Tuesday, April 29, 2014

_ කුජ 7 සිටීම ගැන තවදුරටත් _

කුජ 7 සිටීම භෞම දෝෂයකි. එනම් විවාහයට බලපෑමක් ඇත.

ස්ත්‍රි කේන්දර සටහනක කුජ 7 සිටී නම් එම භාර්යාව තම ස්වාමියාට දැඩි ස්නේහවන්ත ගුණවත් පැවතුම් ඇති කාන්තවක් බව දන්නවාද ?
අපලකාරි තත්වයක් වන්නේ කුජ 7ට ඇති දෘෂ්ඨින් ආදිය නිසාය...

මෙහිදි විවාහස්ථානය වන 7 වැන්නේ අධිපතිගේ තත්වයද බලපානව.
කුජ 7 සිටින අවස්ථාවක 2 වැන්න අධිපති ග්‍රහයාද දුර්වල නම් එය අයහපත්ය. එනම් ආයුෂ අඩුවෙන් ඇති කෙනෙකු හා විවාහ විමට ඉඩ ඇතිවිය හැක.
එසේම 7 වැන්නේ කුජ සිටියදි සෙනසුරු, රවි, රාහු ආදි පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨි හෝ සංයෝග වල දෘෂ්ඨි ලැබේ නම් එයද විවාහයට බලපායි.
විවාහයට මූලික වන සිකුරු ග්‍රහයා පාප දෘෂ්ඨි සහිතව සිටී නම් එයද ගැටළුවක් වනු ඇත.

සමාජයේ ඇති මතයක් වන්නේ කුජ 7ට කුජ 7ම සිටිය යුතුයි යන්නය. එය වැරදි මතයකි.
කුජ 1, 2, 4, 7, 8, 12 යන තැනක කුජ සිටි නම් එවන් කේන්දරයක් පොදුවේ ගැලපේ.

මේවා දැනගැනීම කෙනෙකුට හිසරදයක් ඇති කරවන්නක් වීමට ඉඩ ඇති වුවත් එසේ සිතීම වැරදිය.
අවදානමට වඩා සූදානම වැදගත් බව අප පිලිගන්නා දෙයකි. ඒ අනුව කටයුතු කිරීම කල යුතුය.
මේ තත්වයන් තේරුම් ගෙන කටයුතු කිරීම වටින්නේ ඒනිසාය.
කේන්දරය යනු පෙර කල කර්ම ශක්තිය වේ. ඒ කර්ම ශක්තිය අඳුනාගෙන ඊට අනුව ජිවත් විම කල යුතුය. ඒ හැර කලබල වීම වැදගත් නැත.

Iru Astrology

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment