Friday, April 4, 2014

ශනි - සිකුරු පරිවර්ථනය යෝගය

(මාර්තු 31 උදේ සිට)

කුම්භ ලග්න ලංකා කේන්දර සටහනේ සුඛස්ථානය වන 4 වැන්න සහ භාග්‍යස්ථානය වන 9 වැන්නේ අධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ග්‍රහයාය.

සිකුරු කුම්භ ලග්නයේ 1 වැන්නට හෙවත් ලග්නයට මාර්තු 31 උදෑසන පැමිණේ. එනම් සිකුරු පැමිණෙන්නේ ශනිගේ අධිපතිත්වය දරන කුම්භ රාශියටය.
මේ වන විට කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු ගමන් කරන්නේ 9 වැන්න වන තුලාවේය. තුලා රාශි අධිපති වන්නේ සිකුරුය.
ඒ අනුව මෙය පරිවර්ථන යෝගයකි.

1 වැන්න හා 9 වැන්න යනු කේන්දරයක වටිනා ස්ථාන වන අතර මෙම පරිවර්ථනය ඒ අනුව සුභ පල ලබාදේ. මෙය ලක්ෂ්මී දේව මාතාවගේ ආශිර්වාදය ලබාදෙන පරිවර්ථනයක් ලෙස සැලකේ.

* මෙහිදී විශේෂයෙන්ම බොහෝ බාධක කම්කටොළු විඳ දරාගෙන ඒවා අකා මකා ඉදිරියට යෑමේ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙනු ඇත. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබෙනු ඇත.
මෙම තත්වය අප්‍රේල් 28 දක්වා අපේක්ෂිතය.

ලග්න වශයෙන් ගත් කල පොදුවේ “ මිථුන, තුලා, මකර, කුම්භ“ ලග්න වලට බොහෝ යහපත්ය.
ඔවුන්ට තම කටයුතු සාර්ථක වීම, රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබීම ආදි වාසනාව ඇතිවිය හැක. එසේම මේ වාසනාවන්ත පිහිටිම සහිතව උපත ලබන දරුවන්ද අනාගතයේ බොහෝ ඉහල තැන් වල සිටිනු ඇත.

No comments:

Post a Comment