Monday, July 20, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 21 සිට

● මේෂ
එතරම් ශුභ නැත.
ආර්ථික පැත්ත අඩපණ විය හැක. විශේෂයෙන්ම තමන්ගේ කරන කියන කටයුතු වලට බාධා පැමිණ වී ආදායම් මාර්ග ඇහිරී යාමට ඇති ඉඩකඩ හුඟක් වැඩිය. එසේම තමන්ගේ හවුල්කාර පාර්ශව වලින් ලැබිය යුතු ආදායම නොලැබී යා හැක.
ගෘහ ජිවිතය තුල ගැටළු මතුවේ. පවුලේ සාමාජිකයන් අතරද, විවාහ වී සිටි නම් ස්වාමි-භාර්යාව අතරද යම් ගැටළු මතුවිය හැක. මේෂ ලග්න සියලුම අය මේ සතියෙදි මංගල කටයුතු සම්බන්ධ වැඩ කටයුතු යොදාගෙන ඇත්නම් එයින් බැහැර වීම මැනවි.
සෙම් අසනීප, උදරාබාධ රෝග පීඩා වශයෙන් සඳහන් කල හැක.

● වෘෂභ
එතරම් හොඳ සතියක් නොවේ.
සතියේ මුල් දවස් 2දී යම්කිසි දියුණුවක් ලබාගත්තද එය සතිය මැද වන විට යම්කිසි අර්බුදකාරි තත්වයකට පත්විමට ඉඩ ඇත. එසේම කරගෙන ආ කටයුතු අතරමග අතහැර දැමීමට පවා සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, සතිය මැදදී යම් යම් අර්බුද මතුවිය හැක. ඒ කල්පනාකාරි වන්න.
උදරාබාධ සහ සෙම් අසනීප වලින් විශේෂයෙන් පරිස්සම් වන්න.

● මිථුන
සමඵලයි.
මේ සතිය තුල ආර්ථික තත්වයේ යම්කිසි වර්ධනයක් කරගැනීමට පුලුවන. විශේෂයෙන්ම මිථුන ලග්නයේ තමාගේම රැකියා කරන අයට මේ සතියෙදි ශුභදායක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල හොඳ පරිවර්ථන සිදුවෙන සතියකි. විශේෂයෙන්ම උරුමහරුමකම් ලැබීමද, නව නිවාස වල පදිංචියට යෑමටද මේ සතියෙදි පුලුවන්. තවද දරුවන් සම්බන්ධව යම්කිසි තෘප්තිමත් භාවයකට ඔබ පැමිණෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම් අමාරු, පීනස් අමාරු, හිසේ කැක්කුම ආදිය දක්නට ලැබේ. පරිස්සම් වන්න.

● කටක
හොඳ සතියකි.
ඔබට මේ සතිය මුළුල්ලේම සුභ ඵල ලැබෙන ප්‍රතිශතය ඉතාම ඉහල මට්ටමක පවතී. ඔබට ආර්ථික තත්වය අයහපත් නොවේ. සියලුම ක්ෂෙත්‍ර වල රාජකාරි කරන අයටත්, වෙළද ව්‍යාපාර කරන අයටත් මේ සතිය ඉතාම හොද බව කිව යුතුය.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවේ. දරුවන් සම්බන්ධව ඔබට සතුටු වීමට පුලුවන. එසේම ඔබට සතිය අග වන විට විනෝද වීමට ඇති ඉඩකඩද වැඩි වේ.
සෞඛ්‍ය තත්වයෙන් හිස කැක්කුම, එසේම මානසික අවිවේකතාවය බලපෑ හැක.

● සිංහ
ඉතාම ශුභයි.
චන්ද්‍රයා 2 වැන්නේ සිටිමින් ඇරඹෙන මෙම සතියේදි ඔබගේ වචනයට පවා යම් වටිනාකමක් ලැබේ. ඔබ කරන කියන කටයුතුද මේ සතියෙදි සාර්ථක වේ. එසේම දුරබැහැර සිටින යහළුවෙක්ගෙන්/හිතවතෙක්ගෙන් පවා උදව් ලැබීමට පුලුවන.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. වෙනත් ගැටළු නොමැත. ගෙදර දොරේ ජිවිතය තුල තමන්ගේ බල පරාක්‍රමය පැතිර පවතිනවා ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, පීනස් රෝග, හිස බර ගතිය, උදරාබාධ ආදියෙන් පරිස්සම් වන්න.

● කන්‍යා
මිශ්‍රඵල සහිත සතියකි.
විශේෂයෙන්ම ඔබට මේ කාලයෙදි යම් යම් ආර්ථක තත්වයට බාධක මතුවිමට පුලුවන්. එසේම ඔබගේ දියුණුවට බාධා මතුවේ. ඔබගේ දියුණුවට ඔබගේ ආර්ථික තත්වයේ පරිහානියකට මේ කාලයෙදි යම්කිසි වැඩි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේසමින් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. විශේෂයෙන්ම ඥාතින්ගෙන් සහෝදරයන්ගේ පැමිණීම අපේක්ෂා කල හැකියි. එසේම දුරබැහැර සිටි මිතුරෙක් ඔබ කරා පැමිණීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් ආදි අසනීප රෝග ඇතිවිමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම නම් අවශ්‍යමයි.

● තුලා
සමඵල සතියකි.
සතිය මුල් දවස් 2දි ආර්ථික පාඩු මතුවේ. එසේම කරන කියන කටයුතු වල බිඳ වැටීමක් දක්නට ලැබෙන අතර, නිස්කාරණ වියදම් ඇතිවිමටද, ආර්ථික පාඩුද අපේක්ෂිතය. ඒරාෂ්ඨක අපලයක් ගතවෙන මේ සතියෙදි ඔබ ගිවිසුම් වලට අත්සන් කිරිමෙන් වැලකීම වඩා හොදය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. සතිය අගදී සහෝදරයන් සමග දුරබැහැර ගමන් බිමන් යෙදීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ උදරාබාධ වැනි අසනීප වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
කලකට පසු සමඵල ග්‍රහචාරයකි.
විශේෂයෙන්ම සමඵලත් කිව නොහැක. ඔබට ටික කලකට ඔබ කරගෙන යන කටයුතු වෙනදාට වඩා බුද්ධිමත්ව කිරිම ආර්ථිකය සුරැකීමට හේතු වෙයි. මන්ද මේ සතියේ මැද භාගය ඔබට ඉතාම අශුභ වන්නට ඉඩ වැඩි නිසාය. විශේෂයෙන්ම ඔබ ප්‍රවේසම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විශේෂයෙන්ම ඔබට මේ සතියෙදි දුවාදරුවන් සමග විනෝද විමට නම් කාලයක් ලැබෙනු ඇත. විනෝද ගමන් ආදිය ඒ අතර වෙයි. එයින් ඔබට තරමක මුදල් වියදම් වීමක් වීමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය ආකාරයට ඇත, සෙම් අමාරු ඇත්නම් ඒවායින් පරිස්සම් වන්න.

● ධනු
මේ සතිය සුභදායකයි.
විශේෂයෙන්ම ආර්ථික තත්වයේ නව මංපෙත් විවර වේ. එසේම කරන කියන කටයුතු වල ජයග්‍රහණ හිමි වෙයි. ඔබගේ දියුණුව සැලසේ.
ගෘහ ජිවිතය තුල ඔබට විනෝදයෙන් සිටිමට හැකිය. ප්‍රිය සම්භාෂණ, සංචාර, ඥාතින් නිවසට ඒම ඒ අතර වේ. ඉතාම හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැති වුවත් සතිය අගදී ප්‍රවේසම් විය යුුතුයි, දණිස් සහ කොන්ද ආශ්‍රිත ඒවායින් විශේෂයෙන්ම.

● මකර
ඉතාම හොදයි.
ගැටළුවක් නැහැ. ඔබට වාසනාවන්ත ගනුදෙනු මේ කාලයෙදි සිදුකල හැකියි. විසේස වශයෙන් ඔබගේ ආර්ථිකය මේ සතියෙදි ඉහල යයි. නව මිතුරු සම්බන්ධතා මගින් ඔබගේ ආර්ථිකය ඉහලට ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, ස්වාමි-භාර්යා සම්බන්ධය ඉතාම හොදට පවතී. ඔබගේ ජිවිතයට ප්‍රීතිමත් කාලයක්ම වේ. දුවාදරුවන් සමගද ඉතා සතුටින් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. ලිස්සා වැටිම් සහ හදිසියේ වන තුවාල වලින් පරිස්සම් වන්න.

● කුම්භ
සාමාන්‍ය සතියක්.
සතියේ මුල් දවස් 2 හැරුනු විට ඉතුරු දවස් 2 තුල ආර්ථික තත්වය විශේෂයෙන්ම යහපත්ව පවති. ඔබ ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඉතාම හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව සාමාන්‍ය පරිදි පවති. දුවාදරුවන් සමග සතුටින් සිටිමට පුලුවන්. සතිය අගදී පිටපලාත් වල සංචාරයක් තියෙන්න ඉඩ වැඩියි.
සෞඛ්‍ය තත්වය සතියේ මුල් දවස් 2-3 තුල විවිධ වූ අසනීප වලින් පීඩා විඳින්න පුලුවන්. නමුත් එම තත්වයන් සතිය අගදී පහව යනවා.

● මීන
සමඵල සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි ගත වෙනවා. එහෙත් සතිය මැද දවස් 2 තුල ආයෝජන කටයුතු කල යුත්තේ, ඉතාම ප්‍රවේසම් සහගතව. තවද සතියේ අග දවස් 2 තුල යම්කිසි මේ තත්වයේ අඩුවක් ඇතිවි ආර්ථික තත්වයේ දියුණුව ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. සතිය මුල් කොටසෙදි මංගල යෝග උදාවේ. පෙම් සබදතා සඵල වේ. එසේම නිවසට නෑදෑ හිතමිතුරන් පැමිණේ.
සෞඛ්‍ය තත්වය, ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති පරිස්සම් වන්න.













No comments:

Post a Comment