Friday, April 4, 2014

“ අප්‍රේල් මාසයේ වාසනාවන්තම ලග්නය මකර “

* පොදු පලාපලයකි.

මේ මාසයේ වාසනාවන්තම ලග්නය “ මකර “

මකර ලග්නයේ ලග්නාධිපති වන්නේ සෙනසුරු/ශනි ග්‍රහයාය.
එසේම මකර ලග්නයේ ලග්නාධිපති මෙන්ම 10 වැන්න අධිපති වන්නේද සෙනසුරුය.

● මෙම සෙනසුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ගේ 10 වැන්නේ රාහු සමග උච්ච බලයෙන් සිටී. මෙහිදී සෙනසුරු “සස යෝගය“ උදා කරමින් සිටී.
(https://www.facebook.com/photo.php?fbid=152665944928418&set)

● මේ සමගම ශනි-සිකුරු පරිවර්ථන යෝගයක්ද ඇති අතර එය බොහෝ වාසනාවන්ත පිහිටීමකි.
(https://www.facebook.com/photo.php?fbid=224611401067205&set)

● එසේම මකර ලග්නයේ අයස්ථානයේ එනම් 11 වැන්නේ අධිපති වන කුජ, 11වැන්නෙන් 11 වැන්නේ පිහිටීමද ධන වාසනා පෙන්නුම් කරයි. එයද වාසනාවන්තය.

* මෙම යහපත් පිහිටීම් නිසා මකර ලග්නයට බොහෝ වාසනාව පෑදෙනු ඇත. ධනය, පිරිවර ඇතිවෙනු ඇත.
රැකියාවේ දියුණුව, උසස්වීම් අපේක්ෂිතය. සතුරන් පරාජය වනු ඇත.

** මෙය පොදු පලාපලයකි.

No comments:

Post a Comment