Tuesday, April 8, 2014

ජෝතිෂය අවශ්‍ය වන්නේ යහපත පිණිසම පමණි

2014 T20 ලෝක කුසලාන දිනීම සහ අපගේ අනාවැකිය ගැන අපට සතුට පල කරන මසේජ සිය ගණනකි.
අනාවැකිය සාර්ථක වීම අප පමණක් නොව ජෝතිෂය ගැන නිවරදිව කටයුතු කරන බොහෝ දෙනෙකු නිවරදිව කියන ලද්දකි.

අප කල වෙනස වූයේ ජෝතිෂ්‍යයටම භාර නොදී තම හැකියාවෙනුත් වෙනසක් කරගත හැකි වේ යන්න පැවසීම පමණි.( එයට මූලික හේතුවක් නම් ජෝතිෂයේ කියවෙන කර්මය වුවද වෙනස් කල හැකිය යන මතය දරන අය අපගේ සේවයේ සිටීමයි)

සැබෑවටම ජෝතිෂ්‍යය අවශ්‍ය වන්නේද ජිවිතය ජය ගැනීමට මිස එහි වරදක් තිබෙනවා කියා ජිවිතය පසුගාමි කරගන්නට නොවේය.
වැස්සට කුඩයක් ඉහලන ආකාරයෙන් විය හැකි කරදර බාධක දැනගෙන නිවරදිව කටයුතු කිරීමෙන් ජිවිත ජයග්‍රහණය කල යුතුය.

මිනිස් ජීවිතය ලැබීම දුර්ලභ දෙයකි. එය සාර්ථක කරගැනීම, සතුටින් ජිවත් වීමට ඊටත් වඩා දුර්ලභය... ඒ ගැන සිතා බලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න.

බුදු සරණයි !

No comments:

Post a Comment