Tuesday, February 9, 2016

සතියේ ලග්න පලාපලය - පෙබ. 8 සිට

● මේෂ
ඉතාම හොද සතියක්.
ආර්ථිකය ඉතාම ඉහල තත්වයක පවති. අලුත් ආදායම් මාර්ග ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල සමගිය සමාදානය රැකෙනවා, එය වැඩි දියුණු වෙනවා. නිවසින් බැහැර වීමට අවස්ථාව ලැබෙනවා එම අවස්ථා ආර්ථික කටයුතු දියුණු කිරිමට විය හැකියි.
සෙම් අමාරු සහ දණිස් වල යම් අමාරු ඇතිවිමට පුලුවන්. අවධානයෙන් කටයුතු කරන්න.


● වෘෂභ
ඉතාම හොඳ සතියක්.
වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා, ඔබේ දියුණුවට. අලුත් ආදායම් මාර්ග ලැබෙනවා, ඒවා දියුණු කරගැනිමේ වාසනාවද ලැබෙනවා.
ගෘහ ජිවිතයම ඉතාම ප්‍රීතිමත්ව ගතවෙන මේ සතියෙදි වැඩිහිටියන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව ලැබෙනවා. එසේම කරන කියන කටයුතු වල දියුණුවක් ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය හොදින් පවතිනවා. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.


● මිථුන
සමඵලයි.
සතියේ මුල් දවස් 2දි යම් ආර්ථික පාඩු ඇති උනත්, සතිය මැදදි ඒවා යථා තත්වයට පත් වෙනවා. කරන කියන කටයුතු වලට වැඩිහිටියන්ගේ උදව් සහ ආශිර්වාදයන් සතිය මැදදි ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල යම් ආරවුල් ඇතිවිය හැකියි, සතිය මැදදි ඒවා සමාදානයට පත් වෙනවා. නෑදෑ හිතවතුන්ගේ සමාගමය මේ සතියෙදි නියමයි. අලුත් ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා.
සෙම් අමාරු සහ ජලයෙන් බෝවන රෝග වලින් ආරක්ෂා වන්න.


● කටක
මේ සතිය ශුභාශුභ මිශ්‍රපලයි.
සතියේ මුල් දින 2 ඔබට ඉතාම හොදයි. හවුල් ව්‍යාපාර කරන අයට සහ වෙලහෙලදාම් කරන අයටත් වාසි සහගත තත්වයක් උදා වෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. අවිවාහක අයට මංගල යෝග උදා වෙනවා. අඹුසැමි සබදතා ඉතා හොද තත්වයක පැවතුනත් සතිය මැදදි යම් ගැටළු ඇතිවිය හැකියි, ආරක්ෂා වන්න. වැඩිහිටියන් සහ දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටින මේ සතිය ඔබට හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. උෂ්ණාධික රෝග, අක්ෂි රෝග, සෙම් රෝග, ඇඟපත අමාරු ආදිය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.


● සිංහ
එතරම් ප්‍රතිඵලදායක සතියක් නොවේ.
ආර්ථික වාසි ඇතිවිම කඩාකප්පල් වී යයි. එසේම කලින් යොදාගෙන තිබු වැඩකටයුතු අඩාල වීම නිසා සිතේ සහනයද අඩුවි යයි. තමාට දෙන්ට තිබු ණය මුදල් නොලැබෙන මේ සතියෙදි තමා ණය වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය මේ කාලය තුලදි ඉවසීමෙන් කටයුතු කල යුතුය. ඔබ මෙම සතියෙදි සහෝදරයන්ට සහ මවට දෝෂාරෝපණ එල්ල කිරිමට ඉඩ ඇත. එසේම ඔවුන් සමග මුදල් ගනුදෙනු නොකිරිම ඇඟට ගුණය. එසේ කලොත් ඔවුන් ඔබගෙන් නිස්කාරණයේ බැනුම් ඇසිමට ඉඩ ඇත. සතිය අගදි ඔබට විශේෂ වරප්‍රසාද ලැබෙන හෙයින් ඔබ මේ සතිය තුලදි මනා සංයමයෙන් සහ ඉවසීමකින් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ තිබෙන අසනීප වැඩිවිය හැකියි, සෙම් රෝග, අම්ලා අජීර්ණ රෝග, රහස් ලෙඩ යනාදිය.
මේවායින් ආරක්ෂා වන්න.


● කන්‍යා
සමඵලයි.
සතිය ආරම්භය ප්‍රබෝධමත්, ඒ තිබු මානසික ප්‍රබෝධය සතිය මැදට යන්ට යන්ට අඩු වෙනවා. ආර්ථික තත්වයට හානි වන්නේ ඔබගේ කටයුතු වලට ලගින් සිටිය අය ඔබව අත්හැරිම හෝ විශ්වාසය බිඳීම නිසා ඔබගේ  කටයුතු වලින් ඔවුන් ඈතට යාමට පුලුවන්. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල යම් විචල්‍ය තත්වයක් ඇතිවිමට පුලුවන්. එම කටයුතු වල බාධක ඔබට එල්ලවිමට පුලුවන්. එනිසා ඒවායින් ආරක්ෂා වීම ඔබට වැදගත් වනු ඇති.
සෞඛ්‍ය තත්වය තරමකට අයහපත්. ඔබ පවතින ලෙඩ රෝග සහ බෝවන ලෙඩ රෝග වලින්ද ආරක්ෂා විය යුතුයි.


● තුලා
සාමාන්‍ය සතියකි.
සතියේ මුල් දින කීපය ඔබට ඉතාම හොදයි. ආර්ථික වාසි සැලසේ, මුදල් යොදවා කරන කටයුතු වලින් ලාභ ප්‍ර
යෝජන ලැබෙනවා. නව ව්‍යාපාර ඇරඹීමට හැක.
ගෘහ ජිවිතය තුල සතුට ලැබෙනවා. දුවාදරුවන් සමග බිරිද සමග සැමියා සමග සතුටින් සිටිමට හැකියාව ලැබෙනවා. අලුත් නෑදෑ හිතමිතුරුකම් ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය අයහපත් නැහැ. පපුවේ සෙම් රෝග ඇති අය, හිස කැක්කුම් ඇති අය පරිස්සම් වන්න.



● වෘශ්චික
ඉතාම සුබ සතියක්.
ආර්ථික තත්වය ඉතාම යහපත් වනවා. තමාගේ පවුලේ හිතවතුන්, ඥාතින් ආර්ථිකයට මුදල් අතින් උදව් කරනවා. ව්‍යාපාර කටයුතු වලට යටිතල පහසුකම් ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. නෑදෑ හිතමිතුරන් නිවසට පැමිණීම. අලුත් හිතමිතුරුකම් ඇතිවිම ඔබට මේ සතියෙදි සිදුවේ. මංගල යෝගද යෙදේ. දුරබැහැර ගමන් යෙදිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටලු නැ. හිස කැක්කුම්, පපුවේ සෙම යනාදියෙන් ආරක්ෂා වන්න.


● ධනු
ඉතාම ධන යෝග සතිය කාලයක්.
ඔබගේ උත්සහයෙන් මහන්සියෙන් සහ හැකියාවෙන් ප්‍රයෝජන ගැනිමට පුලුවන්. නව රැකියා අවස්ථා සහ ව්‍යාපාර ආයෝජන අවස්ථා ලැබෙනවා. විදේශ රැකියා කරන අයට දක්ෂතා අනුව වැටුප් වර්ධක හිමිවිය හැකියි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා. ඔබටද අලුත් ඥාති මිතුරු සංගම් ඇතිවෙනවා. අවිවාහක අයට මංගල යෝග උදා වේ. සිත ප්‍රීතියෙන් පිරේ.
සෞඛ්‍ය තත්වයේ ඔබ සැලකිය යුත්තේ, ආරක්ෂා විය යුත්තේ සෙම් සහ ඇඟපත වේදනා වලින්ය.


● මකර
ඉතාම ශුභ බව කිව යුතුයි.
ආර්ථික වාසි සැලසෙන්නේ ඔබගේ ප්‍රියමනාප විලාශයටමයි. කතා විලාශයට, ඔබගේ රූප ශ්‍රීයට මේ සතියෙදි බොහෝ වාසි ලැබෙනවා. හවුල් ව්‍යාපාර, නව ව්‍යාපාර අවස්ථාවන් ලැබෙනවා. ඔබ බොහෝසෙයින්ම ඉහලට ඒමට මේ සතිය තුල හැකියාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතිමත් වන මේ කාලයේ, අඹුසැමි ප්‍රේමය ඉතාම දළුලා වැඩෙනවා. ඔබ බිරිදට/ස්වාමියාට මේ සතියෙදි තෑගිබෝග අරන් දීමට සිත් පහල වෙනවා. ඒ අතර පෙම්වතුන්ගේ දිනයද පැමිණෙනවා. අඹුසැමි ප්‍රේමයට ඉතාම හොදයි.
ප්‍රබල ගැටළු නෑ, සෞඛ්‍ය තත්වයේ, සදු 1-2-3 හැසිරෙන නිසා සෙම් රෝග සැලකිලිමත් වන්න.



● කුම්භ
ඉතාම ශුභපලදායක සතියකි.
සතිය මුල් කොටසෙදි ආර්ථික තත්වයේ පොඩි පසුබෑමක් තිබුනද, සතිය මැදදී මේ තත්වයන් අවසන් වේ. එසේම ඔබට සියලු ආර්ථික තත්වයන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඔබට බොහෝ කටයුතු සාර්ථක වීමට මේ සතියෙදි වාසනාව තිබෙනවා.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම හොදයි. අඹුසැමි ප්‍රේමය ඇති වෙනවා. දුවාදරුවන් සමග සතුටින් සිටිමට පුලුවන්. ඔබව කලකින් නොදුටු යාළුවෙක්, මිතුරෙක් ඔබව සොයාගෙන ඒමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත්. සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.


● මීන
මේ සතිය සාමාන්‍ය සතියකි.
ඔබගේ කටයුතු කිරිමට බාධක ඇති වෙනවා, සතිය මැදදී. ඒවායින් ආරක්ෂා විය යුතුයි. නැතිනම් ඔබට යම් ගැටළුවකට මුහුණ පෑමට සිදු වේවි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. දුරබැහැර ගමන් බිමන් යෙදීමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වලට ගෙදරින් සහයෝගය නොලැබී යාමේ අවදානමක්ද පවතිනවා. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෙම් රෝග සහ ඇඟපත වේදනාව යනාදියෙන් පරිස්සම් වන්න.

_____

මැණික් පැලදීම
https://www.youtube.com/watch?v=4V2Y-unhhlk






No comments:

Post a Comment