට, වංචාකාරුවන්ට හසුවීමේ අවදානමක් ඇත.

-
තුලා
චන්ද්‍රයා ලග්නයේ එනම් 01  වැන්නේ සිටී.
ලග්නාධිපති සිකුරු සිටින්නේ රවි - බුධ සමග සංයෝග වී 02 වැන්නේය.
ආර්ථික තත්වය වර්ධනය වන කාලයකි.
නව ව්‍යාපාර ඇරඹිමට අදහස් කරන්නේ නම් ඒවාට යහපත්ය.
පවුල් ජිවිතයේ වෙනදාට වඩා යහපත් වෙනසක් පෙන්නුම් කරන සතියකි.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.


-
වෘශ්චික
චන්ද්‍රයා 12 වැන්නේ සිටී
ලග්නාධිපති කුජ සිටින්නේ 02  වැන්නේය.
මුදල් ලැබීම් අතින් යහපත් සතියකි.
නව ආදායම් මාර්ග වලට යොමුවීම් වලට හොද කාලයකි.
පවුල් ජිවිතයේ තරමක් කණගාටුදායක සිදුවීම් සිදුවීමට ඉඩ ඇත.
සිත් තැවුල් මානසික පීඩා ඇතිවිමට ඉඩ ඇත.



-
ධනු
චන්ද්‍රයා 11 වැන්නේ සිටී
ලග්නාධිපති ගුරු   සිටින්නේ 07 වැන්නේය.
මංගල යෝග ක්‍රියාත්මක වන කාලයකි. මගුල් ස්ථිර විය හැක.
නව රැකියා බලාපොරොත්තුව සිටියේ නම් ඒවාට යහපත්ය.
කණ්ඩායම් ක්‍රියාකාරකම් වල මුල් තැන ලැබෙන කාලයකි.
ආර්ථිකය වර්ධනය වෙයි.

-
 
මකර
චන්ද්‍රයා 10 වැන්නේ සිටී
ලග්නාධිපති සෙනසුරු  සිටින්නේ 03 වැන්නේය.
ආර්ථික තත්වය වර්ධනය වනු ඇත. නව ආදායම් මාර්ග වලට යොමුවිය හැක.
පවුලේ අයගෙන් තරමක් දුරස් වීමට ඉඩ ඇත.
කාර්යබහුලතාවය වැඩිවන කාලයකි.

-
 
කුම්භ
චන්ද්‍රයා 09 වැන්නේ සිටී
ලග්නාධිපති සෙනසුරු   සිටින්නේ 02 වැන්නේය.
ව්‍යාපාර කටයුතු වලට යහපත් කාලයකි.
වෙනත් පාර්ශවයන්ගෙන් උදව් ලබාගත හැකි කාලයකි.
ණය සම්බන්ධ කටයුතු වලදී යහපත් ප්‍රතිඵල ලැබෙන, ඒවා ඉක්මණින් ලැබෙන කාලයකි.
ආදායම් මාර්ග වර්ධනය වෙයි.

-
මීන
08
වැන්නේ සදු සිටී.
ලග්නාධිපති ගුරු  සිටින්නේ 04 වැන්නේය.
ආදායමට වඩා වියදම වැඩිවන සතියකි.
සිත් තැවුල් මානසික පීඩා ඇතිවිමට ඉඩ ඇත.
පවුලේ අය සමග අසමගිකම් ඇතිවිමට ඉඩ ඇත.
ආදායම් මාර්ග අවහිරවීමට ඉඩ ඇති කාලයකි.

-

කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…〕

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)

No comments:

Post a Comment