Monday, December 1, 2025

දෙවිවරු අපට පිහිට විය යුතුද ?



බ්‍රහ්ම තත්වය හෝ දේවත්වයට පත්වන්නේ තමන්ගේ යහපත් කර්ම ශක්තිය අනුවය.

 එම තත්වයන් වලට පත්වූ විට මනස ඉතා දියුණු වේ. එම තත්වය අපට තේරුම් ගැනීම ඉතාම අපහසුය.

මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේ, ශක්‍ර දේවේන්ද්‍රයාණන්වහන්සේ සිට, කිසිදු බ්‍රහ්මයෙකු, කිසිදු දෙවියකු කර්මයට විරුද්ධව වැඩ කරන්නේ නැත. කර්මයට විරුද්ධව වැඩ කරන්නටද බැරිය..


දෙවිවරු සිටින්නේ මිනිසුන්ට පිහිට වීමට පමණක්මය කියා අපේ සිතේ තිබුනත්, 

දෙවියන්ගේ පිහිට ලැබෙන්නට බොහෝ කාරණා තිබේ. එයට මූලිකව කර්ම ශක්තියද බලපායි.

අප විසින් එය බුද්ධියෙන් තේරුම් ගත යුතුය.


・゚
අප රටට සිදුවූ දේ සහ ස්වභාවික අනතුරු වලට බොහෝවිට කර්මයේ බලපෑමක් ඇත. 

එය අප තේරුම්ගෙන ජිවිතය ගෙන යා යුතු මිස, දෙවිවරුන්ට අපට පිහිට වූයේ නෑ කියා කල්පනා කිරීම මුග්ධ බවක් පමණි !




#ඉරු #prayforsrilanka

No comments:

Post a Comment