Tuesday, April 29, 2014

__ සතියේ ලග්න පලාපලය (අප්‍රේල් 29 සිට) __

මේෂ
සුබ සතියකි.
රැකියාවේ දියුණුව ඇතිවේ. උසස් විම්, වගකීම් ලැබීම් ඇතිවෙන සතියකි. වගකීම් නිසා කාර්ය බහුල වේ. විවේකය අවශ්‍ය වන සතියකි. හදිසි ධනලාභ අපේක්ෂිතය.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. තම මතයට පමණක් කටයුතු නොකරන්න. ඉවසීමද වැදගත් වේ. පවුලේ කටයුතු සාර්ථක වෙ. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි. බුද්ධිමත් වන්න.

වෘෂභ
හිතවතුන් හා හිතවත්කම වැඩිවේ. රැකියාවේ මද බාධා තත්වයක් පෙන්වයි. තමා සමග කටයුතු කරන අය ගැන සැලකිලිමත් වන්න. පවුලේ අයගේ සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
අධ්‍යාපන කටයුතු, විදෙස් ගතවීම්, විදෙස්ගත අධ්‍යාපන කටයුතු වලට සුබ සතියකි.
හදිසි ධනලාභ ඇතිවිමට ඉඩ ඇත.

මිථුන
සුබ සතියකි. හදිසියේම හදිසි ධනලාභයක් ලැබිමට ඉඩ ඇත. දේපල ලාභද ලැබේ. ලොතරැයි ගැනීමට සුභ සතියකි.
වෙනදාට වඩා කාර්යශූරව කටයුතු කරන සතියකි. තමාගේ අදහස් සඵල වේ. විදෙස් ගතවන අයට සුබ සතියකි. නව රැකියා අවස්ථාද හිමිවනු ඇත. ව්‍යාපාර වලටද සුබයි.
කලා කටයුතු වලට විසේස සුභ සතියකි. මේ සියලු යහපත මැද වියදම් අධික වේ.

කටක
ඉතාම සුබ සතියකි. වාසනාවන්තය. හදිසි ධනලාභ ලැබිය හැකි සතියකි. පැතුම් ඉටුවේ. ඉතිරි කිරීම් වැඩිවේ. අන් අය අතර කැපී පෙනෙන සුබම සුබ සතියකි.
මේ සතුට නිසාම ආගම දහමට පවා සිත යොමුවේ. පවුලේ අයගේ දියුනුවද අපේක්ෂිතය. ප්‍රීතියෙන් සිටිය හැක. හදිසි ධනලාභ පවා අපේක්ෂිතය.

සිංහ
යහපත් සතියකි. දුර ගමන් යෙදේ. ආර්ථිකය යහපත් වේ. අන් අයට විය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා කල යුතු සතියකි.
වියදම් අධික වීමට ඉඩ ඇත. තමාට වඩා පහත් අය හා ඇසුරට වැටීමටද ඉඩ ඇති සතියකි.
රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි වේ. නව පෙම් සබදතා ආදියටද ඉඩ ඇත. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතුය.

කන්‍යා
මිශ්‍ර පල සතියකි.
ලබාදුන් වචන ඉටු කිරිමට කැප වන සතියකි. හිතවතෙක් ඥාතියෙක්ගෙන් ආර්ථිකයට උදව්වක් ලැබීමට ඉඩ ඇත.
මුදල් සම්බන්ධ කටයුතු වලදි ඉතාම පරිස්සමට කටයුතු කරන්න.
රැකියාවේ දියුණුව අපේක්ෂිතය. මංගල යෝග යෙදේ.
හදිසි අනතුරු නිසා වාහන ධාවනයෙදි පරිස්සම් වන්න.

තුලා
ලාභ ඇතිවන සතියකි. ආගම දහමට සිත නැඹුරු වේ. දානමය පිංකම් වලට සහභාගි විය හැක.
රැකියාවේ දියුණුවද ව්‍යාපාර වල දියුණුවද ලැබේ. නව ආදායම් මාර්ග තිවේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන සතියකි.
යහපත් අය හා ඇසුරු කරන්නට ලැබෙන සතියකි. ඔවුන්ගේ උදව් උපකාර ලැබෙන සතියකි.
සෞඛ්‍ය තත්වයද යහපත් වනු ඇත.

වෘශ්චික
කරදර බාධක දුරුවන සතියකි. ජය ලැබීමට නියමිත සතියකි. දේපල ලාභ ලැබිමට ඉඩ ඇත.
ආවේගශීලි වීම තුලින් පවුලේ ගැටුම්ද පෙම් සබදතා වලට ගැටුම්ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. විදේශ සංචාර වලට සුබයි.
දරුවන්ට සුබයි. මනාව සිතා බලා සැලසුම් කර ගන්නා තීරණ හා කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබේ.
සෞඛ්‍ය තත්වය යහපත් වේ.

ධනු
වැඩ අධික වන සතියකි. දුර ගමන් නිසා අවිවේකි බවක් දැනෙනු ඇත. එසේ වුවද ප්‍රශ්න විසදෙන බැවින් සිතට සතුට ලැබෙනු ඇත.
අධ්‍යාපන කටයුතු වලට සිත යොමුවේ. අන් අය හා සතුටින් කල් ගත කල හැක. ආගම දහමට නැඹුරුවිමට කැමති සතියකි.
හදිසි ධනලාභ ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් කෑම වලින් පරිස්සම් වන්න.

මකර
ලාභ ලැබෙන සතියකි. සිතේ පැතුම් ඉටුවේ. වෙනදාට වඩා අතමිට මුදල් රැදේ. තැන්පත් ධනය වැඩිවේ. විවාහ කටයුතු වලටද සුබ සතියකි.
කරන කටයුතු සඵල වේ.
යම් මුදල් ලාභයක් ලැබිමට ඉඩ ඇත. විනෝද අවස්ථා යෙදේ. නව මිතුරන් ඇතිවිමට ඉඩ ඇත.
ව්‍යාපාර, රැකියා දියුණු වන සතියකි.

කුම්භ
රැකියාව දියුණු වේ. ව්‍යාපාර වලටද සුබයි. වෙනදාට වඩා කෝපය ඇතිවිය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. අන් අය වෙනුවෙන් කැප වන සතියකි. අලුත් අදහස් සිතට නැගේ.
ව්‍යාපාර වලට නොසිතුවිරූ දියුණුවක් ලැබිමට ඉඩ ඇත. කාර්ය බහුල සතියකි.
දරුවන් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටුවේ. නව රැකියා අවස්ථාද හිමිවිය හැක.
කකුල් වල අමාරු ආදිය ගැන අවදානමත් වන්න.

මීන
සිතට යම් කණගාටුදායක අවස්ථා ඇතිවන සතියක් වුවද සිතේ පැතුම් ඉටුවේ. සමස්තයක් ලෙස සාර්ථක සතියකි.
මේ සතියේදි නව ආයෝජන මුදල් සම්බන්ද කටයුතු ආදියෙන් වැලකි සිටිම සුබයි. මුදල් හිඟයක් ඇතිවමට ඉඩ ඇත. අරපිරිමැස්මෙන් කටයුතු කරන්න. ආගම දහමට නැඹුරුවිමෙන් සිතට සහනය ඇතිවනු ඇත.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

No comments:

Post a Comment