Monday, February 22, 2016

“ දස දිසා පිරිත “



- සියලු යහපත ගෙනදෙන මෙම දස දිසා පිරිත විශේෂ වශයෙන්, වාස්තු දෝෂ දුරලීමට භාවිතා කල හැක. භූත දොස් දුරුවීමටද, ගෙදර ආරක්ෂාව සහ ඇස්වහ කටහව දෝෂ දුරු කිරීම්, කුඩා දරුවන්ගේ රෝගී තත්වයන් වලටද විශේෂ වශයෙන් ගුණදායක මහානුභාවසම්පන්න පිරිතකි.

- පිරිත සහ එහි දළ තේරුම පහතින් _

දීසාසු දසභාගෙසු
ඨිතා බුද්ධානුභාවතෝ
වේරාදි අන්තරායාපි
විනස්සන්තු අසේසතෝ

ඒවමාදි ගුණෝපේතං
පරිත්තංතං භණාමහේ

පදුමුත්තරෝ පුරස්ථිමායං
අග්ගිමහිචෙච  රේවතෝ
දක්ඛිණො කස්සපෝ බුද්ධෝ
නිරිතේච සුමංගලෝ

පච්චිමේච සිඛීබුද්ධෝ
වායව්‍යාමේධං කරෝ
උත්තරේ පියදස්සීච
ඊසානේ දීපංකරෝ

පඨවියං කකුසංධෝච
ආකාසේ සරණංකරෝ
එවං දස දිසාචෙච
සබ්බෙ බුද්ධා පතිට්ඨිතා

අච්චංතරායා සබ්බේ මෙ
සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා මයිහං
සබ්බීරියා පථෙසුච

යක්ඛාදිදේවතා හීච
රාජ චොරාරි අග්ගිහි
අමනුස්සේහි සබ්බේහි
තිරච්ඡානගතෙපිච

ජාතා උපද්දවා සබ්බේ
විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨෝ
සාරිපුත්තෝච දක්ඛිණෝ
වාමංසේ මොග්ගල්ලානො
පුරතොපිටකත්තයං

පච්චිමේ මම ආනන්දෝ
චතුස්දිසා ඛීණාසවා
සමන්තා ලෝක පාලාච
ඉන්ද්‍රදේවෝච බ්‍රාහ්මච

ඒතේසං ආනුභාවේන
සබ්බුපද්දවපද්දවා
අනේකා අන්තරායාපී
විනස්සන්තු අසේසතෝ

- මෙම පිරිත වතාවක් බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක නිරෝගී භාවය උදෙසා චුල්ල මහරහතන්වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. බුදුවරුන් 10ක් විවිධ දිශා අනුව සිටිමින් ඒ බුදුවරයන්වහන්සේලාගේ ආනුභාවයෙන් මේ බුද්ධ ශාසනයේ බුදුන්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ දකුණු අත මෙන් සැරියුත් මහරහතන්වහන්සේද, උන්වහස්නේගේ වමත මෙන් මුගල් මහරහතන් වහනසේද, ඉදිරියට ත්‍රිපිටකයද, පිටුපසින් ආනන්ද මහතෙරුන්ද, සතර දිශාවටම රහතන් වහන්සේලාද,  ලෝක පාලක ඉන්ද්‍ර දෙවියන් සහ මහා බ්‍රහ්මයාද යන සියලු උතුමන්ලාගේ ආනුභාවයෙන් සියලු දෝෂ, සියලු දුක, සියලු බය දුරුවී සහනය ලැබේවා  යන්න පතයි !

විශේෂ වශයෙන් නිවසේ, ගොඩනැගිල්ලේ පවතින අමනුෂ්‍ය දෝෂ, වාස්තු දෝෂ, හදි හූනියම්, කොඩිවින, ඇස්වහ කටවහ හෝවහ මෙන්ම සතුරු කරදර පවා දුරු කර සියලු යහපත උදා කරදෙන පිරිතකි !

ඔබත් සීලය, ප්‍රතිපත්තිය රැකගෙන නිසි ලෙස පිලිවෙතින් සිට පිරිත කියා ආශිර්වාද ලබාගන්න !

තෙරුවන් සරණයි !

#ඉරුසේවය #පිරිත් #බුදුදහම #ධර්මය #දහම

No comments:

Post a Comment