Tuesday, April 29, 2014

ග්‍රහයන් සිටින කොටු ගණන අනුව..

කේන්දර සටහන ගෙන බලන්න. එහි කොටු 12ක් වේ.

ඒ අනුව “රාහු සහ කේතු“ ග්‍රහයන් අතහරින්න.

ඉතිරි ග්‍රහයන් 9 දෙනා වන්නේ,
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ශුක්‍ර, ගුරු සහ ශනිය.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 7ක සිටීම _

මෙය “වීණා යෝගය“ ලෙස හැඳින්වේ.
මෙම යෝගය ඇතිව උපන් අය බොහෝ වාසනාවන්තය. සසර පුරා පිංකම් කල අය වෙති. බොහෝ සැප විඳීමට හැකියාව ඇත. වස්තු ලාභ, ධන ලාභ, දේපල ලාභ ඇතිවන අය වෙති.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 6ක සිටීම

මෙය “ දාමිණී යෝගය“ ලෙස සැලකේ. සහජ දක්ෂතාවය ඇති අය වෙති. බුද්ධිය අවබෝධ ශක්තිය ඇත. මනා උගත්කමක් ඇත. අන් අයට අනුකම්පා කරන, උදව් කරන අය වෙති. නායකත්වය ගනී.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 5ක සිටීම

මෙය “පාස/කීල යෝගය“ ලෙස හැඳින්වේ. ධනය වස්තුව ඉපයීමට අධික ආශා කරන, හැකියාව ඇති අය වෙති. තමාම මහන්සි වි කටයුතු කරයි. සමහරවිටෙක අධ්‍යාත්මය දියුණු කරගැනිමටද කටයුතු කරන අය වෙති. අන් අයගේ ඉරිසියාවට, වධයට බඳුන්විමට ඉඩ ඇත. විටෙක සංවේදීත්වය අඩුවිය හැක.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 4ක සිටීම

මෙය “කේදාර යෝගය“ වේ. සැපවත් ජිවිතයක් ගත කිරිමට හා ඒ වෙනුවෙන් කටයුතු කරන අය වෙති. ගස් වැල් වලට, පරිසරයට හිතැති අය වෙති. බොහෝවිට භූමිය සම්බන්ද කටයුතු වල යෙදේ. කෘෂිකර්මාන්ත කටයුතු වලට දක්ෂ විය හැක.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 3ක සිටීම

මෙය ශූල යෝගය“ වේ. මදක් ආත්මාර්ථකාමි ගති ඇති අය ලෙස සැලකේ. වරදකට සමාව නොදෙන වරදක් කරන කෙනෙකුට රිදවන ගති ඇති බව කියවේ. කෙසේ වුවද ලෞකික දියුණුවට යහපත් විය හැකි පිහිටිමකි.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 2ක සිටීම

විශේෂ නමක් නැත. ධනය සෙවිමට වැඩි උනන්දුවක් නැති අය වෙති. අන් අය අතර කැපී පෙනෙන්ට කැමති අය වෙති. බොහෝවිට බොහෝ ලප ඇති අය වෙති.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 1ක සිටීම

මෙය ඉතාම කලාතුරකින් සිදුවන්නකි. “යුග යෝගය“ වේ. මෙය යහපත් එකක් ලෙස සදහන් නොවේ. අනුන්ගෙන් යැපෙන්නට සිදුවන යෝගයක් ලෙස සැලකේ. මහණ දම් පිරිමට ඇතැම්විට සිදුවිය හැක.

*** මෙය පොදු විග්‍රහයක් පමණි. ඒ ගැන අවධාරණය කරමු. කේන්දර සටහන අනුව 1,4, 7, 10 යනාදි ස්ථාන ආදිය නිසා මේවා වෙනස් වනු ඇත

No comments:

Post a Comment