Tuesday, March 22, 2016

සතියේ ලග්න පලාපලය - මාර්තු 22 සිට

- මේ සියලු පලාපල පොදු ඒවාය.
(කේන්දර සටහන අනුව වෙනස් විය හැක)



● මේෂ
සමඵලයි.
ආර්ථික කටයුතු දියුණු කරගැනීමේ වාසනා පවතින සතියකි. නව ආදායම් මාර්ග උදාකරගැනීම හෝ තිබෙන ආදායම් මාර්ග ශක්තිමත් කරගැනීමෙ හැකියාව පැවතුනත් යම් බාධා තත්වයන්ද පෙන්වයි. එනිසා බුද්ධියෙන් කටයුතු කල යුතුයි. අධික කාර්යබහුල වීමක් අපේක්ෂිතයි. නව රැකියා ලැබිමේ ඉඩකඩක්ද පවතී.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවනු ඇත.
වෙනදාට වඩා කාර්යබහුල නිසා සිතට යම් පීඩාද ඇතිවිය හැකියි. පවුලේ අය වෙනුවෙන් බොහෝ කැපවිය යුතු කාලයකි. පවුලේ අය සමග විනෝද වීමේ අවස්ථාද මේ අතර හිමියි. හිතවතුන්, ඥාතින් සමග කටයුතු කරන්නටද ඉඩක් ලැබෙනු ඇත.


● වෘෂභ
ශුභ සතියකි.
ආර්ථික තත්වය දියුණු වන්නට අවස්ථා යෙදේ. රැකියාවේ දියුණුවද අපේක්ෂිතයි, එසේ වුවද තමන්ගේ කටයුතු නිසි ලෙස ඉටු කිරීම ගැන අනිවාර්යෙන්ම කටයුතු කල යුතු කාලයකි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරුවන කාලයකි. හවුල් ව්‍යාපාර වලටද සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. තම දරුවන්, පවුල වෙනුවෙන් වෙනදාට වඩා මහන්සි විය යුතු කාලයක් උදා වෙයි. බොහෝ කටයුතු කරගන්නා කාලයක් නිසා නිසි ලෙස එම කටයුතු වලට අවධානය ලබාදිය යුතුය. දරුවන් ගැන සතුටු විය හැක.



● මිථුන
මිශ්‍රඵල සතියකි.
ආර්ථිකය දියුණු වෙයි. භූමි ලාභ, දේපල ලාභ වලට වාසනාව තිබේ. රැකියාව හොදින් කරගෙන යාමට හැකිය. රැකියා කරන ස්ථාන වල ප්‍රධානින් සමග සුහදව සිටිමට හැකියාව ඇත. මේ සියලු යහපත සමග ණය දීම, ණය ගැනීම ආදිය ගැන වඩාත් බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. ඥාති - හිතමිතුරුකම් වැඩි වර්ධනය වන සතියකි. ගෙදර දොරේ කටයුතු වලදි තම වචනය පාලනය කරගත යුතුය. මනා සංයමයකින් සිටිය යුතුයි. ශරීර සුවතාවය වර්ධනය වෙයි. තරඟ විභාග ආදියෙන් ජය අපේක්ෂිතය.



● කටක
සුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වන අතර වෙනදාට වඩා සකසුරුවම්කමකින් යුතුව ස්වකීය කටයුතු කරගැනීමේ හැකියාව ඇත. ආයෝජන වලට යහපත් වන අතර බුද්ධිමත්ව ඒ කටයුතු කල යුතුය. රැකියාවේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල යම් යම් හිත් නොහොඳකම් ඇතිවිමට ඉඩ ඇති නිසා බුද්ධියෙන් ඒ තත්වයන් සමනය කරගත යුතුය. ඉගෙනීම් කටයුතු වලට සුබ කාලයකි. හිතවතුන්ගේ පැමිණීම සහ සංගමය අපේක්ෂිතයි. කාර්යබහුල වුවද පවුලේ අය ගැන සිතා කටයුතු කරන්න.



● සිංහ
සමඵලයි.
ආර්ථිකයේ විශාල දියුණුවක් නොවුනද වියදම් අධික වන්නට ඉඩ ඇති කාලයකි. මේ අතර හදිසි ධනලාභ, දේපල ලාභ යනාදියටද වාසනාව පවති. රැකියාවල කටයුතු සාර්ථකව කරගෙන යා හැක. නව රැකියා අවස්ථා උදා වෙයි. මෙතෙක් පැවති බාධා දුරු වෙයි. හවුල් ව්‍යාපාර වලට සුබයි.
ගෘහ ජිවිතය යහපතින් ගත කිරිමට හැකියාව ඇත. සිතට සතුට ලැබේ. කාර්යබහුල නොවි පවුලේ අය ගැන සිතා ඒ වෙනුවෙන් කාලය මිඩංගු කල යුතු වෙයි. කරදරකාරි තත්වයන් එළඹිය හැකි වුවද බුද්ධියෙන් ඒ සියලු කරදර වලකා ගත හැකිය.


● කන්‍යා
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙයි. ව්‍යාපාර වලට සුබයි. මෙතෙක් පැවති යම් බාධා තත්වයන් දුරුවන කාලයකි. නව රැකියා උදා විය හැක. විදේශ ගත විමට සිතා සිටි අයට ඒ බලාපොරොත්තු ඉටුවිමට ඉඩ ඇත. සියලු යහපත් තත්වයන් මධ්‍යයේ දියුණුව පිණිස ස්වකීය බුද්ධිය භාවිත කරන්න.
ගෘහ ජිවිතය තුල යම් බාධා තත්වයන්, සිතට පීඩා ඇතිවිය හැකියි. එවන් අවස්ථා වල මගහැර සිටිම හෝ නිහඩව සිටිම ප්‍රඥාගෝචරයි. කෙසේ වුවද පවුලේ කටයුතු වලට ඥාති - හිතවතුන්ගෙන් ආශිර්වාද ලබාගැනිමේ හැකියාව පවති. සෞඛ්‍ය තත්වය ගැනද අවධානයෙන් කටයුතු කරන්න.



● තුලා
ශුභාශුභ මිශ්‍රඵලයි.
ආර්ථික තත්වයේ යම් බාධා පෙන්වයි. කැපවීමෙන් කරන කටයුතු වලදි අපේක්ෂිත දියුණුව නොලැබීම නිසා සිත කලකිරවිය හැකියි. නමුත් ඒ ගැන නොසිතා කටයුතු කරන්න, පසුවට එම තත්වයන් සාර්ථක වනු ඇත. වියදම්ද අධික විය හැක. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. රැකියාවේ උසස්වීම් පවා හිමි විය හැක.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයකි. තම මතයම ප්‍රකට කරන්නට නොව පවුලේම සුභ සිද්ධිය වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි. නිදහසේ කටයුතු කරන්නට ඉටා ගන්න.


● වෘශ්චික
සමඵල සතියකි.
වියදම් අධික වීම නිසා ආදායමේ තරමට කටයුතු කරගැනීමේ යම් දුෂ්කරතා ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු වලට යම් බාධා පෙන්වයි. රැකියාවේ කටයුතු දියුණු වේ. වෙනදාට වඩා බොහෝ කැපවීමෙන් කටයුතු කල යුතු කාලයකි. ආයතනයේ ප්‍රධානින්ගෙන් ප්‍රශංසා ලැබිය හැක. මේ තත්වයන් හමුවේ තම බුද්ධිය නිසි භාවිතයෙන් කටයුතු සාර්ථක කරගත යුතුයි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා පවුලේ අය සමග සතුටින් ගත කරන්නට කටයුතු කරන කාලයකි. පවුලේ අය සමග විනෝද ගමන්, වන්දනා ගමන් වල යෙදිමේ හැකියාව පවති. මංගල යෝග උදා වන බැවින් විවාහ අපේක්ෂිත අයට පෙම් සබදතා ස්ථිර වීමත්, වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබීමත් සිදුවිය හැක.



● ධනු
මිශ්‍රඵල සතියකි.
ආර්ථික දුර්වලතා පෙන්වන කාලයකි. ව්‍යාපාර කටයුතු වලින් යම් පසුබැසිම් සිදුවිය හැක. මෙම තත්වයන් හමුවේ නොපසුබා කටයුතු කල යුතුය. රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. යම් බාධා මතුවන්නට ඉඩ ඇති අතර ඒ තත්වයන් වලදි බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය රැකගත යුතුයි. කාර්යබහුල වුවද පවුලේ අය වෙනුවෙන් කාලය කැප කරන්නට සිතාගන්න. ඉගෙනීම් කටයුතු වලට සුබයි. දුර ගමන් යෙදිය හැක. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. ප්‍රේම සබදතා ස්ථිර විමද අපේක්ෂිතයි.



● මකර
මිශ්‍රඵලයි.
වෙනදාට වඩා තම දියුණුව ගැන සිතන, බොහෝ කැප වන කාලයකි. පොලව සම්බන්ධ කටයුතු, කෘෂිකාර්මික කටයුතු කරන අයට ශුභ පල අපේක්ෂිතයි. රැකියාවේ කටයුතු සාර්ථක වේ. විදෙස් රැකියා, දුරබැහැර රැකියා කරන අයටද සුබයි. නව රැකියා අවස්ථා උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග සතුටින් සාමදානයෙන් ගත කරන්නට හැකියාව ලැබෙන කාලයකි. දරුවන්ගේ ජයග්‍රහණ වලදි සතුටු වන්නට හැකියාව ඇත. ඥාති හිතමිතුරන් සමග කාලය ගත කරන්නටද අවස්ථාව ලැබෙනු ඇත.



● කුම්භ
සමඵල සතියකි.
ආර්ථික තත්වය මධ්‍යස්ථ ස්වභාවයෙන් පැවතිය හැක. රැකියාවෙ කටයුතු වලට සුබයි. රැකියාවට මෙතෙක් පැවති බාධා තත්වයන් දුරු වන්නට ඉඩ වැඩි කාලයකි. නව රැකියා අවස්ථාද ලැබිමට හැකියාව ඇත. ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් භාවිත කල යුතුයි. දේපල ලාභ වාසනාව පවති.
ගෙදර දොරේ ජිවිතය සහනදායි අයුරින් ගත කල හැක. නිවසට නව බඩු මුට්ටු ගෙන ඒමට හැක. පවුලේ අය සමග විනෝද වීමට අවස්ථා ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.



● මීන
මිශ්‍රඵල සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. රැකියාවේ කටයුතුද හොඳින් කරගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත. රැකියාවේ පැවති ගැටළු සමනය වෙයි. හදිසි ධන ලාභ වාසනාව උදාවීමේ වාසනාව පවති. හවුල් ව්‍යාපාර වලට හොඳයි.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට හැකි වන්නේ තමන්ගේ ඉවසීම අනුවය. අන් අය පාලනයට නොව පවුලේ සමගිය වෙනුවෙන් කටයුතු කරන්න. කෙසේ වුවද පවුලේ අය සමග සතුටින් සිටිමට හැකියාව ඇත. පවුලේ අය සමග විනෝද වන්නට අවස්ථාව ලැබෙයි. ශුභ සතියක් කරගැනිමේ හැකියාව පවති.

No comments:

Post a Comment