Sunday, March 6, 2016

සිකුරු මාරුව - මාර්තු 7, 2016 (අප්‍රේල් 1 වනදා තෙක්)

ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු ග්‍රහ තාරකාව 2016 මාර්තු 7 වනදා රාත්‍රියේ කුම්භ රාශියට පැමිණේ. මෙම මාරුව ලබන අප්‍රේල් 01 වනදා දක්වා පවති.

(මේ සියලු පලාපලයන් කේන්දර සටහන අනුව වෙනස් විය හැක.)



● මේෂ
ඉතා ශුභයි.
11 වැන්න වන අයස්ථානයට සිකුරු පැමිණේ.
ආර්ථිකය දියුණු වෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසේ. එසේම වියදම්ද ලෝබ නැතිව කිරිමට සිතන කාලයකි. හදිසි ධනලාභ, භූමි ලාභ වාසනාව පවති. සිතේ සතුට රජයන කාලයකි. විනෝදයෙන් සිටිමට හැකියාව ලැබේ.


● වෘෂභ
ශුභයි.
10 වැන්න වන කර්මස්ථානයට  සිකුරු පැමිණේ.
ආර්ථික තත්වය දියුණු වුවද අනවශ්‍ය වියදම්ද කිරිමට සිත් දෙන බැවින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය. නව රැකියා අවස්ථා හිමිවිය හැකියි. නව ව්‍යාපාර ඇරඹීමටද සුභ කාලයකි. සුභ පල අතර තමන් හා කරට කර තරඟ කරන්නන්, සතුරන් ආදින්ගෙන් යම් යම් බාධා ඇතිවිය හැක, බුද්ධියෙන් ඒ තත්වයන් ජය ගන්න.



● මිථුන
ඉතා ශුභයි.
9 වැන්න වන පුණ්‍යස්ථානයට සිකුරු පැමිණේ.
නව රැකියා අවස්ථා සහ කරන රැකියාවේ දියුණුව ලැබීමට හැකියාව ඇති කාලයකි. අන් අයගේ උදව් උපකාර ලැබේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන කාලයකි. නව ව්‍යාපාර වලට සුබයි. ආර්ථිකය දියුණු කරගත හැක. ගෙදර දොර ජිවිතයද හොදින් ගත වේ.
පින්කම් යනාදි කටයුතු වලට වෙනදාට වඩා සිත යොමුවේ. එයම සිත සැනසීමට හේතුවක් වේ.


● කටක
ශුභයි.
8 වැන්න වන ආයුෂස්ථානයට සිකුරු පැමිණේ.
මෙය පොදුවේ ශුභ ග්‍රහ මාරුවකි. හදිසි ධනලාභ ලැබිමට වාසනාව පවති. කටක ලග්න අයට ලොතරැයි වාසනා වලට උත්සහ කිරිමට හොද කාලයකි. කැපවීමෙන් කරන සියලු කටයුතු වලින් ජය අත්විය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස්වීම්ද අපේක්ෂා කල හැක. ගෙදර දොරේ අලුත් වැඩියා කටයුතු, දියුණු කිරිම් කරගැනිමට වාසනාව ඇත.


● සිංහ
සමඵලයි.
7 වැන්න වන  විවාහ ස්ථානයට සිකුරු පැමිණේ.
සිකුරුගේ පැමිණිම සමග ස්ත්‍රි පාර්ශවයේ ඇල්ම බැල්ම වෙනදාට වඩා ලැබිය හැක. ආර්ථික තත්වයට යහපත් වන අතර, හවුලේ කරන කටයුතු වලට යහපත් වුවද බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි. වියදම්ද අධික වන්නට ඉඩ ඇත. පවුලේ කටයුතු වලදි වෙනදාට වඩා ඉවසීම ප්‍රගුණ කල යුතුය.


● කන්‍යා
එතරම් ශුභ නැත.
6 වැන්න වන සතුරු ස්ථානයට සිකුරු පැමිණේ.
සිකුරු 6 වැන්නට පැමිණීම අයහපත්ය. සතුරන්ගෙන් කරදර ඇතිවන්නට ඉඩ ඇත. එසේම ලෙඩ රෝග යනාදිය වැළදීමටද යම් ඉඩක් පවති. මේ කාලයේ ඉවසීමෙන් කටයුතු කල යුතුය. පවුලේ අයට ලෙඩ රෝග වැළදීමටද යම් ඉඩක් පවති. මේ සියලු තත්වයන් ඔබගේ කටයුතු මත වෙනස් කරගැනිමට හැකියාව ඇති බව සිතේ තබාගන්න.


● තුලා
බෙහෙවින් ශුභයි.
5 වැන්න වන විද්‍යා ස්ථානයට සිකුරු පැමිණේ.
පැවති කාලයට වඩා ශුභදායක කාලයකි. තමාගේ හොද නම අන් අය අතර පැතිරෙන, ප්‍රශංසා හිමි වෙන කාලයකි. ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන් සුබයි. ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙයි. රැකියා කරන අයටද යහපත්ය. ආදායම් මාර්ග දියුණු වෙයි. ආයෝජනයට හොද කාලයකි. හදිසි ධනලාභ වාසනාව පවති. පවුලේ අය සමග සතුටින් විනෝද විය හැකි කාලයකි.


● වෘශ්චික
ඉතා ශුභයි.
ගෙදර, දේපල සම්බන්ධව කියවෙන 4 වැන්න වන ස්ථානයට සිකුරු පැමිණේ.
ආර්ථිකය සරු වන කාලයකි. වෙනදාට වඩා සතුටින් සිටිය හැකි කායකි. සියලු වියදම් කරමින් මුදල් ඉතිරි කරන්නටද වාසනාව පවතින කාලයකි. රැකියාවේ සහ ව්‍යාපාර වල කටයුතු දියුණු වේ. නව වරප්‍රසාද ලැබෙන්නට වාසනාව පවති. විනෝදයෙන්, ප්‍රීතියෙන් සිටිය හැක. පවුලේ දියුණුව ඇතිවේ.
ලෙඩ ‍රෝග තිබුනු අයට නිරෝගී සුවය ලැබෙන කාලයකි.


● ධනු
ශුභයි.
වික්‍රමස්ථානය වන 3 වැන්නට  සිකුරු පැමිණේ.
ආර්ථිකය සරු වන අතර, තම සහෝදර සහෝදරියන්, හිතවතුන්, ඥාතින් සමග සතුටින් සිටිමට හැකියාව ඇති කාලයකි. යම් බාධක තත්වයන්ව තිබු දෑ ඔබගෙන් ඉවත්ව යනු ඇත. සියලු කටයුතු වල දියුණුවක් අපේක්ෂිතය. පවුලේ සතුට, සමාදානය රජයන කාලයකි.


● මකර
ශුභයි.
2 වැන්න වන ධනස්ථානයට  සිකුරු පැමිණේ.
නව ආර්ථික මාර්ග උදා වේ. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. රැකියාවේ කටයුතු මනාව කරගැනීමට හැකියාව ලැබේ. වෙනදාට වඩා හිතවතුන් ඇසුරු කරන්නට ලැබෙන කාලයකි. වෙනත් අයගේ ආධාර උපකාර ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. ප්‍රේම සබදතා ශක්තිමත් වේ. නිරෝගීභාවය ආරක්ෂා වේ.


● කුම්භ
ඉතා ශුභයි.
1 වැන්න වන ලග්නයට සිකුරු පැමිණේ.
රැකියාව දියුණු වේ. උස්සවීම් අපේක්ෂා කල හැක. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. පොලව සම්බන්ධවද වාසනා ගුණය පවති. වාසි ලැබෙන කාලයකි. නව ආර්ථික මාර්ග ලැබෙයි. වෙනදාට වඩා විරුද්ධ ලිංගිකයන් සමග ආශ්‍රය, අල්ලාප සල්ලාප ඇතිවන කාලයකි. සිතේ සතුට රජයන කාලයකි. මේ සියලු කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්නටද සිතට ගන්න.


● මීන
සමඵලයි.
12 වැන්න වන වැයස්ථානයට සිකුරු පැමිණේ.
12 වැන්න දුෂ්ට ස්ථානයක් වුවද සිකුරුගේ පැමිණීම එතරම් අයහපත් නැත. ගෙදර දොරේ දියුණුව, පවුලේ දියුණුව වෙනුවෙන් වෙනදාට වඩා කැපවෙන කාලයක් වන අතර එම කටයුතු සාර්ථක වෙයි. ඒවාට වියදම්ද අධික විය හැක. ආර්ථික වාසි සිදුවන තරමටම වියදමටද කරුණු කාරණා එකතු වන කාලයකි. සමාජයේ කැපී පෙනෙන කාලයකි. අනියම් කම් සැප, අනියම් සබදතා ආදිය ඇතිවිමටද යම් ඉඩක් පවති. විනෝදයෙන් සිටින කාලයකි.


No comments:

Post a Comment