Tuesday, July 28, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 28 සිට

● මේෂ
සුභඵල සතියකි.
කරන කියන කටයුතු ඉතාම සාර්ථක තත්වයකට පත් වෙනවා. එමෙන්ම තමාගේ ආදායම වැඩිවෙන්නේ කරන කියන දේවල් වගේම ඒවාට ඇති සුවිශේෂි වාසනා ගුණය නිසයි. වැඩිහිටියන් මාර්ගයෙන් සතිය අගදී හිතවතුන් මාර්ගයෙන් මුදල් හදල් යහමින් අතමිට ගැවසෙන ප්‍රීතිමත් සතියක් වෙනවා.
ගෘහ ජිවිතය තුලදී කොතෙකුත් ගැටළු තිබුනද සංයමයෙන් ඉතාම විමසිල්ලෙන් කටයුතු කිරිමට ඔබට හැකියාව තිබෙනවා. ආගමික කටයුතු වලට මේ සතියේ සිත නැඹුරුයි. වැඩිහිටියන්ට උපස්ථාන කිරිමටද අවශය දේ දීමටද සිත් පහල වෙනවා. සතිය අගදී මිතුරෙකුගේ සම්භාෂණය ඔබට ප්‍රිය වෙනවා.
සෞඛ්‍ය තත්වයෙ එතරම් අසනීප ඔබ කෙරෙහි බල නොපාන අතර ඔබට නිදන්ගත රෝග ඇත්නම් ප්‍රවේසම් වන්න.

● වෘෂභ
ඔබට මෙම සතිය සමඵලයි.
චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරය අනුව, සතියේ මුල් දවස් 2 තුල ඔබට ආර්ථික හානි ඇතිවිය හැකියි. මෙම තත්වය සතිය මැදදී ඔබගෙන් බැහැර වෙනවා. කෙසේ වෙතත් ඔබ විමසීමෙන් වැඩ කටයුතු කිරීමෙන් ඔබගේ තත්වය යම් දුරකට ආරක්ෂා වෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවත්, අඟහිඟකම් එසේ නොමැති නම් ඔබගේ මානසික කඩා වැටීමක් ඇති නිසා යම් සිත් තැවුල් වියවුල් ඇතිවිමට පුලුවන්. කෙසේ වෙතත් ඔබ ප්‍රවේසම් විය යුතුයි. මෙම තත්වය සතිය මැදදී හරියනවා.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග උදරාබාධ නිදන්ගත රෝග ඇත්නම් ඒවායෙ වැඩිවීමද මේ සතියෙදි දක්නට පුලුවන් කාරණා. පරිස්සම් වන්න.

● මිථුන
ඔබට මේ සතිය සමඵලයි.
විශේෂයෙන්ම හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලින් සතිය මුලදී ආදායම ලැබෙනවා. ඉන්පසු දින 2- 2හමාරකට වගේ ඔබට එතරම් හොද නැහැ. එම කාලයෙදි යම්කිසි අවුලක් වියවුල් ඇතිවීමට පුලුවන්. මතභේදාත්මක කටයුතු නිසා ඔබට අාදායම සම්බන්ධව ලොකු ගැටළු මතුවිමට පුලුවන්.
ගෘහ ජිවිතය යම්කිසි ප්‍රීතියකින් ගත කිරීමට පුලුවන්. එසේම ඔබගේ තත්වය දියුණු කරගැනීමට පුලුවන්. සමාජ තත්වය. මංගල යෝජනා එනවා. ඒවා සඵල වේවි. හොද සතියක්. ප්‍රවේසමෙන් මැද දවස් 2දි කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. ගුරු මාරුවේ ප්‍රශ්න නිසා යටපත් වී තිබූ රෝගයක් නැවත මතුවිමේ අවදානමක් පවතිනවා. නමුත් එම තත්වයන් ක්‍රමානුකූලව පහව යාවි.

● කටක
මේ සතිය සමඵලයි.
සතිය ආරම්භයෙදි ආදායම් තත්ව වලට සතුරු කරදරයක් එල්ලවීමට පුලුවන්. එය වලක්වාගැනීමට විමසිලිමත් වන්න. ලැබීමට තිබෙන මුදල් නොලැබී යයි. ඔබ ණය වීමටත් ඉඩ තිබේ. සතිය මැදදී මේක හරියනවා. නමුත් සතිය අගදී නැවත ආර්ථිකය දුර්වල වීමට පටන් ගන්නවා. මේ තත්වය ඇතිවන්නේ චන්ද්‍රයාගේ ගමන
අනුවයි.
ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක අභියෝගතා එල්ල වෙනවා. නමුත් ක්‍රමානුකූලව විසඳගත යුතුයි මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා. ඒවගේම ප්‍රේම සබදතා, මංගල යෝජනා සඵල වීමට ඇති ඉඩකඩ වැඩියි.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. කිසියම් ආකාරයකට ඔබට මෙම තත්වය සමනය වීමට පුලුවන්.
සමහරවිට උදරාබාධ ඇතිවිය හැකියි. සතිය අගදී කටක ලග්නයේ කුඩා දරුවන් සෙම් රෝග වලින් පරිස්සම් විය යුතුයි.

● සිංහ
මිශ්‍රඵල සතියක්.
මේ සතිය තුල ඔබට ආර්ථික වාසි හිමිවන්නේ තරමක අඩුවෙනි. එයට හේතුව වශයෙන් චන්ද්‍රයාගේ ගමන සඳහන් කල හැකියි. සතිය අගදී තත්වය වෙනස් වී කරන කියන කටයුතු දියුනු වෙනවා. හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ හොද නරක 2ම මෙම සතියෙදි ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම ඔබගේ පවුල් ජිවිතය ආශ්‍රිතව දුවාදරුවන්ගේ දස්කම් නිසා බොහෝ ප්‍රීතිමත්ව සිටින්නාවූ කාලයක්. සතිය අගදී මංගල යෝජනා උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ තරමක අයහපත් තත්වයක් සතිය මැදදී මතුවන්නට පුලුවන්. විශේෂයෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආශ්‍රිතවත් සෙම් අසනීප රෝගත්, කලින් තිබුනු ලෙඩ රෝග වල යම්කිසි ප්‍රශ්නත් මතුවිමට පුලුවන්.

● කන්‍යා
එතරම් ශුභයි කියන්නට බැහැ.
පවතින ග්‍රහචාරයත් එක්ක ආදායම් තත්වය යාන්තමට පිරිමහගන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබගේ මහන්සිය අනුව යම්කිසි හිස එසවීමක් හිතන්න පුලුවන් ආර්ථිකමය වශයෙන්. ඔබට කෙතරම් මුදල් ලැබුනද අනිකුත් ග්‍රහයන්ගේ ගමනත් අනුව සලකා බලන කල ඔබට පීඩනයක් තියෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙන අතර, නිවසට අවශ්‍ය කරන බඩුබාහිරාදිය මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේම දරුවන්ගේ කටයුතු නිසා සිත ප්‍රබෝධමත් වෙනවා කිව හැකියි.
සෞඛ්‍ය තත්වය උෂ්ණ රෝග, හිස සම්බන්ධ රෝග දැවිලි, දාහ ගති මතුවිමට පුලුවන්. නිතරම ජලය වැඩිපුර පානය කරන්න.

● තුලා
ඔබට මේ සතිය ඉතාම ප්‍රීතිමත් සතියක්.
ග්‍රහ ගෝචරය අනුව පිට පලාත් වල කරන රැකියා, වෙලහෙලදාම් සහ ආයෝජන වලින් දියුණුවට පත් වෙනවා. එසේම ආර්ථිකයට නව ජවයක් ලැබෙනවා. සතිය අගදී හදිසි ධනලාභයකට හිමිකම් කියනවා. 
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවෙන අතර, කාලයත් තිස්සේ අමනාප වී සිටි පිරිස් දැන් මිත්‍ර වීමට පටන් ගන්නවා. එසේම නෑදෑ හිතමිතුරන් නිවසට පැමිණෙන ප්‍රීතිමත් සතියක්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් ගතිය, එසේම සෙම සම්බන්ධ රෝග මේ සතියෙදි වැළදීමට පුලුවන්.

● වෘශ්චික
මේ සතිය සාමාන්‍ය සතියක්.
ඔබට මේ සතියෙදි ඔබගේ අතපසුවූ ගොඩාක් වැඩ කටයුතු කරගැනීමේ හැකියාව නම් තියෙනවා. ණය අය වෙනවා. ආදායම හැටියට වියදම් තියෙන නිසා, වියදම ගැන ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඉතාමත්ම සන්තෝෂයෙන් ප්‍රියමනාපව සිටිය හැකියි. තමාගේ භාර්යාවට තමුන් ප්‍රිය වෙනවා. එසේම තමන් මේ කාලයෙදි සියලුදෙනාගේ හිත දිනාගන්නවා. හොද සතියක්, දුවාදරුවන් සමගත් ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය උගුරේ සෙම, හිසේ අමාරු ඇතිවිමට පුලුවන්.

● ධනු
ඉතාම ශුභ සතියකි.
ඔබගේ උත්සාහයට අනුව සියලුම කාර්ය සිද්ධිය ඇතිවෙනවා. තමාගේ වැඩකටයුතු වලට සියලුදෙනාගේ උපකාරය ලැබෙනවා. හවුල් ව්‍යාපාර වලින්ද ඉතාම හොද ලාභ ප්‍රයෝජන ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝග ඇති වෙනවා. මංගල යෝග ඇතිවෙනවා. විවාහක කෙනෙක් නම් තමාගේ භාර්යාවගේ, පුරුෂයාගේ ඇසුර වඩාත් ප්‍රිය කරන සතියක්, මේ සතිය. කෙසේ වෙතත්
බොහොම හොද සතියක්.
සෞඛ්‍ය තත්වය හිසේ සෙම, පපුවේ අමාරු, අතපය රිදීම් ආදිය ඇතිවිමට පුලුවන්.

● මකර
සමඵල සතියක්.
ඔබට ආදායමට වඩා වියදම සීග්‍රගාමි. මේ සතියෙදි කරන කියන කටයුතු වඩා කල්පනාවෙන් කල යුතුයි. දෛවයට අභියෝග කරන්නාක් මෙන්ම සිතා බලා මේ චන්ද්‍රයාගේ අපල දුරුකිරීමට ඔබට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුයි. 
ගෘහ ජිවිතය තුල යම් යම් බාධා ගැටළු පැන නැගුනත් ඒවා ඉතාම තාවකාලිකයි. සතිය මැදදී ඔබ විනෝද ගමන් ආදියේ නියැලීමට පුලුවන්. වාසනාවන්ත සතියක් යැයි කිව හැක.
සෞඛ්‍ය තත්වයේ දණිස් කැක්කුම, උරහිස් වල කැක්කුම එසේම යම් තැනකදී මානසික රෝගයක් හෝ එවන් පීඩාවක් ඇතිවිමට පුලුවන්.

● කුම්භ
මේ සතිය හොද සතියක්.
සතිය අගදී නම් ආර්ථික තත්වයට පොඩි අඩුපාඩුවක් විය හැකියි. එසේම ඔබට සතිය මුල් කාලයෙදි ඇතිවන ග්‍රහ බලය නිසා මේ තත්වය නැතිවී යයි. ණය ගනුදෙනු හා සියලුම මුදල් වලින් වැදගත් වන කටයුතු සතිය අවසානයෙදි කරන්න.
ගෘහ ජිවිතය මංගල යෝග උදාවන සතියකි. යාළු මිත්‍රාදින් බලාගෙන කටයුතු කරන්න. වෙන ගැටළු නැත.
සෞඛ්‍ය තත්වය විශේෂ ගැටළුවක් නැතත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. එමෙන්ම රුධිර සංසරණ පද්ධතිය ගැන ප්‍රවේසම් වන්න.

● මීන
මේ සතිය සුබ සතියක්.
මේ සතිය තුලදි කරන කියන සියලු කටයුතු සාර්ථක විය හැකියි. ඔබට නවතාවයෙන් යුක්තව ඉදිරියට යෑමට පුලුවන්. රැකියා කරන අයට නම් මේ සතිය බැංකු ආදි කටයුතු කරන අයට උසස් වීම් වැටුප් වර්ධක ලබාගැනීමට පුලුවන්. කුමන රැකියාවක් කලත් ඔබට එයට අවශ්‍ය පහසුකම නිරන්තරයෙන්ම ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල ඔබට අභියෝග නැහැ. මේ සතියෙදි මංගල යෝග උදා වෙනවා. සතිය මැදදී මිතුරෙක් සමග දුරපලාතකට යෑමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ගුරු ග්‍රහයාගේ ගමනත් සමග සම්මිශ්‍රණයෙන් බලන කල ඔරොත්තු දීමේ හැකියාව අඩුවිය හැක. එනිසා කුඩා රෝගයක් වුවත් එයට බෙහෙත් හේත් ගැනීම මැනවි. 

No comments:

Post a Comment